_°77°_

601 135 71
                                    

කුඩා ඇයව සැනසීම අවශ්‍ය වුවත් මේ මොහොතේ රාජ්‍ය වැටී පවත්නා අනතුරුදායක තත්වය ඉදිරියේ එය කල නොහැක්කක්ව තිබූ නිසා දෙව්දාර් භාති වෙත සිය හිසින් සන් කල අතර භාති විගස පැමිණ දැරියව ආරක්ෂිත ස්ථානයකට රැගෙන යාමට වග බලා ගත් අතර...සේනාව මාරුතයක වේගයෙන් සූර්‍ය මාලිගය දෙසට ඇදෙන කල දස්කාල් දෙව්දාර් වෙත දෑසින් කල සන්කිරීමෙන් අනතුරුව කිසිවෙකුට නොදැනෙන සේ සේනාවෙන් ඈත්ව භාති පිටවූ දෙසට රුද්‍රාව හැසිරවුවේය.....

අවසානයේ භාති අසලින් රුද්‍රාව නැවතූ දස්කාල් ඔහු මතින් බැස භාතිගේ හස්තයක් අල්වාගෙන සිය සොහොයුරියවත් අසලින් තබාගෙන සිටි කුඩා දැරිය වෙත ඇවුද ගියේය...

"ඔබ කිසිවකට බිය නොවන්න....මෙහි කිසිම අයෙකු හට අංශුමාත්‍රයක හිරිහැරයක් සිදු නොවීමට ඔවුන් වගබලාගන්නා බවට මා තහවුරු කරන්නම්...ඔබ බිය නොවී මේ ඔබේ කුඩා සොයුරියව ප්‍රවේශමෙන් බලාගන්නකො මේ වාතාවරණය මදක් අහවර වන තෙක් එකගනෙ..."

දස්කාල් පවසනා විට ඈ හිස වැනුවාය..

"ඔබ එසේනම් මෙහි සිටින්න...බිය නොවන්න...මේ සියල්ල විගසින් අවසන් වනවා..මෙහි ඔබට ආරක්ෂිතයි...අප පිටව යායුතුයි...අපට තිබෙනවා කුඩා රාජකාරියක් ඉටු කරන්න"

මිනිසුන් ආරක්ෂිතව රැදී සිටි නිවාසයක් වෙත දැරියව යැවූ භාති අවසන් වදන පවසන විට දස්කාල් කටකොනින් සිනහ සී වෙනතක් බලා ගත්තේය...

"එසේ නම් චක්‍රා...අප මේ ක්‍රීඩාව අවසන් කරමු"

දැරියව පිටත් කල පසු දස්කාල් රුද්‍රා මත නගිනා විට භාති පැවසුවේ දස්කාල්ගේ සමච්චල් සිනහව ඇසෙනා විටදීය...

"නිසැකයෙන්ම භාති..එසේනම් දැන් ඔබේ රුදිරය නොමැතිව මලකඩ කෑ චක්‍ර වලින් ප්‍රයෝජනයක් ගත හැකි වේවි"

දස්කාල් දෑස් නටවමින් පවසනා විට භාති මහ හඩින් සිනහ සී අශ්වයා වේගවත් කලේය

නගරයෙන් පිටත මෙන්ම කෙමෙන් කෙමෙන් නගර මධ්‍යට ලං වන විට අසුරයන් සිදු කර තිබූ විනාශය දෙව්දාර් ඇතුලු පිරිසට දිස් වූයේ නගරය යලිත් පෙර තිබූ තත්වයට පත් කිරීමට සූර්‍ය රජු හට මහත් පරිශ්‍රමයක් දැරීමට වන බව පසක් කරමින් ය...

°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]Where stories live. Discover now