chapter 46

1K 228 84
                                    

කුතුහලයත් එක්ක දොර ඉස්සරහා හිටගත්ත ජින්ගේ එක අතක තිබ්බේ කොස්සක්..

එයාව ප්‍රශ්න කරන්නෙපා..කවුද රෑ 12ට ලං වෙලා මිනිස්සුන්ගේ දොරවලට තට්ටු කරන්නේඑ.

හොල්මන්ද..

ජින් ඇස් දෙකත් ලොකු කරන් දොර දිහා බලන් ඉඳලා හොඳ හුස්මක් ගත්තා..

'අම්මපා හොල්මනක් වුනත් ජිනී..යො ද ජීනියස්..පොයින්ට් කරන්න වීක් පොයින්ට් එක..'

'හොල්මන කියන්නෙත් මැරිච්ච මනුස්සයෙක්නේ.ඔයාට අවුලක් වෙන්නෑ'

අන්තිමට ලොකු හුස්මක් ගත්ත ජින් දොර ඇරිය ගමන් අතේ තිබ්බ කොස්ස උස්සලා ගත්තේ ගහන්න..ඒත් එයාට කලින් ක්‍රියාත්මක වුන එයාගේ ඉස්සරහා ඉන්න මනුස්සයා කරපු දෙයින් ජින් ගල් ගැහුනා..

ශක්තිමත් අත් දෙකක් දැඩි පපුවකට තමන්ව තද කරගන්නකොට එයාට දැනුනා එයා ගහන්න ගියපු 'හොල්මන' තමන්ගේ බෙල්ල අග සීතල හුස්ම මුදාහරිනවා..

කාගෙවත් හදිසි බදාගැනීම් වලට ලෑස්ති වෙලා හිටපු නැති ජින් තුන්පාරක් ඇහිපිල්ලම් ගැහුවා..

"යා..යා..හො.හොල්මන..මො"

අන්තිමේදි ඇස් ඇරලා බලපු ජින් හුරුපුරුදු සුවඳින් තමන්ගේ පපුව පුරවගත්තා..

"න.නම්ජුන්..යා.මොකද මේ වෙලාවේ මගේ ගෙදරට කඩා පැනලා කරන්නේ..අනික..මො.මොකක්ද..මේ..යා..මට හෙට ඔෆිස් යන්නත් තියෙනවා..අතාරින්න.අතාරින්නෝඕඕඕඔ"

ජින් එක පාරට බෙරිහන් දෙන්න ගද්දි පස්සට වුන නම්ජුන් ජින්ගේ කට අතකින් වැහුවා..

ඒ වෙලාවෙයි ජින් නම්ජුන්ගේ ඇස්වල තියෙන දිලිසෙන කඳුලු දැක්කේ..

"යා..යොයා හොජින්ඩ"

ජින් නම්ජුන්ගේ අතට මුමුනද්දි නම්ජුන් තමන්ගේ අත පස්සට ගත්තා..

"යා.යා..කවුද ඔයාට මොකුත් කරේ..කාටද එච්චර හයියක්..ජින්ගේ කෙනෙක්ට අත තියන්න..මේ කිම් සොක්ජින්ගේ..කවුද ඔය කැලෑ කටුස්සා..දැනගන්නවා..මං...මම්ම්මම්ම්ම්ම්"

එක පාරටම තමන්ගේ තොල් මෘදු දෙයකින් වැහිලා යද්දි ජින්ට ඇස් දෙකත් ලොකු කරන් තමන්ගේ තොල් අයිතිකරන් ඉන්න නම්ජුන් දිහා බැලුවා..කොයිතරම් පුදුමෙකින් ජින් ඉඳියද කියනවනම් එයාගේ අතේ තිබ්බ කොස්සයි වීදුරු මල් පෝච්චියයි සැනෙකින් බිමට වැටුනා..

Cry baby 2 (Jikook)[COMPLETE]Where stories live. Discover now