chapter 20

1.3K 304 166
                                    

ලොකු දුඹුරු පාට දොරක් ගාව හිටගෙන ඉඳපු උස තරුනයා නැවත වරක් හුස්මක් පහලට දැම්මා..

'ඔයාට මේක කරන්න පුලුවන් නම්ජුන්'

දොර උඩින් තමන්ගේ සවිමත් අත තියපු නම්ජුන් ආයෙත් අත පස්සට ගත්තේ දොර ලඟ ඉන්න මනුස්සයට සීතල බැල්මක් දාන ගමන්..

"මං ඇතුලට ගියාට පස්සේ දොර එලියෙන් ලොක් කරලා විනාඩි 10කින් ආපහු එනවා."

කාට හරි ඇහෙයි වගේ හිමීට කියපු රතු පාට සූට් එකකින් සැරසුනු කෙනා තමන්ගේ පිටු පස සඟවා තිබුනු දෙයක් නපුරු පෙනුමක් තියෙන මනුස්සයගේ අතින් තිබ්බා..

"සර් ඒත් ගන් එක නැතුව...
"මට මං ගැන බලාගන්න පුලුවන් දැන් යනවා"

කියන්නට ගිය දෙය නවත්තපු හැඩි දැඩි කෙනා නම්ජූන්ට ආචර කරලා ගියේ නම්ජූන්ගේ ගන් එකත් අරගෙන..

අන්තිමට විනාඩි 2කට පස්සේ එයා දොර ඇරගෙන ඇතුලට ගියා.

ඇඳ උඩ වාඩි වෙලා 3වෙනි චිකන් නූඩ්ල්ස් සුප් එකත් ඉවර කරන ගමන් හිටපු ජින් ඔලුව උස්සලා බැලුවේ දොරක් ඇරෙන සද්දේ නිසා..

එයාගේ ඉස්සරහා රතු පාට සූට් එකකින් සැරසුනු උස කෙනෙක් අනතුරක් බලාපොරොත්තුවෙන් බලන් ඉන්නවා එයා දැක්කේ..

"වුවා වවුද"

ජින්ගේ නූඩ්ල්ස් නිසා පිම්බුනු කම්මුල් දිහා බලාගෙන හිටපු නම්ජූන් පියවි සිහියට ආවේ එයා ජීවිතෙට අහලා නැති අලුත් භාශාව නිසා..

නූඩ්ල්ස් පුරෝගෙන් ජින් කියපු දේ තෙරුන්ගන්න බැරි වෙච්ච නම්ජූන් ඇහි බැමි දෙක උස්සලා ජින් දිහා බැලුවා..

ජින් ඉක්මනින් තමන්ගේ නූඩ්ල්ස් ටික ගිලලා දැම්මේ නම්ජූන් තමන්ගේ කට උඩින් අතක් තියාගෙන හිනා වෙද්දි..

අනිවාරෙන් එයාගේ කම්මුල වල ගැහිච්ච හැටි ජින්ගේ අවදානෙට ලක් වුනා.

"ඔයා කවුද"

නම්ජූනේ ඒ ප්‍රශ්නේ ගැන ටික වෙලාවක් කල්පනා කරන්න ගත්තා..

"දැන්ම මං කවුද කියලා දැනගන්න ඕන්නෑ.....ඒක නෙමෙයි සොක්ජින් ඇයි ඔයා පොඩ්ඩක්වත් බය වෙලා නැත්තේ"

Cry baby 2 (Jikook)[COMPLETE]Where stories live. Discover now