"අ..අප්පගේ..න.නම..ජ..ජංකුක්"
ජේමින්ගේ කටින් ඒ නම පිටවුනා විතරයි ජිමින්ට දැනුනේ එයාගේ හදවත එක පාරට නවතිනවා වගෙ..
'ජේමින්ගේ අප්පා..'
'ජේමින්ගේ අප්පා ජංකුක්'
'ජංකුක් එනකම් ජේමින් බලන් හිටියේ'
'එයා මෙච්චර කල් ජෙමින්ව තනි කරා කියලා හිතින් බැන්නේ ජංකුක්ට..'
'අන්කල්ට පුලුවන්ද මගෙ අප්පට ඉක්මනට එන්න කියන්න'
'මට අප්පා නැතුව පාලුයි'
'අප්පා එක්ක තරහා ගන්නෙපා අප්පා ජේමින්ට ආදරෙයි.'
'අප්පාන්කල් අප්පා ඉක්මනට එනවා කීවද?'
'ජිමින්.....මට යන්න දෙන්න ප්ලීස් මං ඔයාගෙන් බැගෑපත් වෙනවා..මං එනකම් කෙනෙක් බලාගෙන ඉන්නවා..'
හැම දේම හීයක් වගේ එක දිගට ජෙමින්ගේ මතකෙන් ගලාගෙන එනකොට ජිමින්ගේ හිතේ දැනෙන්න ගත්ත ආවේගෙට සමානව එයාගේ හද ගැස්ම වැඩි වෙන්න ගත්තා..එයාට එයාගේ ඉස්සරහා බය වෙලා බලන් ඉන්න ජෙමින්ව පේන්නෙත් නැති වෙලා ගියේ ඇස් දෙක කඳුලු නිසා බොඳ වෙන්න ගත්ත නිසා
මේ අතර කුස්සියේ ඉඳන් යූරින් ආවේ ගෙදර යන්න කලින් ජේමින්ට සමු දෙන්න..
එයාට හම්බුනේ සාලේ තනියම පොතක් ගාව දන්ගහගෙන අඬන පුංචි ලමයව විතරයි..
"බේබි...ඇයි මේ අඬන්නේ.."
"අප්පා..අ.අප්පා.. බය වෙලා හිටියේ...එයා ගියා.. "
ඉක්කාවා මැදින් අමාරුවෙන ජෙමින් කියන දෙ තේරුම් ගත්ත යූරි දොර දිහා බැලුවත් ඒ වෙනකොටත් ජිමින් එලියට ගිහින් ඉවරයි..
"මේ වැස්සේ සර් කොහෙද ගියේ..."
****************
ටික වෙලාවක් වාහනේ පදවන් ගිය ජිමින් වාහනේ නැවැත්තුවේ හුරු පුරුදු පාලමක් ලඟ...ඒ වෙනකොටත් වැහි බිංදු පොදින් පොද වැටෙන්න පටන් අරන් තිබ්බේ..වාහනෙන් එලියට බැහැපු ජිමින් පාලම අත් වැට ලඟට ගියා..
ටික වෙලාවක් සද්ද නැතිව හිටපු එයා හිමින් සැරේ හිර කරන් ඉඳපු ඉකිය පිට කලා..
YOU ARE READING
Cry baby 2 (Jikook)[COMPLETE]
Fanfictionසමහර යක්ශයින් බිහිවෙන්නේ උපතින්මයි.. ඒත් සමාජේ වැරැද්දක් නිසා සුරදූතයෙක් යක්ශයෙක් වෙන්නත් පුලුවන් නේද.. ඒත් ඒ සුරදූතයා මියැදෙනවද.. නෑ එක පුන්චි රෝස මලකට පුලුවන් වේවි ඒ සුරදූතයා ආයෙත් ඇහැරවන්න.. ඒ වගේම බිඳුනු හදවත් දෙකක් එකතු කරන්නත්.. ❤️❤️❤️❤️❤️❤️❤️...