chapter 10

1.3K 320 79
                                    

ඔන්න අදත් දිග චැපියක්..හී හී

***********************************

හොස්පිට්ල් එකට වෙලා ටික වෙලාවක් ගත කරපු ජිමින් හවස් වෙනකොට ගෙදර ගියේ ජංකුක් ජෙමින් දෙන්නාව තනි කරලා... ගෙදර පුරා පොඩ්ඩාගේ සද්දේ නැතුව පාලුවට ගිහින් තිබ්බත් දැන් ජිමින් ඉන්නේ දුකින් නෙමෙයි..එයාට ආයෙත් බලාපොරොත්තුවක් තියෙනවා..එයාගේ හා පැටියාට තාමත් එයාව ඕනේ කියලා එයාට බලාපොරොත්තුවක් තියෙනවා..

රෑ වෙලා නිසා දත් මදින ගමන් ජිමින් washroom එකේ කන්නාඩිය දිහා නොසැලකිල්ලෙන් බැළුවා..එක පාරක් කන්නාඩියෙන් පේන තමන්ගේ ප්‍රතිබිම්බේ දිහා නොසැලකිල්ලෙන් වගේ බලපු ජිමින්ගේ ඇහැ ගැටුනේ එයාගෙ බෙල්ලේ තියෙන රතු පාට සලකුන දිහා..

සලකුනට හේතුව මොකක්ද කියලා කල්පනා කරද්දි තමයි ජිමින්ට මතක් වුනේ ජංකුක් අද උදේ බෙල්ල තද කරලා අල්ල ගත්ත නිසයි මෙහෙම රතු වුනේ කියලා..

ජංකුක්ගේ අත මැද්දට තද වෙලා අමාරුවෙන් හුස්ම එකතු කර ගත්ත හැඨි මතක් වෙලා ජිමින් නොදැනිම කට කොනට හිනාවක් ගියා..

'මොකක්'

'මට පිස්සුවත් හැදීගෙන එනවද'

'බෙල්ල මිරිකුව එකක් මතක් කරලා හිනා වෙන්නේ'

ඔලුවත් ඇල කරන් කල්පනා කරපු ජිමින් හිමීට සුසුමක් පිට කරා..

'මං හෙට ජංකුක්ට කතා කරන්න ඕනේ'

තාමත් ජිමින් ජංකුක් දෙන්නා බැල්මවල් කිහිපයක් හුවමාරු කරත් දෙන්න වෙච්ච දේවල් කිසි දෙයක් ගැන කතා කරේ නෑ...ජිමින්ට නම් ඕන වුනේ නැවතත් තිබිච්ච හිතවත් කම ගොඩනගාගන්න....

එයාට දැන් ඕනේ අවුරුදු 7කට කලින් ඉඳපු එයා බවට ආයෙත් පත් වෙන්න..

එයාට ඒකට ජංකුක්ගේ උදව් ඕනේ..

ඒත් තමන්ව මරන්න හදපු පරන හොඳම යාලුවාට එයා උදව් කරන්න කැමති වෙයිද.?

***************************

ජිමින් උදේ නැගිට්ටේ සීතල හුලං පාරක් ඇඟ දිගේ වැදීගෙන යනකොටයි..වෙනදාට වඩා අද හුලඟේ සිතල ජිමින්ට දැනෙනවා..මොකද වෙනදා නම් මේ වෙලාවට ජිමින් ඇහැරෙන්නේ එයාගේ බඩ උඩ අත් දෙකයි කකුල් දෙකයි දෙපැත්තට දාගෙන සැපට නිදා ගෙන ඉන්න ජෙමින්ගේ උනුහුමත් එක්ක..

Cry baby 2 (Jikook)[COMPLETE]Where stories live. Discover now