chapter 40

1K 240 110
                                    

Flashback..

"මොකක්"

කට කොනකින් සමච්චලේට වගේ හිනා වෙච්ච ජංකුක් තමන්ගේ හොඳම යාලුවගෙන් ඇහුවා..

හුස්මක් පාතට දාපු ටේ තමන්ගේ නලල ඇඟිලි දෙකකින් පිරිමැද්දේ ජංකුක්ට කොහොමද ඇත්ත පැහැදිලි කරන්නේ කරන්නේ කියලා හිතන ගමන්..

එයා මූන දීපු ලොකුම ප්‍රශ්නේ..

අනිවාරෙන්ම ඒක ගොඩක් අමාරුයි ජංකුක් ලේසියෙන්ම නිගමනවලට පැනලා දැන් ඉන්න කෙනාගෙන් සම්පූර්න වෙනස් කෙනෙක් බවට ඊලඟ තත්පරේ වෙන කෙනෙක් බව ටේ දන්න නිසා..

"මේකයි..ජංකුක්..මේ."

"උබ කියන්නේ අර..අර..ජිමින්ට මට වෙඩි තියන්න..මාව උස්සන් ආව මනුස්සයා..අර මැරයා..අර මිනීමරුව.."

ජංකුක් ජේමින් ඇහැරෙන හින්දා රහසින් වගේ කිව්වේ ගොඩක් කලබලේකින්...

තමන්ගේ පපුව හරහා වේදනාවක් ඇදෙද්දි ටේ හුස්මක් පාතට දැම්මා..

"උබට හිතෙන දේ මට..තේරෙනවා ජංකුක් මං කතා කරලා ඉවර වෙනකන් ටිකක් අහගෙන ඉන්නවා.."

ටේ හිතුවත් වගේම ජංකුක් මෙච්චර වෙලා හිටපු සැහැල්ලු මානසිකත්වෙන් නිදහස් වෙලා ටේ දිහා බලන්න ගත්තේ කල්පනාකාරි පෙනුමකින්..

"ආයිශ්..උබට දැන් මාවත් සැකයි..මේ අහපන් උබට ඕන ප්‍රශ්නයක් මගෙන් අහපන් හැබැයි.ඔය විදියට ඔරවන් ඉන්නෙපා..උබ එදත් මගේ හොඳම යාලුවා අදත් එහෙමයි හෙටත් එහෙමයි..මං කවදාවත් උබට බොරුවක් කලෙත් නෑ.."

ටේ බලාපොරොත්තු කඩ වෙච්ච හඬින් අමනාපෙන් වගෙ කියද්දි තමන්ගේ කල්පනාකාරි බැල්මෙන් මිදුන ජංකුක් කටින් තියුනු හුස්මක් පිට කලා..

"හරි..ඇයි මං මෙච්චර කල් උබව ආශ්‍රේ කරලා අඩු ගානේ උබට හ්‍යුන්ග් කෙනෙක් ඉඳියද කියලවත් දන්නැත්තේ..ම්ම්?"

"මොකද....නම්ජුන් ගෙදරින් ගියේ මං උබව හම්බෙන්න අවුරුද්දකට විතර කලින්..ඊටපස්සේ අපේ ගෙදර හැමෝම සැලකුවේ නම්ජුන් ගෙදර කෙනෙක් නෙවෙයි වගේ.මං වුනත්...එයා..එයා යන්න කලින්..කිව්වා..එයා..තවදුරටත් මගේ..මගේ හ්‍යුන්ග් නෙමේ කියලා"

Cry baby 2 (Jikook)[COMPLETE]Where stories live. Discover now