chapter 26

1.2K 266 91
                                    

"ජේමින් කියන එක අහන්න ඔයාට ඕක අඳින්න බෑ.."

"ඒත්..ජේමින්..මේකට ආසයීඊඊඊඊඊඊඊඉ"

රස්නි කාලගුනයක් අතරේ තමන් පොඩ්ඩට අලුතින් අරන් දීපු ස්වීටර් එකක් අතේ තියන් ඉන්න යටි තොලත් පිට පෙරලන් ඉන්න පොඩ්ඩා දිහා බලන් ජිමින් හුස්මක් පිට කලා..

ජංකුක් එන්න පරක්කු වෙන්න ගත්ත නිසා ජේමින්ගේ බලාපොරොත්තු කඩ වුන පෙනුම දැකපු ජිමින් තීරනය කරේ ජේමින්ගේ අවදානේ වෙන දේකට දෙන්න ඕනේ කියලා..

ඒ විදියට දැන් ජිමින් ජේමින් දෙන්නා ජංකුක්ගේ කාමරේ අල්මාරිය ගාව හිටන් ඉන්නවා..
ඇඳ උඩ ජේමින් අඳින්න බෑ කිව්ව ඇඳුම් වගේම බිම පුරා ජේමින් විසි කරපු ඇඳුම් කීපයක්..

"කියන එක අහන්න..ටික වෙලාවකින් ඕක ඔයාට එපා වෙයි පැටියෝ"

"ඒත් මට ඕනේ...මට ඕනේ..මට ඕනේමයි අඳින්න"

බිම අඩි හප්පන ජේමින් දිහා ජිමින් බැලුවේ විශ්වාස කරන්න බැරි බැල්මකින්...
අල්මාරිය දිහා බැල්මක් හෙලපු ජිමින්ගේ අදහස නම් වෙනස් වුන්නෑ..

"ආ...මිනී පැටියා මේක බලන්න..මේකත් අප්පාන්කල්මනේ අරන් දුන්නේ මේක අඳිමු.."

ස්වීටර් එකට වඩා සුවපහසු ඇඳුමක් එලියට අදින ගමන් ජිමින් කියලා ජේමින් දිහා බැලුවා..

"ඔයා....."

ඇඳේ තියෙන පොඩ්ඩගේ ඇඳුම් ගොඩට අතට ගත්ත ඇඳුමත් එකතු කරපු ජිමින්ගේ මූනට ආරුඩ වුනේ තරහක්..

කිසිම උදව්වක් නැතිව ජිමින්ගේ කීම අහන්නේත් නැතිව ජේමින් ස්වීටර් එක තනියෙන් ඇඳන්..

ඒත් ජිමින්ගේ තරහා වාශ්ප වෙලා ගිහින් හිනාවක් ආවේ ජේමින් ඇඳලා තියෙන්නේ ස්වීටර් එකේ ඉස්ස්‍රහා පිටුපස මාරු කරගෙන කියලා දැකලා..

"හරි හරි..එහෙනම් ඔන්න ඕක අඳින්නකෝ..මං ඔයාට තව ඇඳුමක් ගන්නම්කෝ..ටිකකින් ඔයාට තේරෙයි මං කිව්ව එක.."

ඇස් ගිලෙන හිනාවක් එක්ක කියපු ජිමින් ලොකු වෙලාවක් ඝිස්සේ තිබුනු තොල් පෙරලීම වෙනුවට ලොකු හිනාවකින් තමන්ගේ ජයග්‍රහනය සමරන පොඩ්ඩගේ කෙස් ඇඟිලිවලින් අවුල් කරන ගමන්..

Cry baby 2 (Jikook)[COMPLETE]Where stories live. Discover now