"මට නිකමට දැනගන්න පුලුවන්ද ඇයි අපි මෙච්චර මිනිස්සු ඉන්න තැනකට ආවේ කියලා.."
නම්ජූන් ගෝශාකාරි වටපිටාවේ සැකෙන් ඇහැ යවන ගමන් එයාගේ එහා පැත්තේ හිටපු කෙනාගෙන් ඇහුවා..
ඒත් ජින්ට නම් නම්ජූන්ගේ කට හඬවත් අඩු ගානේ ඇහුනේ නෑ..එයා ප්ලෑන් කරලා තිබූ විදියට අලුතින් හම්බුන ඩිම්ප්ල් මනුස්සයව බංකොලොත් කරලා මුලු සෝල් නගරේ වටාම යන්න නොඉවසිල්ලෙන් එයා හිටියේ..
"අපි යන්"
නම්ජූන්ගේ ඇඟේ හැප්පිගෙන ගිය මනුස්සයා දිහා දවා අලු කරවන් බැල්මක් හෙලලා ජින්ගේ කට හඬට ඔලුව හරෝනකොටත් එයා හිටියේ තනියම...
"සොක්ජින්..මං එනකන් ඉන්න"
අන්තිමට තමන්ගේ දිග කකුල් වලට පින් සිද්ද වෙන්න නම්ජූන්ට ජින් ලඟට යා ගන්න පුලුවන් වුනා...
"මේ..මේ..ඔයා..ලඟට එන්න.."
ජින් ඇගිල්ලකින් නවලා නම්ජූන්ට කියනකොට නම්ජුන් තමන්ගේ පිටිපස්ස බැලුවා..
"යා..ඔය හිනා වෙනකොට මූන වලක් තීන කෙනා..ඔයාට එන්න කිව්වේ"
නම්ජූන් කුතුහලෙන් ජින්ගේ අනට කීකරු වුනේ හරියට බලු පැටියෙක් වගේ..
"ඔව්.."
"මට කියන්න මේ 3න් මොකක්ද හොඳ"
ජින් තමන්ගේ දිග ඇඟිල්ලක් පෙට්ටියක දාලා තිබුන පුංචි මුදු 3කට දික් කරලා නම්ජූන්ගෙන් ඇහුවා..
දැනටමත් ජින් තමන් එක්ක පහසුවෙන් ඉන්නවා කියලා හිතලා නම්ජුන් හිනා වෙලාම මුදු 3 දිහා බැලුවා..
"ම්ම්..ලොකු වෙනසක් නෑනේ..එකක් ත්‍රිකෝන,අනික් එක සමචතුරස්‍ර,අනික් එක රවුම්"
"ඉතින්?හැඩේ වෙනස්නේ"
"ම්ම්..එහෙනම්....රවුම් එක හොඳයි"
"හරි අපි ත්‍රිකෝන එක ගමු"
නම්ජූන් ඇහි බැමි දෙක ලං කරන් ජින් දිහා බලද්දි ජින් අහිංසක හිනාවකින් මූන පුරෝගත්තා..
"මං ඒක ගන්නවා කියලා හිතන් හිටියේ"
"හරි..ඔව්..ඒක දෙන්න මෙන්න කාඩ් එක"
DU LIEST GERADE
Cry baby 2 (Jikook)[COMPLETE]
Fanfictionසමහර යක්ශයින් බිහිවෙන්නේ උපතින්මයි.. ඒත් සමාජේ වැරැද්දක් නිසා සුරදූතයෙක් යක්ශයෙක් වෙන්නත් පුලුවන් නේද.. ඒත් ඒ සුරදූතයා මියැදෙනවද.. නෑ එක පුන්චි රෝස මලකට පුලුවන් වේවි ඒ සුරදූතයා ආයෙත් ඇහැරවන්න.. ඒ වගේම බිඳුනු හදවත් දෙකක් එකතු කරන්නත්.. ❤️❤️❤️❤️❤️❤️❤️...