chapter 15

1.3K 289 71
                                    

කාමරේ අසිහියෙන් වැටිලා ඉන්න ජංකුක් දැක්ක ගමන් ජිමින්ගේ හදවත එක මොහොතකට නැවතුනා වගේ..

"ජංකුක්..............මේ මොකද?"

ජංකුක් ගාවට දුවගෙන ගිය ජිමින් මුලින්ම කරේ ජංකුක් උනුසුම් පපුවට කන තියලා බලපු එක..

ජංකුක්ගේ හදවත කිසි වෙනසක් නැතුව ඔහේ තාලෙට ගැහෙනවා ඇහිච්ච ජිමින් තමන්ගේ පපුවට අතක් තියාගෙන හුස්මක් පහලට දැම්මා..

එයාගේ බය සාදාරනයි....හැමදාම වුනේ එයා ආදරේ කරන අය එයාට නැතිවෙලා ගිය එකයි.

ජිමින් ටික වෙලාවක් කල්පනා කරලා ජංකුක් අත් දෙකින් තමන්ගේ අත් එතුවේ ජංකුක්ව උස්සගෙන ඇඳෙන් තියන්න.. ජංකුක්ගේ ශරීරයේ බර නිසා ජිමින්ට ජංකුක්ව හොල්ලන්න විතරයි පුලුවන් වුනේ..

'සලං'

ජංකුක්ගේ ඇඟිලි අතරට මෙච්චර වෙලා තද වෙලා ඉඳපු ජිමින්ගේ වයින් ක්ලෝස්ට් එකේ තිබුනු මත්පැන් බෝතලය නිදහසේ පෙරලිලා ගියා..

ජංකුක්ගේ සිහියක් නැති ශරීරය ගාවින් ඇහිච්ච සද්දය නිසා ජිමින් ඔලුව උස්සලා බැලුවා..

'ජංකුක් බීලාද..'

ජිමින් හිමීට වැඩිමලාගේ මූනට ලං වෙනකොට මූනේ අතරමග නතර වුන කඳුලු කැටයක් එක්ක ජංකුක්ගේ මැකීගෙන යන කඳුලු පාර හොඳට පෙනුනා..

'මොකක්ද එයාගේ ප්‍රශ්නේ.'

ජිමින් හිතන්නත් කලින් එයාගේ අත ක්‍රියාත්මක වුනා..ජංකුක්ගේ මූනේ අතරමග නැවතිලා තිබුනු කඳුලු කැටය එයා අතින් පිහිදානකොට එයාගේ මූනේ උනුසුමට ටිකක් වෙලා අත තියන් ඉන්න හිතුවේ සිහියෙන් ඉන්න වෙලාවක තමන්ට මේ අවස්තාව ලැබෙන්නෑ කියලා දන්න නිසා.

තමන්ගේ මූනේ ස්පර්ශයක් දැනෙන නිසා ජංකුක් ඇහැරෙන්න ගත්තා..ජංකුක් එහාට මෙහාට වෙනවා දැක්කා ජිමින් ඉක්මනින් තමන්ගේ අත ගත්තේ අකමැත්තෙන්..

හිමීට එහාට මෙහාට හෙල්ලුන ජංකුක් ඇස් ඇරලා ජිමින් දිහා බැලුවා..

අනපේක්ශිත ලෙස ලැබුන අවදානේ නිසා ජංකුක් දිහා විමසිල්ලෙන් බලන් ඉඳපු ජිමින් හිමීට බිම බලාගත්තේ කම්මුල් දෙක ලාවට රතු වෙනකොට..

Cry baby 2 (Jikook)[COMPLETE]Where stories live. Discover now