chapter 29

1.1K 258 140
                                    

ජංකුක් ජිමින් නොපෙනී ගිය කාමරය ඇතුලට හිමින් සැරේ අඩිය තියන ගමන් ගියේ ජංකුක්ට පැහැදිලි කරන විදිය හිතන්න උත්සහ කරන ගමන්..

ඒත් ජිමින්ගේ හිත කලබල වෙලා තිබුන තරම නිසා එයාගේ හිතට කිසිම අදහසක් හරි ගියේ නෑ..

අන්තිමට ජංකුක්ට තමන් අතීතේ කරපු හැමදේම පිලිඅරන් තමන්ට තව අවස්තාවක් දෙන්න කියලා ඉල්ලනවා කියලා ජිමින් හිතාගත්තා..

ඒත් ජංකුක්ගේ කාමරෙන් එලියට යන වෙලාවේ ජිමින්ගේ ඇස් වලට ජංකුක් අහු වුනාම තමන්ගේ වචන ඔක්කොම අමතක වෙලා දෛර්‍ය බින්දුවටම වැටුනා වගේ ජිමින්ට තේරුනේ..

බැලකනි එකේ තිබුන අඩු ආලෝකයක් සපයන විදුලි පහනෙන් ජංකුක්ගේ මූනේ තියෙන හැම අඳුරු තැනක් වගේම පැහැදිලි තැනක්ම හොඳට පාදමින් පෙන්නලා දීලා තිබුන ජිමින් බලන් ඉඳියා..ඒ වගේම වෙනදා වගේ නැතුව ජංකුක් කඩවසම් විදිහට ඇඳන් ඉඳියේ හරියට කවුරුහරි පුදුම කරවන්න වගේ..

ටික වෙලාවක් ජංකුක් දිහා බලන් ඉඳපු ජිමින් හිමීට අඩිය තියන්න ගත්තා..

ජිමින් ආ බව දැනුනත් ජංකුක් ජිමින්ව නොසලකා හැරලා පැත්තක් බලන් ඉඳියේ තවමත් ඇහි බැමි දෙක ලං කරන්..

"ජ්.ජංකුක්"

තමන්ගේ හදවත එලියට පනින්න තරම් දඟලනවා කියල දැනෙද්දි ජිමින් හුස්මක් පාතට දාලා කතා කරා.

සෙලවීමක් නැතුව පිලිමයක් ඉඳපු ජංකුක් ජිමින් කතා කරද්දි තමන් බලන් ඉඳපු පැත්තෙන් අහක බලාගත්තා..

"ම්.මට සමාවෙන්න ජංකුක්"

ජිමින්ගේ කටින් පලවෙනියටම පිට වුනේ ඒ වචන ටික.ජිමින්ටම පැහැදිලි කමක් තිබ්බේ නෑ ඇයි එයා එහෙම කිව්වේ කියලා..

"ඔයාද ඒ මිනිහට එන්න කිව්වේ.."

ජංකුක් අහද්දි ජිමින් ඔලුව දෙපැත්තට වැනුවේ නෑ කියන්න.

"කිම් ට එන්න කිව්වේ.."

ජිමින්ගේ වචන නතර වෙලා උගුර හිර වුනා වගේ එයාට දැනුනේ..

'නෑ මං ජින් හ්‍යුන්ග්ව පාවලා දෙන්නෑ'

'ඒත් මං මොකද කියන්නේ'

Cry baby 2 (Jikook)[COMPLETE]Donde viven las historias. Descúbrelo ahora