chapter 05

1.4K 349 124
                                    

ඔන්න ඕතර් හොඳ නිසා දිගම දිග චැපියක්.....🤭🤭🤭

*************************

උස පාලමේ අත්වැටට නැගපු ජිමින් හිමින් සැරේ ගඟ දිහා බැලුවා..ගඟ ඔහේ නිහඬව ගලාගෙන යනවා...වටින් පිටින් ඇහෙන්න තිබ්බේ වැහි බිංදු වැටෙන සද්දෙත් දුර්වලව ඇහෙන ගලන ගඟේ සද්දෙත් විත්‍රයි..

ජිමින්ට මේ සද්දවත් ඇහෙන්නෑ.එයාට ඇහෙන්නේ එයාගේ හිත එයා කොච්චර ලොකු වැරදිකාරයෙක්ද කියලා එකින් එක පෙන්නලා කෑ ගහන සද්දය විතරයි..

ඇස් දෙක ඇරලා එක අඩියක් ජිමින් ඉස්සරහට තිබ්බා..

එයාගේ කල්පනා ඔක්කොම එක පාරට නැවතුනේ හුරුපුරුදු සද්දයක් ඇහුන නිසා..

සාක්කුවේ ඉඳන් රින්ග් වෙන 4න් එක අතට අරන් ගඟට දාන්න ගිය ජිමින්ගේ එක පාරට නැවතුනේ 'home' 4න් එකේ තිරේ නම වැටෙනවා දැක්ක නිසයි..

හොඳ හුස්මක් අරන් ජිමින් ගැහෙන අතින් කෝල් එක ඩයර් කරලා කන ගාව තියා ගත්තේ..

"අ.....අප්පා......ඉ.....ඉක්මනට ....එ..එන්නකෝ....හොඳටම...ගො..ගොරෝනවා....ම...මට බයයි.."

ජිමින්ගේ හිතේ තිබ්බ ඔක්කොම අඳුරු සිතිවිලි වාශ්ප වෙලා ගියා වගේ..එයාගේ චූටි කුරුලු පැටියගේ කට හ්ඬ ඇහුනා විතරයි එයාගේ ඇස්වල පිටවෙන කඳුලු නැවතිලා ගියේ ජිමින් දන්නෙවත් නැතුව..

"අ.......අප්පාන්කල්.....අ-අප්පා වගේ.......මාව...දාලා..ගි...ගියේ .නැ..නැ....නෙද?"

ජෙමින් ඒ ටික අඬ අඬ කියනකොටයි ජිමින් හරි සිහියට ආවේ..එක පාරට පාලමෙන් යට ගලාගෙන යන ගඟ දිහා බැලුව ජිමින් කලබලෙන් වගේ පාලමේ අත් වැටෙන් බැස්සේ 4න් එකේ අනික් පැත්තෙන් තාමත් අඬන ජෙමින්ට උත්තරයක් දෙන ගමන්...

"ඔයා බය වෙන්නෙපා පැටියෝ...මං එන ගමන්....මං ඔයාව දාලා යන්නෑ..."

ඔව්...ජිමින්ට එයාගේ පොරොන්දුව මතක් වුනා..එදා ජෙමින්ගේ චූටි ඇඟෙල්ලේ තම්න්ගේ සුලැඟිල්ල පටලවන් එයා වුන පොරොන්දුව...එයා ඒ පුන්චි මල් පොහොට්ටුවට වුන පොරොන්දුව...

'නෑ....මං ආයෙත් තව වැරැද්දක් කරන්නෑ...'

.

.

Cry baby 2 (Jikook)[COMPLETE]Where stories live. Discover now