01- ජන්කුක්

6.4K 693 517
                                    

ඒ ඇස් දෙක මාව පිස්සෙක් කලා!!!!!!!!

ඇස් විතරක් නම් මදෑ.... ඒ දත් සැට් එක, ඒ හිනාව ඒ හැම දේම මාව පිස්සෙක් කලා..........

"ඔයා මගෙ නම් ජීවිතේ මල්....... එන්න මගෙ පණ ඔයාගෙ කට පෙඩ්ඩක් හපන්න 😊"

මම ජිමින්ගෙ තොල් දෙකට ඇස් දෙක පියාගෙන තොල් දෙකත් උල් කරගෙන නැමුනා

"පල බල්ලො යන්න.... ගිය ආත්මෙ කරපු මොන කරුමයක් පල දීලද මේ වගේ යාලුවෙක්ම මට ලැබුණෙ..... නොද........කින් බල්ලා... සික් කට ගනින් එහාට...."
ජිමින් මාව එහාට තල්ලු කරන ගමන් කෑ ගැහුවා.

"බෑ..... එයාට මගෙ තොල් දෙක ඇලජික් උනොත්... ඔයා තමා ටෙස්ට් කරන්න ඉන්න එකම කෙනා"
මම කිව්වෙ ජිමින්ව ආයෙ ඇද ගන්න ගමන්.

"ටේ මේක පන්තියක්, මිනිස්සු බලනවා"

"ඉතින්?"

"අනේ හොබී මූ මාව දූෂණය කරන්න හදනවා😭"
ජිමින් උගුර යටින් කෑ ගහනකොට ජිමින්ට එහා පැත්තෙ හිටපු හොබියා එබුනා.

"මොකෝ මෙතන වෙන්නෙ?" හොබියත් හිනා වෙවී අහනවා.

"මේ ඉන්නෙ හොබියා.... උඹ හොබියගෙන් ඕක ටැස්ට් කරපන් 🙂"
ජිමින් තරහෙන් කෑ ගහන ගමන් මාව තල්ලු කරලා එයා කර කර හිටපු වැඩේට අවදානෙ දුන්නා.

"අනේ මට එයාව ගෙනත් දෙන්නකෝ 😫"
මගෙ කෑ ගැහිල්ල විලාපයක් උනා.

"ඔය කන්දොස්කිරියාව නවත්තපන් ටේ. මූත් එක්ක ඉදලා මගෙ වම් කණ මට දැනෙන් නෑ"
ජිමිනත් උගෙ අදෝනාව පටන් ගත්තා.

ඔයාලා බලනවා ඇති මේ කවුරු ගැනද මම කතා කරන්නෙ කියලා.

වෙන කවුද😍


න්
කු
ක්

මගෙ නවය වසරෙ ඉඳන් ප්‍රේම පුරාණේ. මගෙ ආදරේ.......

එයාට ගොඩක් අය පිස්සු වැටිලා හිටියා තමා. මමත් එක්කෙනෙක්.

ඔය හැමෝම කියන හාවා කියන නමත් ජන්කුක් ට දැම්මෙ මම තමා 🤭

එයා මගෙ ලෝකෙ. මගෙ එකම ආදරේ.....

ඒ හිනාවට ආදරේ හිතුනා........
බවෙන් බවයේ පතා ආයෙමි 😌

ඒ පොඩි පරහක් තියේ... චුට්ටි ම චූටි එකක්.

ජන්කුක් ට කෙල්ලෙක් ඉන්නවා.
අපේ ඉස්කෝලේ නම් නෙවේ..........

High School Romance | TK ✓Where stories live. Discover now