CHAPTER 32🔥

1K 238 103
                                    

==============================
LAST CHAP...
ජිමිනෝ....jk පේන්න නැත්තෙ ඇයි.....මේ දවස් ටිකේම jk පේන්න හිටපු නැති නිසා මම ඇහුවේ පුතා එක්ක සෙල්ලම් කර කර ඉන්න මල්ලිගෙන්....

අහ්...අහ්...බොසා නැතුව අක්කට දැන් ඉන්න බෑනේ...ආව් ආව්.. ඒ ආදරේ... ඇස් වහක් කටවහක් වදින්න එපා ඒ ආදරේට...හිනා වෙවී මට විහිලු කරන ගමන් ජිමින් කිව්වේ මම එයාට ඔරවනකොට...

අනෙහ් මේ..මට එයා ගැන කිසි ආදරයක් නෑ ....හහ්..මම ඇහුවේ මේ දවස් ටිකේ පේන්න හිටියෙ නැති නිසා....කොහොමත් එයා...........
==============================

.......මේ ගෙදර නැත්තං තමයි මට සැනසීමක් තියෙන්නේ....ටීවි එකේ රිමෝට් එක අතට අරන් මල්ලි කියපු දේට තරහින් මම චැනල් මාරු කරේ මල්ලි මගෙ දිහා බලන් හයියෙන් හිනා වෙනකොට......

අනෙ බොල අක්කේ...ඕක පිච්චෙයි...ඔන්න ඔයාගෙ කොණ්ඩෙත් ගිනි අරං...ශෙනූ...වතුර එකක් අරන් එන්න ඔයාගෙ අක්කි ගිනිඅරං....ජිමින කිව්වේ තවත් හිනා වෙන ගමන්....

අයියෝ...මෙන්න ගෙනාවා..ගොඩක් පිච්චුනාද..මොනා කරන්න ගිහිල්ලද උනේ..අනේ අක්කී රිදෙනවද...ඇත්තටම වතුර එකක් අරං දුවගෙන ආව ශෙනූ කලබලෙන් ඇහුවේ මගෙ දිහායි ජිමින් දිහායි බලන ගමන්....

ඒක අහපු මටයි මල්ලිටයි හින ගියේ මහා සද්දෙන්...

වට පිට බලල උන දේ තේරුන නංගී ජිමින් ගාවට ගිහින් කනෙක් අල්ලගත්තේ මෝඩයා කිය කිය බනින ගමන්...මමත් ජිමින් දිහාවට දිව දික් කරලා ඇතිද කියල ඇහුවේ මල්ලිගෙ මූන ඇඹුල් වෙද්දී...

අක්කී...අදවත් ටිකක් එලියට යමුකෝ....ටික වෙලාවකින් නංගි කිව්වා..මෙහෙ ආවත් හරි ඔයා එලියටවත් බැස්සෙ නෑනේ...පුතාව වඩාගෙන මගෙ දිහාවට ආව නංගි කිව්වේ ජිමින් දිහාත් බලන් ගමන්...

ඔව් අක්කේ.....මෙහේ පට්ට ලස්සන ප්ලේස් තීනවා ජිමිනුත් කිව්වේ මගේ ලගට ඇවිත්....

ඔයාල ගිහින් එන්න අනේ....මට බැහැ...මං කිව්වා...

අනේ අක්කී...ප්ලීස් ප්ලීස්...යමුකෝ අනේ දරුවො දෙන්නටත් හොදයිනේ එයාල ගේ ඇතුලෙමනෙ ඉන්නේ...පොඩි ළමයි එහෙම ඉන්න හොද නෑ...ඔයාටත් හොද නෑ ඔහොම ඉන්න එක...

𝕋𝕙𝕖 𝕐𝕠𝕦𝕟𝕘 𝕋𝕦𝕣𝕜 🔥|ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ|Where stories live. Discover now