CHAPTER 23🔥

992 253 56
                                    

==============================
LAST CHAP.....
දන්නවද ටේ.....

ආදරේ කියන්නේ අයිති කර ගැනීමම නෙවෙයි....

එහෙම කියපු මං දුවන් ඇවිත් වාහනේට නැග්ගේ මෙච්චර වෙලා අමාරුවෙන් හිර කරන් හිටපු කදුලු ඔහේ දෝරෙ යන්න ඉඩදීලා...

♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
අයිතිය ප්‍රේමයක් කරගත් මිනිසුන්ද
ප්‍රේමය අයිතිය කරගත් මිනිසුන්ද
අයිතියට පමණක් ප්‍රේම කරන මිනිසුන්ද
ප්‍රේමයට පමනක් අයිතිය කියන මිනිසුන්ද
ප්‍රේමයක් නැතුවම අයිතිය කියන මිනිසුන් අතර
මම..........
නුඹට.......
අයිතියක් නැතුවම ප්‍රේම කරමි....
(දිහාරා.....)
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥


--------------------------------------------------------
අපි ආදරේ කරන මිනිස්සූ
අපිට ආදරේ කරන මිනිස්සූ
හැමදාටම අපි ලගම ඉන්න ඕනෙ
කියල නියමයක් නැහැ..

ඒ අයත් දවසක
යන්නම යයි....අපිව දාලම...

ඒත් ඇත්තටම...
අපිත් ඒ අයට ආදරෙයි නම්...
එක්ක යන්න ඕනෙ කියලා
නියමයකුත් නැහැ...

ඒත්...ආදරේ වෙනුවෙන්
හැම මොහොතකම
ජීවත් වෙන්න පුලුවන් නම්...
ආදරේ වෙනුවෙන් ඕන දෙයක්
පරිත්‍යාග කරන්න පුලුවන් නම්
ඒ තමයි...ඇත්තම
ආදරේ...


==============================

අපි යමු ජිමින්.....මං කිව්වේ මගෙ පස්සෙන්ම එලියට ආපු ජිමින්ට....

කිසිම කතාවක් නැතුව ජිමින් වාහනේ ඩ්‍රයිව් කරන් ගියේ මම එහෙම්ම කල්පනාවක වැටෙනකොට....

ඔව්.....ටේ කියන්නේ රිතූ ගෙ ඒකපාර්ශ්වික ආදරේ....මං වගේම ටේට ආදරේ කර අනිත් හිත.....

(ටේව දැක්ක දවසෙ චැපිය බලන්න ලමයි....උවමනාවෙන්ම කියෙව්වනම් ඔයාලට ඒක තේරුම් ගන්න තිබ්බා...මම හින්ට් එකක් දුන්නා)

මට මතක උනේ එදා අහම්බෙන් වගේ රිතූගෙ ඩයරි එකේ දැක්ක දේ...

"දන්නවද ටේ.....

ඔයා ඒ දැකපු වෙලේ ඉදන් මගේ හිත පිස්සුවෙන් වගේ හෙව්වෙ ඔයාගෙ රූපෙ මයි....ඒත් ඒක ඔයාට තේරුනේ නෑනෙ මගෙ මැණික....ඔව්...ඔයාගෙ හිත හොයන්නෙ වෙන කෙනෙක්....ඒ දිහාරා.....මගෙ හොදම යාලුවා...යාලුවා නෙවෙයි....මගෙ සහෝදරී...මගේ පණ වගේ...මං දන්නවා...ඔයාල දෙන්න හොදටම ගැලපෙනවා...මට කවදාවත් ඕනෙ නෑ ඔයාල දෙන්න අතරට ඇවිල්ලා තුන්වෙනියෙක් වෙන්න....ඒ වගේම....ඔයාලගෙ ආදරේ නැති කරන්නත් මට බෑ....ඒකනිසා...ඔයා කවදාවත් දැනගන්න එකක් නෑ මගෙ ආදරේ...ඉතින්....මගෙ ආදරේ මං මගෙ හිතේම තියන් ඉන්නම්....මම පොරොන්දු වෙනවා...ඔයාල දෙන්නට මොන ප්‍රශ්න ආවත්....වෙන් වෙන්න දෙන්න නෑ කියලා...."

𝕋𝕙𝕖 𝕐𝕠𝕦𝕟𝕘 𝕋𝕦𝕣𝕜 🔥|ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ|Where stories live. Discover now