chapter 01

2.1K 382 58
                                    

තමන්ගේ company එකේ තිබ්බ හමුව ඉවර වෙලා ජිමින් ඔරලෝසුව දිහා බැලුවේ ගෙදර යන්න car එකට නගින ගමන්..

4.35p.m

Parking lot එකෙන් වාහෙනේ පිට වෙනකොටම ජිමින්ගේ ඇස් නිරයාසායෙන් වගේ කම්පැනි එක ලඟ තීන පාක් එක ලඟට ගියේ සුපුරුදු රූපේ අදත්  එයාට දකීන්න ලැබෙයිද කියලා හිතන ගමන්..

'අදත් මේ ලමයා මෙතන..'

ජිමින්ගේ ඇස් හැරවිලා තිබුනේ ලමයි ගොඩක් සෙල්ලම් කරන park එකේ තනියම ඔංචිල්ලාවක් උඩ වාඩි වෙලා ඉන්න පුන්චි පිරිමි ලමයෙක් දිහාවට..

එයා office එකෙන් ගෙදර යන දවස් ගානකදී ඇස් වලට මේ අමුත්තාව ගැටෙනවා..ඒ හැම වෙලාවකම පිරිමි ලමයා හිටියේ තනියම බිම බලාගෙන..මුල දවස්වලදී එයාට මේක සාමන්‍ය දසුනක් වගේ පෙනුනට හැමදාම ඒ ලමයා එතන ඉන්නවා දකිනකොට ජිමින්  ම්ගේ පුංචි ලමයා ගැන වද වෙන්න ගත්තා..

ඒ හැමදාම වගේ ලොකු හුස්මක් පාතට දාන ගමන් පාර දිහාට අවධානේ දුන්නා..

***********

ජිමින් තමන්ගේ apartment එකට ගිහින් ඇඳුම් ඔක්කොම උනා දාලා ගියේ shower එක යටට..

සමහරෙ වෙලාවට තමන්ගේ හිතේ දුක දිය කරලා හිත සැහැල්ලු කර ගන්න පුලුවන් හොඳම තැන එතන..

ජිමින් හැමදාම නාන කරාමේ ඇරලා පැය භාගයක් විතර වතුර යටට වෙලා ඉන්නවා..ජිමින්ට මහන්සියි..ඔව් එයා වැඩ ගොඩක් කරා..

ඒ වගේම එයා ලොකු  company එකෙක ceo කෙනෙක්..

ඒත් ඒ නිසා නෙමෙයි ජිමින් මෙච්චර තෙහෙට්ටු..

එයාගේ තෙහෙට්ටුවට හැමෝම ඉස්සරහා වෙන කෙනෙක් විදියට රඟ පාන එක..

මේ ඉන්නේ එයා නෙමෙයි..එයාගේ හදවත් හැම තිස්සෙම එයාට කියන්න උත්සහා කරන්නේ ඒක..

ආයාසයෙන් තියා ගත්ත ප්‍රතිරූපයක් තියා ගන්න හදන එයාගේ ගතට වගේම හිතට කොච්චර මහන්සි ඇතිද..

උදේ ඉඳන් හවස් වෙනකම් හැඟීමක් නැහි වෙස්මූනක් පැලඳගෙන, කොච්චර දුශ්ටකම් කරනවද කියලා දැන දැන සමහර මිනිස්සුත් එක්ක හිනා වෙලා අතට අත දීල පිලිගන්න එක ජිමින්ට මේ හැමදේම ඇති වෙලා..

Cry baby 2 (Jikook)[COMPLETE]On viuen les histories. Descobreix ara