EP34

292 81 42
                                    

Xiao Zhan's Pov:

දවස් ගෙවිලා ගිහින් සෙනසුරාදත් ආවා!

අම්මෝ අද නම් නිවාඩූ!!

නිවාඩු කියලා ඉතිම් ගෙදර ඉන්න වෙන්නෙ නෑ ගෙදරට බඩු ගේන්න ශොපින් යන්න වෙලා තියෙන්නේ අද මට!

මන් බඩු ගන්න යනවා කියලා කිව්වාට පස්සේ යීබෝත් මාත් එක්ක එනවා කියපු නිසාම මන් හා කිව්වා.

ඒකත් හොදයි ඉතිම්! බඩු ටිකවත් උස්සන් එන්න කෙනෙක් සෙට් වෙනවානේ!!

මන් නමයට වගේ ලෑස්ති වෙලා ගෙදරින් එලියය බැහැලා ආවෙ හෝල්ට් එක ගාවට්!

යීබෝ එනවා කිව්ව නිසා මට එතන ඉන්න උනා යීබෝ එනකම්.

මන් හෝල්ට් එකට යද්දී එතන සෑහෙන්න මිනිස්සු හිටපු නිසා මන් ගියේ හෝල්ට් එක ගාව ටිකක් පහල තියෙන බංකු සෙට් එක ගාවට!

යීබෝ ඇවිත් කෝල් එකක්වත් දෙන්නැතැයි!

මන් එතනට යද්දී එක බංකුවක පැත්තක වෙන්න වගේ ඉදගෙන ඉන්න කෙනා දැකලා මන් උඩ ගියා.

මේ අර නන්ගී!

එදා බස් හෝල්ට් එකේ ඔහේ බලාගෙන ඉදන් හිටපු කෙනා!

ඒ නන්ගිව එදායින් පස්සේ දැක්කෙත් නැති නිසා එයාව මට ගානක් නැතුවෙලා තිබ්බේත්!

ඒ නන්ගී ඔලුව පහලට නමාගෙන කොන්දත් නමාගෙන එතන ඉදගෙන හිටියේ කිසිම හෙලලීමක් නැතුව.

මේ කෙල්ලට මොනා වෙලාද??

මෙ ලමයගේ ගෙදර අය හොයනැද්ද අප්පා මෙයාව!

මේ නන්ගිට එච්චර වයසක් පෙනුන්නෑ.

චූටි කෙල්ලෙක්!!

මන් හිමීට ඒ නන්ගි ගාවට ගියේ මොකටත් එයා හොදින්ද කියලා හරී බලන්න.

මන් එයා ලගට යද්දී මට් ඇහුනා ඒ නන්ගී අඩනවා!!

????

"න-න-න්ගී" මටත් කට තියන් ඉන්න බැරි නිසාම එයා ගාවින් එහා පැත්තෙන් බංකුවෙන් ඉදගෙන එ නන්ගිට කතා කරා.

ඒත් ඒ නන්ගීගේ අඩන සද්දේ හැර කිසිම වචනයක් එයාගෙන් පිට උනේ නෑ.

එයා අඩනවද කියලා මන් හරියටම දන්නෑ. මොකද කොන්ඩෙන් මුලු මූනම වැහිලා තිබ්බ නිසා.

HEALER: The One Who Can Heal Me (Completed)Where stories live. Discover now