EP12

446 116 50
                                    

Xiao Zhan's Pov:

"ඇයි තාම යීබෝ ආවේ නැත්තේ??" මන් අපේ පන්තියේ ජනේලේන් එලිය බලන් හිටියේ යීබෝ එනවද කියලා බලාගෙන. ඒත් නෑනේ!! ඇයි ඒ??

මන් ෆෝන් එක ඇරන් යීබෝට මැසේජ් එකක් දැම්මත් එක්ක. ඒත් රිපලයි නෑනේ!!!

කෝල් එකක් ඇරන් බලමුකෝ.

හෑ???? ප්‍රතිචාරයක් නොමැත!!!

මන් ආපහු පාරක් ඩයල් කරලා යීබෝට කෝල් එකක් ගත්තා. ඒත් ප්‍රතිචාරයක් නොමැතලූ.

"අයියෝ!!! රාණි ආන්ටී, ඔහොම ප්‍රතිචාරයක් නොමැත කියන්නැතුව යීබෝට කියන්න මන් ගන්න කෝල් ආන්සර් කරන්න කියලා."

මන් ෆෝන් එකට බැන බැන ඉද්දී මට පිටිපස්සෙන් සද්දයක් ආවා. මන් ඉක්මනට හැරිලා බැලුවේ ඒ යීබෝද දන්නෑ කියලා හිතන ගමන්.

ඒත්....

හැරුණ ගමන්ම දැක්ක දෙයින් මගේ බලාපොරොත්තු ඔක්කොම සුන් උනා!!! හෑ හෑ හෑ!! වයි වයි වයි??

මන් හැරිලා බලනකොට මගේ ඉස්සරහා හිටියේ xu!!!

අයියෝ!! ඒ පාර මොකද??

"මෝඩ xiao xiao!!! ගුඩ් මෝනිම්.."

"ගුඩ් මෝනිම් xu!!" මාත් හිමීට කිව්වා.

" කෝ උබේ black knight???"

black knight???

යීබොවත්ද??

"යීබෝ තාම ආවේ නෑ ස්කෝලේ."

ඇයි මූ යීබෝ ගැන අහන්නේ?? යීබෝ එන්න පරක්කු වෙන්න මුන් මොනාහරි කරාවත්ද??

මුන් යීබෝට ගැහුවා වත්ද??

!!!

"එහෙනම් වරෙන් යන්න මාත් එක්ක. උබට දෙන්න වැඩක් තියෙනවා." xu කට කොනෙන් හිනාවෙලා මගේ කොලර් එකෙන් ඇදලා ඉස්සරහට තල්ලු කරා.

අනේ!!! මුන් යීබෝටත් මොනාහරි කරලාවත්ද??

එහෙම වෙන්න එපා!! අනේ ප්ලිස්ස්ස්!!

යන්කෝ ගිහින්ම බලමු.

xu ඉස්සර උනාට පස්සේ මන් උගේ පස්සෙන් ගියා. මගේ පස්සෙන් ආවේ xuගේ යාලුවෝ දෙන්නා.

xu ගියේ අපේ ස්කෝලේ තිබ්බ පරණ ස්ටොර් රූම් එකකට. එතනට වැඩිය කවුරුත් එන්නේ නෑ.එන්නෑ නෑ කියන්නේ කාටවත් එන්න දෙන්නෙත් නෑ. ස්කෝලේ ලමයි දන්නවා එතන xuගේ පොට් එක කියලා. ඒ නිසා කවුරුවත්ම ඒ පැත්තටවත් එන්නේ නෑ. අඩුම තරමේ ටිචර් කෙනෙක්ටවත් කියන්න කිසි ලමයෙක්වත් ඉදිriපත් වෙන්නේ නෑ. ඒ තරම් ලමයි xu ට බයයි.

HEALER: The One Who Can Heal Me (Completed)Where stories live. Discover now