EP02

609 133 48
                                    

Xiao Zhan's Pov:

"පුතේ,නැගිටින්න!! හොදටම දවල් වෙලා" ආච්චී ඇවිල්ලා මට කතා කරා.

"අනේ ආච්චී අම්මේ...තව විනාඩි පහක් දෙන්න මට..." මන් තව ටිකක් හරි බරි ගැහිලා අනිත් පැත්ත හැරෙන ගමන් ආපහු නිදාගත්තා.

"දැන් ඔය කීවෙනි විනාඩී පහද??? වෙලාව නමයයී!! දැන්වත් නැගිටින්න"

"මොනවා??9යී?? අනේ මන් ස්කෝලේ යන්නැද්ද?? ඇයි ආච්චි මට කලින් කතා කරේ නැත්තේ!!!!" මාව එකපාරටම කෙලින් උනා.මන් බ්ලැන්කට් එකත් උඩින් යවන ගමන් ඉක්මනට ඇදෙන් බිමට පැන්නා.

"අද සෙනසුරාදා~~" ආච්චි හිනාවෙන ගමන් ඇවිත් මට කිරි තේ එකක් අතට දීලා ගියා.

"අහ්හ්හ්!!! මට අමතක උනානේ!!"මන් ඇදෙ ඉදගෙන තේ එක බොන්න පටන් ගත්තා.

"මට ලගකදී ඉදන් මොනාහරී වෙලා!! වෙනදට මට මෙච්චර හොදට නින්දේ යන්නේ නෑනේ!!ඇයි අද විතරක්???"

මන් තේ එක බීලා දත් මැදලා මූණ හෝදගෙන ඇවිත් ඇදුමක් දාගෙන ගෙදරින් එලියට බැස්සා.

අද තමයි දවස...හැම සතියකම සෙනසුරාදා මම යනවා මගේ මනස සන්සුන් කරගන්න පුලුවන් තැනකට...හරියට ට්‍රිප් එකක් යනවා වගේ.උදාහරණයක් විදිහට කිව්වොත් කැලේකට,දිය ඇල්ලක් ලගට,මුහුදට,කන්දකට,පන්සලකට,...වගේ හිත නිවාගන්න පුලුවන් ඕනම තැනකට.මොකද මට මගේ බලය refresh කරගන්න වගේම මගේ හාර්ට් එක stable කරගන්න ඕනි නිසා.

ආච්චි කියන විදිහට නම් මේක විතරක් නෙමෙයි එකම ක්‍රමය මගේ බලය refresh කරගන්න පුලුවන්..තව ක්‍රම තියෙනවා.

• පලවෙනි එක තමයි ආදරය කරන කෙනාගේ වැලදගැනීමක්: ඒත් ඉතිම් කවුද ඉතිම් මට කැමති වෙලා බදාගන්නේ??

• දෙවෙනි එක තමයි සැබැ ආදරය: මගේ ආච්චි හැර මේ ලෝකේ වෙන කවුරුත්ම මට ආදරේ නෑ.අනික ආච්චි දැන් වයස නිසා එයාගේ බලයත් හීන වෙලා තියෙන්නේ.

• තුන්වෙනි එක තමයි භාවනා කරන එක: මන් සමහර දවස් වලට පන්සලකට ගිහින් භාවනා කරනවා.

• හතර තමයී ස්වභාව දර්මය:මන් ගොඩක්ම වෙලාවට පාවිච්චි කරන්නේ මේ ක්‍රමය.

HEALER: The One Who Can Heal Me (Completed)Where stories live. Discover now