EP14

432 108 41
                                    

Xiao Zhan's Pov:

මන් උදේ ඇහැරෙනකොට වෙලාව 9.15යී. අම්මෝ මාර නින්දක්නේ ගියේ!!!

අද සෙනසුරාදා.

වෙන සෙනසුරාදා වලට නම් මට අද මගේ බලය refresh කරගන්න යන්න තියෙන දවසක්. ඒත් අද මට යන්න වෙන්නේ ත් නෑ. මොකද යීබෝට පාඩම් කරන්න උදව් කරන්න වෙන නිසා.

වෙනදට නම් සෙනසුරාදා වෙද්දී මට හොදටම දැනෙනවා මගේ බලය දුර්වල වෙලා තියෙනවා. ඒත් අද එහෙම නෑනේ.

ඒ ඇයිද එහෙම වෙන්නේ??

මොනා උනත් ඒකත් හොදයි! නැත්තම් යීබෝට මන් මොනා කියන්නද??

මට අද ඔයාට උදව් කරන්න වෙන්නේ නෑ, මොකද මගේ බලේ refresh කරගන්න තියෙනවා!

hahahahahhaha!!!

මන් කියන්නේ විකාර කියලා හිතලා කොහෙන් හිනාවෙයිද දන්නෑ!

ahhhhhh මොකක් හරී!!!

යීබෝයි මායි පාඩම් කරන්න යන්න ඉන්නේ පුස්ථකාලේට. මට යීබෝ එනකම් ඉන්න වෙනවා. මොකද මාව ගන්න ගෙදරට එනවා කිව්වා!!

ඔක්කොමත් හොදයි බයික් එකේ යන්න වෙන එක තමයි අවුල!!!

බුදම්මෝ!!! කඩි කුලප්පුව හැදිලා වගේ මාරම වේගෙන්නේ යන්නේත්! T_T

හිමීට යන් කියලා කොච්චර කිව්වත් අහන්නෑ.

යකාගේ හදිසියක් තියෙන්නේ!!

මන් ලෑස්ති වෙලා කාමරෙන් එලියට ආවේ කුස්සියට පැත්තට යන්න.

"අනේ දෙවියනේ අදනම් මොකුත් කඩාපාත් වෙන්න එපා. වදින්නම්!! මට පොඩ්ඩක් පාඩුවේ ඉන්න දෙන්න අද" මන් උඩ බලාගෙන දෙවියන්ට ප්‍රාර්ථනා කරලා කුස්සිය පැත්තට ගියේ ආච්චි කොහෙද බලන්න.

"ආච්චී~~ බඩගිනියී"

මන් කුස්සියට යනකොට ආච්චි හිටියේ මට පිටුපාලා පුටුවක ඉදගෙන.

"ආච්චි~~ මන් පුස්ථකාලෙට යනවා අද! විභාගේ ලග නිසා දැන් පාඩම් කරන්නත් වෙනවානේ.මගේ යාලුවෙකුත් එනවා."

මන් එහෙම්ම ගිහින් මගේ කෝප්පේ ඇරන් වතුර එකක් පුරවගෙන බොනගමන් ආපහු පාරක් ආච්චි දිහාට හැරුණා.

"Eh??"

"ආච්චී? මොකෝ කතා නැත්තේ?? මාත් එක්ක තරහා වෙලාද??"

HEALER: The One Who Can Heal Me (Completed)Where stories live. Discover now