EP35

298 78 23
                                    

Xiao Zhan's Pov:

සින්ඩී ගියාට පස්සේ මන් එහෙම්ම ඈස් දෙකත් වහගෙන හේත්තු උනේ මන් ඉදන් හිටිය සිමෙන්ති බන්කුවේ ඇන්දට!!

මගේ ඔලුව මාරටම රෙදෙන්න ගත්තේ!

වෙන කෙනෙක්ගේ negative energy එකක් ගන්නවා කියන්නේ සෑහෙන අමාරු වැඩක්!

සමහර වෙලාවට ඒ වගේ අයට ඒක දරාගන්න බැරි වෙලාවලුත් තියෙනවා.

ඒ වගේ වෙලාවට තමයි එයාලා තීරණය කරන්නෙ සියදිවි නසා ගන්න.

එයාලට එවෙලට වෙන කිසිම දේකින් කිසිම වැඩක් නෑ.

හිතන්නේ තමාව මරාගන්න ඕනි කියලා.

මොකද එයාලට මේ දැන් තාවකාලිකව විදින දුක දරාගන්න බැරුව තමන්වම මරාගන්නේ, ඊටත් වඩා දුකක් විදින්න ලෑස්ති වෙන්න වෙනවා කියලා එයාලා දන්නේවත් නැති නිසා.

කවුරු කොච්චර ඇවිල්ලා බණ කිව්වත් එවෙලේට ඒවා කිසිම විදිහකින් බලපෑමක් ඇති කරන්න විදිහක් නෑ ඒ stress එකකින් ඉන්න කෙනා වෙනුවෙන්.

ඒවෙලාවට එයායි එයාගේ වේදනයි විතරයි ඉතිරු වෙන්නෙ. එයාලා හිතන්නේ මෙ ලෝකේ කිසි කෙනෙක් එයාලා ගැන කිසිම සැලකිල්ලක් නෑ කියලා.

ඔය මොනා උනත් තමන් එක්කම අරගලයක් කරලා තමන්ගෙම ජීවිතේ විනාශ කරගන්න එක නවත්තගන්න පුලුවන් නම්, එක තරම් වීරකමක් මේ ලෝකේ කොහෙවත් නෑ.

මොකද ඔය මොන දේ උනත් අන්තිමේදී තමන්ව බේරගන්න පුලුවන් තමන්ටම විතරක් නිසා.

මාත් මෙ ටිකකට කලින් ඒ වගේ තමන්වම මරාගන්න හදන්න ගිය කෙනෙක්ගේ negative energy මට උරාගෙන මගෙ positive energy එයාට දුන්නේ ඒ කෙල්ලගේ ජිවිතේ එයාටම බේරගන්න පුලුවන් වෙන්න තීරණයක් ගන්න.

මන් මෙතනදී කරපු දෙයක් නෑ ඇත්තටම!! ඒ නන්ගිම තමයි එයාගෙම තීරණයක් ඇරන් තීරණය කලේ එයා එයාටම ආදරේ කරනවද නැද්ද කියලා.

ඒත් දැන් මට මොනා වෙයිද? මන් හිතන්නෑ මෙ දෙයින් මට බලපෑමක් එයි කියලා.

ඒත් මගේ ඔලුව මාරටම රෙදෙනවා.

මන් එහෙම්ම හේන්තු වෙලා ඉන්න ගමන් නලල අතෙන් මසාජ් කර කරම ඇස් දෙක පියාගෙන හේත්තු වෙලා හිටියා.

HEALER: The One Who Can Heal Me (Completed)Unde poveștirile trăiesc. Descoperă acum