EP25

353 86 28
                                    

Nexy Day~

Xiao Zhan's Pov:

අදත් කලින් දවසේ වගේම විභාගේ තියෙනවා!!

යීබෝ මන් යද්දී ඇවිල්ලා ඉදියිද??

මට එයාගෙන් අහන්න ගොඩක් දේවල් තියෙනවා!! කියන්නත් තියෙනව!!

ඒත් මන් මොනා කියලද කියන්නේ?? මන් කොහොමද පටන් ගන්නේ??

මට පුලුවන් වෙයිද කියන්න??

මන් පන්තියට යනකොටත් යීබෝ ඇවිල්ලා හිටියේ!

මන් අපේ පේලිය ලගට ගිහින් යීබෝගේ එහා පැත්තෙන් ඉදගත්තා!!

"Zhan Zhan, ඔයා ආවද?? දැන් හොදයිද??" යීබෝ මගේ මූන එයාගේ අත් දෙකෙන්ම අල්ල ගන්න ගමන් ඇහුවා.

"ඔ-ඕව්ව්!" එකපාරටම උන දෙයින් මන් උඩ ගියා!!

"දැන් හොදයිද???" යීබෝ එහෙම්ම මගේ නලලෙනුත් අත තියලා බැලුවා. ඒ එක්කම වගේ එයාගේ සාක්කුවට අත දාලා මොනාද මන්දා ගොඩක් එලියට ඇටන් මගේ පැත්තට දික් කරා!!

"අහ්හ්!! මේවා කන්න උගුර රෙදෙන වෙලාවට!! හෙම්බිරිස්සාවට හොදයි!!" යීබෝ මගේ අත ටොෆි ගොඩකින් පුරවලා මන් දිහා බලාගෙන හිනා වුනා!!

"තැ-තැන්ක්‍යු යීබෝ!!"

ටික වෙලාවක් අපි දෙන්නා අතරේ පොඩි නිහඩතාවක් ඇති උනා!!

දැන් කියන්නද මන් යීබෝට!!

ඒත් කොහොමද?? මන් මොනාද කියන්න ඕනී!!

අනේ!!!!!!!!!!!!

"යී-බෝ!!" මන් අන්තිමේදී යීබෝට කතා කරා!!

"ඕඕ zhan zhan!"

"ම-මන්...." ඒත් එක්කම වගේ පන්තියට ලමයී ගොඩක් එකපාරටම ආවා. මන් වගේම යීබෝත් එකපාරටම බැලුවේ ඒ පැත්ත!!

ටික වෙලාවකින් ලමයි ඇවිල්ලා ඉදගත්තට පස්සේ සර්ත් පන්තියට ආවේ විභාගේ පටන් ගන්න යන්නේ ලෑස්ති වෙන්න කියන්න!!

"zhan zhan, ඇයී මට කතාකරේ!!" යීබෝ මන් දිහාට හැරිලා ඇහුවා.

"අහ්හ්!! ඒකද? ඒක එච්චර දෙයක් නෙමෙයී!! මන් පස්සේ කියන්නම්!!" මන් එහෙම කියලා ඉක්මනට ඉස්සර්හා බලාගත්තා!!

අහ්හ්හ්හ්හ්හ්හ්rrrrrr!!!!!

මන් කොහොමද කියන්නේ!!

HEALER: The One Who Can Heal Me (Completed)Where stories live. Discover now