EP03

534 133 28
                                    

Wang Yibo's Pov:

"hello අම්මේ" මට අම්මාගෙන් කෝල් එකක් ආවා.මන් හිටියේ ටවුන් එකේ බඩු වගයක් ගන්න ඇවිල්ලා.

"hello, මේ ෆෝන් එකේ අයිති කෙනාගේ පුතාද??"

"ආආ- ඔව්,කවුද මේ කතා කරන්නේ??"

කවුද මේ????

"මන් හොස්පිටල් එකෙන් කතාකරන්නේ. ඔයාගේ අම්මා ඇක්සිඩන්ට් වෙලා හොස්පිටල් ගෙනාවා.patient ගේ තොරතුරු ටික fill කරගන්න ඕනී.පුලුවන් තරම් හොස්පිටල් එකට එන්න පුලුවන්ද??"

"මොකක්?? මගේ අම්මා ඇක්සිඩන්ට් වෙලා!! මොකක්ද හොස්පිටල් එක??? ඉන්න මන් ඉක්මනටම එන්නම්.ගොඩක් ස්තුතියී කිව්වට" මන් හොස්පිටල් එකේ නම අහගෙන ඉක්මනට කෝල් එක කට් කරලා බඩු ටිකත් එහෙම්ම දාලා ඇවිල්ලා බයික් එකට නැග්ගා.

අනේ දෙවියනේ!!! ප්ලීස්ස්ස්ස්ස්!! වදින්නම්..මගේ අම්මාව බේරලා දෙන්න!! එයාට මොකුත් වෙන්න දෙන්න එපා!! ප්ලිස්ස්ස්ස්ස්ස්!!

මන් හයියෙන් බයික් එක රේස් කරගෙන ඇවිත් හොස්පිටල් එක ඉස්සරහා නැවැත්තුවා. ඉක්මනටම කවුන්ටර් එක ලගට දුවලා ගිහීන් අම්මා ගැන ඇහුවා.

"අහ් ඒ patient දැන් ඉන්නේ surgery room එකේ.එයාගේ ඔලුව පැලිලා නිසා, ඒකට සර්ජරි එකක් කරනවා.අහ් මේ ෆෝම් දෙක පුරවලා දෙන්න මට" කවුටර් එකේ හිටපු කෙනා දුන්න ෆෝම් එක අතට ඇරම් මන් පුරවන්න ලෑස්ති උනා.

මගේ අත් මාරටම වෙව්වලනවා.අනේ දෙවියනේ,අම්මාව බේරලා දෙන්න.ප්ලිස්ස්ස්ස්ස්

"අහ්හ් ඔයාගේ මල්ලිව නම් නෝමල් ward එකකට දාලා තියෙන්නේ. එයාගේ එකත් fill කරලා දෙන්න"

"හෑ??? මගේ මල්ලී?? මට මල්ලී කෙනෙක් නෑනේ"

මට මාරම පුදුමයී..ඒ කවුද ඒ??

"අහ් එහෙම නෙමෙයිද?? අපේ අය එයාලා ඇක්සිඩන්ට් වෙලා හිටපු තැනට යද්දී ඒ lady patientට සිහිය තිබ්බා.එයා කිව්වෙම 'මේ දරුවවත් බේරගන්න!!ප්ලීස්ස්ස්ස්ස්!!!බේරගන්න කොහොමහරී,පුතා තමයි මාව බේරගත්තේ කියලා.ඉතිම් අපි හිතුවේ ඒකෙනා patientගේ පුතෙක් වෙන්න ඇති කියාලා.mistake එකට සමාවෙන්න."

"අහ්හ් ඒකට කමක් නෑ..එයා ඉන්නේ මොන වාට්ටුවේද??"

"වාට්ටු අංක 13"

HEALER: The One Who Can Heal Me (Completed)Where stories live. Discover now