EP11

477 115 59
                                    

Wang YiBo's Pov:

zhan ගාව ඉදන් හිටිය අන්කල් නැගිටලා ගියාට පස්සේ zhan ජනේලේ පැත්තට ගිහින් මටත් ඉදගන්න ඉඩක් දුන්නා. මාත් ඉතිම් එතනින් ඉදගත්තා.

මන් හිමීට zhan දිහා බැලුවත් එයා හිටියේ කල්පනාවක වගේ. ඒ නිසාම ඉතිම් මන් මොකුත් කියන්න ගියේ නෑ.

ටිකවෙලාවකින් කම්ම්මැලි නිසාම මන් ෆෝන් එක ඇරන් සිංදුවක් අහන්න ගියේ. ඉයර් ෆෝන් එකක් ගහගෙන ඒකේ එකක් මන් මගේ කනේ ගහගත්තා. මන් අනිත් එක zhan zhanට දෙන්න හැරුණා.

ඒත්......

දැක්ක දෙයින් මට හිනා ගියා. අයියෝ!!!!!

zhan zhan හොදට නිදිකිරනවා.

බස් එකත් වැනි වැනි යන නිසාද කොහෙදෝ නින්දේ ගිහින්.

ඒත් එකපාරටම බස් එකේ බ්‍රේක් එකක් ගැහුවා. ඒ ගහපු පාරට zhanගේ ඔලුව ඉස්සරහට හයියෙන් ගිහින් වදිනවා තව පොඩ්ඩෙන් ඉස්සරහා ශීට් එකේ. හොදවෙලාවට මන් ඉක්මනට zhanව අල්ලගත්ත නිසා බේරුනා. නැත්තම් නලල ලෙෆ්ට් වෙනව.

මේ මගුලේ බස් එකට මොනා වෙලාද??? හැම වෙලේම හයියෙන් බ්‍රේක් ගහන්නේ!!! මන් හිටියේ නැත්තම් zhan zhanට අද අඩු නැතුව තමයි ගෙදර යන්න වෙන්නේ.

කාගෙද ඩ්‍රයිවින් ක්ලාස් ගියේ???

මන් ඒ එක්කම zhan දිහා බැලුවා. එයා තාම නිදි කිරනවා. ඒ නිසාම මන් zhanගේ කර වටේ අත දාගෙන එයාගේ ඔලුව මගේ උරහිසට හේත්තු කරගත්තා. නැත්තම් කොහේ ගිහින් තව වැදෙයිද දන්නෑ ආය.

අනේ මන්දා මේ කොල්ලා නම්!! හැමදාම මෙහෙමද දන්නෑ.

මන් එහෙම්ම බලන් හිටියේ zhan zhan දිහා.

Eh?? zhan zhan හැම වෙලේම මෙච්චර චූටිද?? මගේ අතේ ඉද්දී ගොඩක් පොඩියටනේ පේන්නේ. අයියූ~~~~

මන් zhanව අල්ලගෙන හිටියත්, එයා ආපහු පාරක් නිදි කිරා වැටෙනවා. මෙහෙම ඉන්න අමාරුයිවත්ද?? මන් මොකද කරන්නේ දැන්??

මන් ඒ නිසාම zhan zhanගේ පහලට නැමිලා තියෙන මූණ හිමීට උස්සව්වා. මගේ අත තිබ්බේ එයාගේ එක කම්මුලක් අල්ලගෙන.

අනේ~~~~~

මට පොඩ්ඩක් හිනත් ගියා.

කවදා ඉදන්ද zhan zhan මෙච්චර කියුට් උනේ!!!!!!!

HEALER: The One Who Can Heal Me (Completed)Where stories live. Discover now