EP33

287 79 20
                                    

Xiao Zhan's Pov:

නිවාඩු දුන්න සතිය ඉවර උනේ අපි හිතුවේවත් නැති තරම් ඉක්මනට!!

Ayiaaaaa!!

ආය ස්කෝලේ පලයන්කෝ දැන්!

මන් ලෑස්ති වෙලා බස් හෝල්ට් එකට එද්දී බස් එක එන්න ඔන්න මෙන්න වගේ තිබ්බේ!

මන් දුවගෙන ආපු නිසා බස් එක හෝල්ට් එකට එන්න කලින් මට එතනට එන්න පුලුවන් උනේ හොදවෙලාවට!

එතන තිබ්බ කණුවකට හේත්තු වෙලා මන් හති ඇර ඇර හිටියේ මන් ඉක්මනට දුවගෙන ආපු නිසාම.

මන් පොඩ්ඩක් වට පිට බල බල ඉන්නකොට මන් දැක්කා හෝල්ට් එකේ තිබ්බ සිමෙන්ති බංකුවේ කෙලවරට වෙන්න ඉදගෙන හිටිය චූටී නන්ගී කෙනෙක්!

එයා ඔහේ බලාගෙන එතන ඉදගෙන හිටියේ ඇස් පිල්ලන් වත් ගහන්නේ නැතුව වගේ!!

මන් ටික වෙලාවක් පුදුම වෙලා බලන් හිටියේ, ඒ නන්ගී හරියට පිලිමයක් වගේ! කිසීම හෙල්ලීමක්වත් නෑ!!

යුනිෆෝම් එකේ හැටියටනම් අපේ ස්කෝලේ ලමයෙක්!!

වටපිටාවේ වෙන කිසි දෙයක් ගැන කිසිම සැලකිල්ලක් නැතිව ඔහේ ඉදගෙන මොනා කරනවද මන්දා?

මගේ අවදානේ ඒ නන්ගිගෙන් අයින් උනේ බස් එක ආපු නිසාම.

හෝල්ට් එකේ එච්චර කට්ටිය හිටියේ නැති නිසා වැඩිය බස් එකෙව් උනත් අද කිසිම තදබදයක් නෑ!!

අනිත් අය වගේම මාත් ඉක්මනට බස් එකට නැගලා ගිහින් ශීට් එකක ඉදගෙන ජනේලෙන් එලිය බැලුවට පස්සේ මන් දැක්කා අර නන්ගී තාම අතනම ඉදගෙන ඔහේ බලන් ඉන්නවා කියලා.

අද ස්කෝලේ යන්නැද්ද මේ කෙල්ල??

ලමයි නැග්ගට පස්සෙ බස් එක අද්දන්න යද්දීම මන් ඉක්මනට ඩ්‍රයිවර් අන්කල්ට කියලා බස් එක නවත්තලා, පොඩ්ඩක් ඉන්න කියලා බැහැලා ගියේ අර නන්ගී ගාවට!!

"නන්ගී?? බස් එක යන්න කලින් එන්න ඉක්මනට නගින්න" මන් එහෙම කිව්වත් ඒ නන්ගී හැරිලා මන් දිහා බැලුවේ නෑ.

මන් කියපු දේට කිසි ප්‍රතිචාරක් එයාගේ ආවේ නෑ!!

ඒ නිසාම මන් ආපහු පාරක් කතාකරා!!

HEALER: The One Who Can Heal Me (Completed)Where stories live. Discover now