EP13

454 109 49
                                    

Wang Yibo's Pov:

මට ආපහු සිහිය එනකොට මන් හිටියේ මගේ ඇද උඩ. මන් එහෙම්ම ටික වෙලාවක් සිවිලිම දිහා බලන් හිටියේ කිසිම දෙයක් හිතාගන්න බැරුව.

ඇත්තටම zhan zhanට මොනාහරි උනවත්ද?? එයා හොදින්ද දන්නෑ!!

අනේ ප්ලිස්ස් දෙවියනේ, zhan zhanට මොකුත් වෙන්න දෙන්න එපා!!

මට zhan zhanව බලන්න ඕනී!!

මන් ඒ එක්කම මගේ ෆෝන් එක ඇරන් බැලුවේ වෙලාව කීයද කියලා.

හෑ!!! හොදටම දවල් වෙලා!! මන් මෙච්චර වෙලා නිදාගෙනද??

ඉක්මනට යන්න ඕනී. නැත්තම් මට zhan zhanව අල්ල ගන්න වෙන්නේ නැති වෙයී.

මන් ඉක්මනටම නැගිටලා බ්ලැන්කට් එක්ත් අයින් කරලා ඇදෙන් බහින්න යනකොටම මගේ කාමරේ දොර ඇරෙනවා සද්දේ ඇහුනා. මන් ඔලුව හරවලා ඒ පැත්ත බලද්දි ඒ හිටියේ අම්මා.

"පුතේ, ඔයා නැගිට්ටද??" අම්මා මන් නැගිටලා ඉන්නවා දැක්ක ගමන්ම ඇහුවා. අම්මාගේ අතේ තිබ්බේ මගේ කෝප්පේ.

"අම්මේ මන් යනවා zhan zhanව බලන්න." මන් එහෙම්ම නැගිට්ටා.ඒ එක්කම මගේ නලල උඩ තිබ්බ පොඩි තුවාය බිමට වැටුණා.

තාම මගේ ඔලුව කැරකෙනවා කැරකෙනවා වගේ!!!

"පුතේ!! ඔහොම නවතින්න. ඔයා දැන් නැගිට්ටා විතරයී.අනික තාම ඔයාගේ උණ බැහැලත් නෑ." අම්මා මගේ නලල උඩින් අත තියලා කිව්වා.

"මට දැන් හොදයි!! අම්මා බයවෙන්න එපා. මන් ඉක්මනටම එන්නම්!!" මන් එහෙම කියලා යන්න ගියත් අම්මා මගේ අතෙන් අල්ලලා නැවැත්තුවා.

"එහෙනම් මේකවත් බීලා යන්න." මාව එහෙම්ම ඇදෙන් ඉන්දවලා ඉගුරු තේ එකක් මගෙ අතට දුන්නා.

"ඕක ඔක්කොම බොනකම්, මේ ගෙදරින් එක අඩියක් එලියට තියන්න බෑ."

මන් අම්මාගේ හැටි දන්න නිසාම ඒ තේ එක බොන්න පටන් ගත්තා. අපේ අම්මා මොනාහරි කිව්වොත් ඒක කරන්නම වෙනවා මට. ඒ නිසාම ඉතිම් වෙන දෙයක් කරන්න බැරි නිසාම මන් තේ එක ඉක්මනට බොන්න ගියා. ඒත් ඒක උනුයී. ඒ නිසාම ටිකක් වෙලා ගියා ඒක සම්පූර්ණයෙන්ම බීලා ඉවර කරන්න..

HEALER: The One Who Can Heal Me (Completed)Where stories live. Discover now