𝐅𝐎𝐑𝐄𝐕𝐄𝐑 & 𝐀𝐋𝐖𝐀𝐘𝐒...

By jinshi_0811

24.8K 5K 474

තනි වුන රෝසමලකට අත දෙන සහෝදරියන් දෙදෙනෙක් ✨ තනි වුන රෝසමලකට අසීමිතව පෙම් බඳින කුමාරයෙක් 🌼 ජීවිතය මැදින් ගලාය... More

1 කොටස 💜💗
2 කොටස 💜💗
3 කොටස 💜💗
4 කොටස 💜💗
5 කොටස 💜💗
6 කොටස 💜💗
7 කොටස 💜💗
8 කොටස 💜💗
9 කොටස 💜💗
10 කොටස 💜💗
11 කොටස 💜💗
12 කොටස 💜💗
13 කොටස 💜💗
14 කොටස 💜💗
16 කොටස 💜💗
17 කොටස 💜💗
18 කොටස 💜💗
19 කොටස 💜💗
20 කොටස 💜💗
21 කොටස 💜💗
22 කොටස 💜💗
23 කොටස 💜💗
24 කොටස 💜💗
25 කොටස 💜💗
26 කොටස 💜💗
27 කොටස 💜💗 🔞
28 කොටස 💜💗
29 කොටස 💜💗
30 කොටස 💜💗
31 කොටස 💜💗
author note 💜💗
32 කොටස 💜💗
33 කොටස 💜💗
34 කොටස 💜💗
35 කොටස 💜💗
author note 💜💗
36 කොටස 💜💗
අවසානය 💜💗
පසුවදන 💜💗

15 කොටස 💜💗

561 135 5
By jinshi_0811

ආරා ගෙදර ගියා. එයාට මතක් වුණේ ජින් ඉකි ගැහුව විදිහ.. ජින් ආරාව තුරුල් කර ගත්ත විදිය..
ආරා ගෙදර ඇවිත් ඒ ගැන හිතුවා මිසක් ජියා නිදිද කියලාවත් බැලුවෙ නෑ. මොකද ආරාගෙ අද සිහිය අවුල් 😂

මේ අතරේ ජියා එක දෙයක් නිසා ගොඩාක් දුක් වුණා. ඒ දේ මින්ජිටයි ආරාටයි කියන්නෙ කොහොමද කියලා කෙල්ල රෑ එලි වෙනකන් කල්පනා කළා...

ජියාට දැනුනෙවත් නෑ පාන්දර වෙලා කියලා .කල්පනා කර කර හිටපු ජියා එකපාරම තිගැස්සිලා ගියේ ආරාගෙ කටහඬට..

"අක්කේ... මහන්සිනම් තව ටිකක් නිදා ගන්න. මම උදේට කෑම හදන්නම්."
ආරා කිව්වෙ ජියාගෙ දොරට තට්ටු කරන ගමන්..

"අනේ තැංකිව් ආරා. ෆ්‍රිජ් එකේ බඩු ඇති.. ඕනි දෙයක් අරන් හදන්නකො.. මම ටිකකින් නැගිටින්නම්" ජියා කිව්වෙ දොරවත් අරින්නෙ නැතුව. මොකද කෙල්ල මුලු රෑම නිදි නැති නිසා ඇස් හොදටම ඉදමිලා..

ආරාට හොඳට උයන්න පුලුවන්. හැම කෑමක්ම. මොකද පොඩි කාලෙ නැන්දා ළඟ හැදෙද්දි නැන්දා ආරාටත් එක්ක ගෙදර ඉව්වෙ නෑ. බඩගින්න ඉවසගන්න බැරිම තැන කෙල්ල නැන්දා නිදා ගත්තම තනියම මොනා හරි හදාගෙන කෑවේ 😓

කෑමත් හදලා ආරා ගියේ ජියාව ඇහැරවන්න..
"ඕයි දැන්වත් ඇහැරෙනවකො.. තමුසෙ වැඩට යන්නෙ නැද්ද"

"මම අද ටිකක් දවල් වෙලා යන්නම් නංගි.. මින්ජි කෝ"
ජියා මුලු රෑම නිදා ගත්තෙ නැති නිසා කෙල්ලට දැන් හොදටම නිදි මතයි 😂

"මින්ජි බාත් රූම් එකේ.. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද.. නැත්තන් අසනීපයක්ද. අසනීපනම් යන් බෙහෙත් ටිකක් ගන්න"

ආරා ඇත්තටම එයාගෙ අක්කටයි නංගිටයි ආදරෙයි.. එයා හැමදාම එයා ගැනවත් හොයන්නෙ බලන්නෙ නැතුව ඒ දෙන්නා වෙනුවෙන් හැමදේම කළා..

"අනේ නෑ නංගි.. ඊයෙ මම ටිකක් රෑ වෙනකන් ඔෆිස් එකේ වැඩ වගයක් කළා.. මගෙ ඇඟට අමාරුයි. මම ටිකකින් නැගිටින්නම්. ඔයත් දැන් coffee shop එකට යන්න"

"ම්ම් හරි එහෙනම්.. පරිස්සමෙන් ඉන්නවා.. බායි"
ආරා coffee shop එකට යන්න ලෑස්ති වුණා...

කලින්ම ගෙදරින් ඇවිත් පයින්ම coffee shop එකට ගිය කෙල්ල ඒප්‍රන් එක ඇද ගත්තෙ වැඩ පටන් ගන්න... ආරාට කලින් ලී මින් සුක් හැමදාම වැඩට එනවා.. ආරා එද්දි කොල්ලා ටේබල් ටික පිහිදාන ගමන් හිටියේ..

"අන්‍යොන් ආරා☺️"
කෙල්ල ඒප්‍රන් එකත් ඇදගෙන එද්දි ලී මින් සුක් ආරා දිහා හැරිලා කිව්වා..

"අන්‍යොන්.. කෝ අද මැනේජර් නැද්ද. එයා හැමදාම උදේට ඇවිත්නෙ යන්නෙ"

"නෑ අද ඉදන් සති 2ක් යනකන් සර් නෑ. සර්ගෙ අම්මා අසනීප වුණ නිසා සර් ජේජුවලට ගියා.. ආ ඒක නෙවෙයි මේ දවස්වල වැඩ වැඩි නිසා සර් තව කෙනෙක්ව වැඩට ගත්තා"

මින් සුක් කියවගෙන කියලා..

"ආ එහෙමද කව්ද ඉතින් ඒ"

"එයා ටිකකින් එයි . මම හරියටම දන්නෑ එයා ගැන. ඒත් එයා මගේ වයස වගේ"

"හරි හරි"
ආරා එහෙම කියලා කෙල්ලගෙ වැඩ ටික පටන් ගත්තා..

"අන්‍යොන්"
ඒ සද්දෙට මින්සුක් වගේම ආරත් උඩ ගියා 😂

කොණ්ඩෙ කොට හුරු බුහුටි කෙල්ලෙක් ආරා දිහා හිනා වේගෙන බලන් හිටියා..

ආරා හිතුවේ ඒ customer කෙනෙක් කියලා..

"එන්න මිස්.. ඔයාට මොනාද ඕනි"

ආරා එහෙම අහපු ගමන් ඒ කෙල්ල කැෆේ එක දෙවනත් වෙන්න හිනා වුණා 😂😂

"මම customer කෙනෙක් නෙවෙයි අනෙ.. මමත් අද ඉදන් ඔයාලත් එක්ක මෙතන වැඩ කරනවා 😂😂😂"

ආරාට ඒකටනම් හිනා ගියා..

"අයියෝ එහෙමද.. අන්‍යොන්.. අද ඉදන් හොඳට වැඩ කරමූ"

ආරා ගිහින් කෙල්ලගෙ අත් දෙකෙ අල්ල ගත්‍තා ❤️

උදේ පාන්දර වැඩිපුර customersලා නැති නිසා ආරා, මින්සුක් වගේම අර ගෑණු ලමයා කතා කර කර හිටියා.. 

"ඔයාගෙ නම මොකක්ද"
මින්සුක් ඇහුවෙ අර කෙල්ලගෙ..

"ආ ඉන්නකො මම ගැන සම්පූර්ණ විස්තරයක් මම කරන්නම්..මම කිම් යූරි ...
මට වයස 25යි.. උපාධිය ගත්තට පස්සෙ මට ගැලපෙන රස්සාවක් මට තාම හම්බවුණේ නෑ. මේ මගේ 16 වෙනි රස්සාව.. මම හිතනවා මෙතන මට දිගටම ඉන්න පුලුවන් වෙයි කියලා".

"16 වෙනි රස්සාව ? 😮" මින්සුක් යූරිගෙන් පුදුමයෙක් වගේ ඇහුවා..

"ඔව්.. පුදුමයි නේද ඔයාලට... ඒත් මමනම් හිතන්නෙ අකමැති දේ කරනවට වඩා රස්සා 100කට මාරු වුණත් තමන් කැමතී දේ හම්බවෙනකන් ඒක හොයන්න ඕනි... ම්ම්ම් ඔයාලගෙ විස්තරත් මට කියන්නකො"

යූරී ආරා දිහා බලාගෙන කිව්වා..

"මම කිම් ආරා.. මගෙ වයස 23යි.. මේ මගෙ පලවෙනි රස්සාවක්.. හොද එකක් හම්බවෙනකන් මම මෙහෙ තාවකාලිකව වැඩ කරනවා"

ආරා කිව්වා..

"මම ලී මින්සුක්.. මට වයස 24යි.. මමනම් ගොඩක් කල් ඉදන් මෙහෙ වැඩ කරන්නෙ.. ඉස්සරහටත් ඉන්නෙ මේකෙම තමයි"

"ම්ම්ම් දෙන්නම නංගියි මල්ලිනෙ 😂 ඒක හොදයි.."
යූරි එහෙම කියාගෙන ආරගෙ ඔලුවත් අතගලා එතනින් ගියා..

"ඒ මේ එයා වෙනස් නේද"
ලී මින්සුක් යූරිට ඇහෙන්නෙ නැති විදියට ආරාගෙන් ඇහුවා..

"අනේ නෑ එයා ශෝක්😍"
ආරා හිනා වෙලා මින්සුක්ට කිව්වා..


කව්ද යූරි කියන්නෙ.. එයත් මේ කතාවෙ ප්‍රධාන චරිතයක්.. එයා ආරාගෙ ජීවිතේට කොහොම කෙනෙක් වෙයිද.. 🙂

🦋ජින්ෂි🦋

Continue Reading

You'll Also Like

31.2M 1.2M 49
"Screw the rules. I want you, Kim Y/N." THIS FIC WAS MADE INTO CLICKBAIT FOR A YOUTUBE VIDEO COMPLAINING ABOUT KOREABOOS LOLLL ITS NOT THAT BAD GIVE...
24.8K 5.5K 28
ආදරේ ඇබින්දක් වත් නොලබපු පුංචි රතු රෝස මලක් ලග නැවතුන වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර බඹරෙක්..... "තමුන් නිසයි මගේ පපා මගෙන් ඈත් වුනේ මින් හරා!!!... තමුන්...
49K 8.6K 30
පුංචි පින්සලකට පුළුවන් වගේ.. මැටි බඳුනක් ලස්සනට රටා මවලා හැඩ කරලා මල් බඳුනක් කරන්න, ඒ පුංචි සුරංගනාවිටත් පුලුවන් වුනා.. ඔහේ හිස්ව ගෙවපු මගේ ජීවිතේට...
24.5K 4.5K 40
කවදාහරි දවසක ඔයාගේ අප්පා හරි ඔයාගේ පෙම්වතා හරි දෙන්නාගෙන් එක්කෙනෙක් තෝරගන්න වුනොත්........ ඔයා කාවද තෝරගන්නේ....? 𝚂𝚝𝚊𝚛𝚝 : 03/12/2022 𝙴𝚗𝚍 : 16...