D€VOT€D TO ¥OU🖤(✅✔️)

By DEESHAPONNAMPERUMAGE

298K 59.2K 23.9K

නිරූ .....සදාකාලික ආදරයක් තියන හාදුවකින් පුලුවන්ලු.....මැරුනත් ආපහු පන පොවන්න.....!! More

01වන කොටස...
02වන කොටස
03වන කොටස...
04වන කොටස...
05 වන කොටස....
06 වන කොටස...
07 වන කොටස
08වන කොටස...
09වන කොටස....
10වන කොටස..
11 වන කොටස...
12වන කොටස...
13 වන කොටස.....
14 වන කොටස...
15 වන කොටස....
16 වන කොටස..
17 වන කොටස....
18 වන කොටස..
19වන කොටස..
20වන කොටස....
21වන කොටස...
22 වන කොටස......
23 වන කොටස
24 වන කොටස...
25 වන කොටස..
26 වන කොටස...
27 වන කොටස...
28 වන කොටස...
29වන කොටස...
30 වන කොටස...
31 වන කොටස
32වන කොටස
33වන කොටස...
34වන කොටස..
35 වනකොටස..
36 වන කොටස
37 වන කොටස....
38 වන කොටස...
39 වන කොටස
40වන කොටස....
41 වන කොටස...
42 වන කොටස....
43 වන කොටස....
44වනකොටස....
45 වන කොටස..
46වන කොටස...
47 වන කොටස.....
48 වන කොටස..
49 වන කොටස....
50වන කොටස....
51 වන කොටස...
52වන කොටස..
53 වන කොටස....
54 වන කොටස...
55 වන කොටස...
56 වනකොටස.....
57 වන කොටස....
58වන කොටස...
59 වන කොටස...
60 වන කොටස....!
61 වන කොටස...
62 වන කොටස..
63 වන කොටස......
64 වන කොටස...
65 වන කොටස...
66වන කොටස...
67 වන කොටස....
68 වන කොටස....
69 වන කොටස.....
70 වනකොටස
71 වන කොටස....
72 වන කොටස....
74 වන කොටස....
75අවසානෙට පෙර.....!
අවසානයි....!

73 වන කොටස.....

2.5K 625 94
By DEESHAPONNAMPERUMAGE

මිනිස්සුන්ට මානසීක වදයක් වෙන්න එපා...මන් කියන්නෙ එච්චරයි.....ඒක මහ වදයක්.............වෙන මොකුත් ඉල්ලන්නෙ නෑ.....මං ඉල්ලන්නෙ ඔයාගෙන් තවත් මනුස්සයෙක්ගෙ නිදහස කන්න එපා කියලා....ඔලුව කන්න එපා කියලා........එකම දේ....එකම දේ....එකම..දේ.......ගෙයි අස්ස අපායක් කරන්......තමුන් රටේ ලෝකෙට වෙන මූනක් පෙන්නවා.......

නිර්.....

නීප්....බීප්......

මන් ස්ටියරින් වීල් එකට අත මිටමොලවම ගැහුවා.............එතනින් එහා ආය කටක් වත් හොලවන්න නොතියම මං කෝල් එක කට් කරලා දැම්මා.......

මට මගෙ ජීවිතේ නොලැබීම් නම් ගොඩයි......ඒ හැම දේම අම්මා වටා ගෙතුනු නොලැබීම්.......ඒ හැම වේදනාවක්ම අම්මා හේතු හේතු උන වේදනාවල්.......යන්තන් අටවගත්තු පවුලක අවසානෙ මං කඩා ඉහිරුන පවුලක් විදිහට දැක්කා........කටපුරාම අප්පච්චින් කියාපු මනුස්සය හත් ගව්වක් දුරකට ගියා...........මගෙ ලේ කෝප කරාපු සමහර හේතු මගෙ ලගට ලන් උනා...අවසානෙදි මං හිත හදාගත්තා.....

මං සතුටක් කියලා ලැබුවා නම්.....ඒ මේ ලෝකෙ ජීවත් උන එකම මනුස්ස පරානයක් හන්දා .......

මං ආදරයක් කියල වින්දා නම්....ලැබුවා නම්......ඒ මේ ලෝකෙ ජීවත් උන එකම මනුස්ස පරානයක් හන්දා.........

මිනිස්සු සෙනසුරු අපල කිය කිය කොච්චර බාර හාර උනත්..මට ලබාපු සෙනසුරාට බාර හාර වෙලා පලක් නැති උනා......

..මගෙ ඔලුව පුපුරන්න වගේ ... යකාගෙ කම්මල වගේ. ............මට හරියටම ඇහුනෙ සයාශ්ට අසනීපයි කියන එක විතරයි ....එත්නිණ් එහාට කත කරපු කෙනා කියපු කතවක් වත් එයාට හුගක් අමාරුද....මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි උනත්...මගෙ ජීවීතේට දැන් ඉන්න කරවිල වලටත් වඩා තිත්ත රස අනෝමා කියන නම ඔලුවට ආවා.....

කිඹුහුමක් ගියත් මට උඹව සැකයි කියලා මට ඇගිල්ල දික් කරන්න පුලුවන් මනුස්සයෙක් මේ මිහිපිට උනා නම්....ඒ කුහක චරිතෙ විතරක්ම වෙනකොට ....මෙච්චර කල්....අනේ ඒ අම්මනෙ.....මොනවා උනත් අම්මනෙ...අම්මනෙ...අම්මනෙ ගගා මාව දුර්වල කරපු වච්නෙ මං මුදුන් මුලත් එක්කම මගෙ හිතින් ගලවලා විසික් කෙරුවා........

මොන වේදනාව දුන්නත් මං ඉවසුවා.....අම්මනෙ...අම්මනෙ....ඒ උඹගෙ අම්මානෙ කියලා මිනිස්සු මට ඇගිල්ල දික් කරාවි කියලා මං ඉවසන් උන්නා....ඒත්....මීට එහා නම් කොහෙත්ම බැරිකොට ...වෙනදට මොනා උනත් ඒ අම්මනෙ කියලා හිතුන මට දැන් හිතෙන්නෙම......උඹ මගෙ අම්මද....උඹ මගෙ අම්මද.....උඹ මගෙ අම්මද කියන එක විතරක් වෙනකොට මම මගෙ තරහව පිට කරගන්න ස්ටියරින් වීල් එකට ගගහා කෙලිම්ම ලයනල් වෙන්ට් එකට ගියා ...


සයාශ් .............

චූටි........

මං හිතන්නෙ මට වාහනෙන් බහිනකන් වත් සිහි තිබුන් නෑ....වාහනෙන් බහිනකන් වත් සිහි තිබුන් නෑ..........මං ගේට්ටුව පහු කරන් ඇතුලට දිව්වෙම සයාශ් සයාශ් ගාන් කෑ ගහගන වෙනකොට එයා ඉදගන උන්නා...හැබැයි තවත් කෙනෙක් එක්ක.....රැවුල වවාපු කන්නාඩි දාපු මනුස්සයෙක් එක්ක....මෙතනදි එටා ගාව පුටින් ඉදන් උන්නත්.......දකුනු කොරියානු ජනාධි පති ඉදන් උන්නත් කොටින්ම මගෙ එකා ඉන්නෙ හිට්ලර් ගාව උනත් මට ඒ එකකින් වත්වැඩක් තිබුන් නෑ මං යන යාමටම එයාව ගිහින් තුරුලු කර ගත්තා........

සයාශ් .......

නි...රූ....

සයාශ් මට කියන්න....ඔක්කොටම කලියෙන් මට කියපන්....උඹට කොහොමද....මොකක්ද උනේ කියලා ...ආ සයාශ් ..කියපන්කො....උඹට එක පාරම අසනීප වෙන්න තරම් මොනවද උනේ....මොකාද කතා කෙරුවෙ...මොකාද හම්බෙන්න ආවෙ....මොකෙක් හරි ආවද....අම්මා....ටානියා...නැත්තන් ටානියගෙ ගෙදර එවුන්......මට කියපන් මොකෙක් ඇවිත්ද උඹගෙ ඔලුවට විස පුරවලා උඹව අසනීප කෙරුවෙ....කියපන්......

මං එයාව හෙලෙව්වා....උරහිස් දෙක ගැලවිලා අතට එයිදෝ කියලත් හිතුනා..........කෙට්‍ටුවට උන්න සයාශ් වේලිලා ගියපු පරඩැලක් වගේ මගෙ දිහාව බලාගන බලාගන ඉදලා මොකුත්ම නොකියම එකපාරම මට තුරුලු උනා........

අන් හොදින්....නිරූ........මන්...හොදින්.......උඹ ආව නිසා..මං හුගක් හොදින්...............

මේක කාපන්..............ඇයි කියපන් උඹට කන්න බොන්න ඔතලා ඒවලත් නොකා උන්නෙ......කෝ.....ආ ගාපන්........

මගෙ ලේ පුච්චනවා උඹ......

කොයි වෙලෙ හරි මට ඉන්ඩ වෙන්නෙ පුස්සන් කොටුවක ඇදක් උඩ ......

උඹලා හදන්නෙ මාව මරා ගන්ඩ.......එහෙන් අර මනුස්සයා....නෑ....උඹට කිව්වා කියලා තේරුමක් නෑ........කට ඇරපන් කදුලු පුරවන් බලන් ඉන්නෙ නැතුව....වචනයක් කිව්වොත් අඩනවා...දන්නෙ අඩන්න විතරයි...මගෙ පපුවෙ බිත්තර තම්බන්ඩ පුලුවන් ....... .ඩන්නෙ නැතුව ආ ගාපන් ...උඹවත් ඇහැරවන්නෙ නැතුව පාන්දර නැගිටන් උයන්නෙ මට කැසිල්ල හින්දනෙ. .

මං කොච්චර ඇහුවත් එයා නෙවෙ මට උත්තර දුන්නෙ ඒ වෙනුවට කෙරුවෙ තුරුලු වෙලා උන්න එක විතරක් වෙනකොට එතන උන්න කෙනෙක් මෙයා උදේ ආව වෙලේ ඉදන් මොකුත් කාලා නෑ කියලා කිව්වා විතරයි මම එතන ඉදන් මේ වෙනකම්ම කෙරුවෙ එයාට බනින එක......ඇත්තටම බැන්නා කියන්නෙ...මට බය හිතුනා මට ඇඩේවි කියලා.....නොකියා....නොකියා....උන්නට.....චූටි උඹ මං නැතුව කොහෙවත් යන්න එපා.....මං ඇරෙන්න වෙන ලා එක්ක වත් යන්න එපා ගගා පරිස්සම් කරන්න එකම හේතුව සැරින් සැරේම එන අම්මගෙ ප්‍රෙශර් එක හින්දා වෙනකොට මට බය හිතුනා මට අඩන්න හිතුනා......

චූටි උඹට මොනවා හරි උනොත් මාව පිස්සෙක් වෙයි කියලා හිතුනා....

මං කොල්ලට බැන බැනම බත් කැව්වා ....වෙනදට අනෙ නිරූ....ම්හුක් ....බයින්න එපානෙ නිරූ චූචියට ගහා මාව යාලු කරගන්න හදන මායම් දාලා මං එයා එක්ක යාලුවෙනතැනට වැඩ කරන සයාශ් අද මීක් නෑ.........

ගොටුකොල එක මං ලියලද අතින් කඩලද කියන්න දන්නෙ නෑ...... ඒ තරමට කොල හිටලා......

මං ආයම බත් කටක් ඇනුවා....කොල්ලට ගිලින්නවත් සැනසීමක් දුන්නෙ නෑ.....මමයි සයාශුයි එකට ජීවත් වෙන්න ගත්ත දා ඉදන් වැඩි හරියක්ම ඉව්වෙ මම......රෑට පොල් ගාලා ෆ්‍රිජ් එකේ දාබ එක ළූණූ සුදුලූනු කපලා ෆ්‍රිජ් එකේ දාන එක....එලවලු කපන එක එයාගෙ වැඩක් වෙනකොට මං එයාට හැම වෙලේම එයා ආස කරන හීනෙට යන්න හැන බරකිම්ම නිදහස් කෙරුවා .

..මං පුදුම තරම් සන්තෝසෙකින් උන්නා....බාගෙට හැදුවා උනත් අලුත් ගෙදර කිරි උතුරනකොට ..... මගෙ අම්මා කියන චරිතෙන් ඇරුනම අනිත් හැමෝගෙම්ම ආශිර්වාදෙ ලැබෙනකොට ....සයාශ් ගෙ අම්මා ලෝබ කමක් නැතුව මට ආදරෙ කරනකොට මං නොසෑහෙන්න සතුටු උනා....

සයාශ්ගෙ ගමට ගිහින් ආව දවස් ටිකේම මං උන්නෙම පුදුම සතුටකින්.....උදේ ඇස් ඇරපු පලවෙනි තත්පරේ දකින්නෙ ඒ මූන නිදියන තත්පරේ දකින්නෙ ඒ මූන.......පපුවට කරන් තුරුලු කරගත්තු තැන මහ රෑ මැද හති දාපු තැන කොටින්ම කසාද කොලේක අත්සන් නොවුනත් මම් උන්නෙ මගෙ මනුස්සයා......මගෙ කොල්ලා....මගෙ පන මගෙ ජීවිතේ.....වෙච්ච ඌ එක්ක සතුටින් වෙනකොට හිටි හැටියෙ පුපුරාපු හෙනත් එක්ක මගෙ සතුට සී සීකඩ ගියා.....

මගෙ සතුට මගෙ හිනාව වෙනුවට මගෙ මූනට තරහව පිරෙන්න ගත්තා........ඌව මට පරිස්සම් කරගන්න බැරි වෙයි කියලා හිතලා මට රෑ එලි වෙනකන් නිදි මරන්න සිද්ද උනා...කොටිම්ම මං දැන් පිස්සෙක්.......ගති ලකුනු එලි නොදැම්ම පිස්සෙක්...........

මං බැන්නා....කොල්ලට කන එක වත් දිරවන්න නොතියා බැන්නා...ඒත් එයා නෙවෙ මීක් ගෑවෙ....අනන අනන බත් ගුලියට කට ඇරියා මිසක්ක......

වැරද්ද කරලා තවත් ඔහොම කට පියන් ඉන්න එපා සයාශ් ......මං තමුන්ව මගෙ ගෙදරට අරන් ගියෙ අම්මා තාත්තා සහෝදරයන්ගෙන් ඈත් කරලා....තමුන් පොඩි කාලෙ ඉදන් පවුල එක්කම හැදුන ලමයෙක්....මං වගේ එකෙක් නෙවෙ...එහෙව් ආව තමුන්ට අසනීපයි කියලා කිව්වම...ගෙවල් වල මිනිස්සු හිතාවි මං බලන්නෙ නෑ කියලා........

මගින් මගට කිව්වා.....කාපන් කාපන් කියලා .........උඹට කන්න බැරි තරමට ඔලුව ගාවට වැඩ ආවද සයාශ් ........

මං ආයම බැන්නා.....මගෙ හිතේ තරහව වේදනාව මං හුස්මක් කටක් නොගෙනම එලියට දැම්මා...ඒත්....එයා නෙවෙ ඇතිනෙ නිරූ වත් නොකිව්වෙ....එයා කෙරුවෙ මූන පහත් කරන් අහන් උන්න එක විතරක් වෙනකොට මං ඌට අනපු බත් කට මගෙ කටේ ඔබාගන අල කෑල්ලකුත් ඒකටටම ඔබා ගත්තා හැබැයි ඒ සැනිම්ම මං ඒ බත් කට එලියට විසි කෙරුවා.......

චූ......

ඒක ඔයාගෙ වරදක් නෙවෙ.....

ලුනු කායන් ......දෙයියනේ බත් පත මීගමු කලපුවට ඔබලා ගත්තා වගේ.... ...මගෙ චූටි කියනවා ඒක මගෙ වැරද්දක් නෙවෙ කියලා..........මගෙන් බැනුම් අහ අහ මීක් නොගා කාලා තියෙන්නෙ මේ ලුනු කායමද......

මට මහ කලකිරීමක් දැනුන....මං කරපු දේ එකින් එක එකින් එක හොද්දෙ රහ බැලුවා....මස් එක තනිකරම ලුනු සාගරයක්....... අල එකේ ලුනු පොදක් නෑ.........පරිප්පුව කටේ තියන්න බෑ කහ වට තිත.........ගොටු කොල එක කන්න හක්කක් ගේන්න වෙනවා...බත් එකෙත් ලුනු......

මං එහෙම්ම මගෙ නලල මිරිකගත්තා...මං උයන්නෙ මෙලෝ සිහියකින් නෙවෙ..........

මට සිහියක් තියෙයිද.......කිව්වත් වහේ එකම ඉත්තව හිතලම වලට වට්ටනකොට මගෙ ඔලුව හොදට තියේවිද......අනෝමගෙ කැරම් බෝර්ඩ් එක උඩ හතර කොන් වල වලට වැටෙන එකම ඉත්තා මම විතරක් වෙනකොට මට පිස්සු නොහැදී තියේවිද......

මට ඇඩුනා.....බලු බැනුම් අහන් කවලා තියෙන්නෙ බල්ලෙක්ට කටේ තියන්න පුලුවන් බත් පතක් නෙවෙ කියල දැනෙනකොට මට දරා ගන්න බැරි උනා.........මට ඉකි ගැහුනා...මං බැන්නෙත් බලු බැනුම්......අඩුම ගානෙ මා එක්ක කට ගහන් ආවා නම්...මට ඒකවත් දුකක් නෑය කියලා හිතන්න තිබුනා...ඒත් බනින බැනුමත් අහගන.....ලුනු කායම් බත් කටත් ගිලපු එයා ගැන හිතපු මට මැරෙන්න හිතුනා....

මට...සමා...වෙයන්....චූටි...මං....

ඒක ඔයාගෙ වැරද්දක් නෙවෙ නිරූ......මං කිව්වනෙ..........ඒක අත් වැරද්දක්.........අත් වැරදීම් වෙනවනෙ සුදූ..............

ඒත්..මං මොන සිහියෙන්ද මේ උයලා තියෙන්නෙ........සයාශ් ...මට මෙහෙම කරන්න එපා සයාශ් ....මං එතන ඉදන් මෙතනට ආවෙ සිහියක් පතක් නැතුව.....

මට ආදරෙයිද.....

සයාශ් ........

මට ආදරෙයිද නිර්වාන්.....

එයා මගෙ ඇස් වල තිබුන කදුලු පිහිදෑවා.........මේ කොල්ලාගෙ හුරතල් මූන කෝ.......වැවුන රැවුල් කොට මූන පුරාවටම ....ඇයි මං මේ මූනෙ තිබුන රැවුල් කොට නොදැක්කෙ.....??? ඇයි මං දවසට දෙකට පරිනත පාට ගහපු සයාශ්ව නොදැක්කෙ...........මං මේ මූන පුරාවටම හාදු තියනවනෙ..........මං ආසම මේ කොල්ලගෙ කම්මුල ගාවට මගෙ මූන තියන් නිදා ගන්නනෙ.....ඒත් ....ඊයෙ රෑත් නිදියෑව මට ඇයි මේ මුනෙ රැවුල ගැන වගෙ වගක් නැති උනේ.....

ඒ අස්සෙන් මගෙන් අහනවා ආදරේද කියලා .........මං ආදරෙ නැතුවද....මං ආදරෙයි දෙයියනේ....මං ආදරෙයි....මං මේකට පිස්සුවෙන් වගේ ආදරෙයි.....

මං බැන්න නිසාද මගෙන් ඔහොම අහන්නෙ සයාශ් .....

මං කදුලු පිටිම්ම සයාශ්ගෙ මුන දිහාව බලාගන උන්නා....මං දන්නවා...දැනටමත් මගෙ ඇස් රතුවෙලා...මං කතා කරනකොටත් ඇස් වලින් කදුලු වැල් ගලාගන යනවා...මං උන්නෙ පුදුම පීඩනේක....අන් උන්නෙ පුදුමාකාර පීඩනේක.............

නෑ.....නිර්වාන්ට මතක නම්...නිර්වාන් මට අත උස්සපු දවසුත් තිබ්බා...ඒත්...මං එදා වගේම අදටත් දන්නවා...නිර්වාන් මට ආදරෙයි කියලා ...ඒත්..මට ඔයාගෙ වචන වලින් ආයම අහන්න ආසයි.......ඔයා මට ආදරෙයින කියන එක.....

මං උඹට හරි ආදරෙයි මගෙ සයාශ් .....මං උඹට පුදුම විදිහට ආදරෙයි....මට උඹ වෙනුවෙන් ඉර හද දෙන්න බෑ...ඒත්.....පන දෙන්න කිව්වොත් පන දෙන තරමට මං උඹට හරි ආදරෙයි....... මං උඹට නොසෑහෙන්න ආදරෙයි මගෙ වස්තුවෙ.......මං උඹට.....

මං එයාට ආදරෙයි කිව්වා..එක පාරක් නෙවෙ.... දහවතාවක්.....තිතක් තියලා නවත්තන්න ඕනා උනත්...මං එකම වචඑ තිත් පේලියක් නොතියා ආය ආය...එකම දිගට කියවගන යනකොට එයා මා දිහාව බලාගන උන්නා....

මං අදුනන ඔය ඇස් වලට බොරු කියන්න බෑ සයාශ් ...මට කියන්න........උඹ ඇයි ඔහොම ඉන්නෙ.....ඇයි උඹ පොරක් වෙන්න හදන්නෙ.........මං ආසයි වටේම උන්ට පොර උනත් මගෙ ගාව උඹ මට විතරක් වෙනම කෙනෙක් වෙනවට.........උඹ ඇතුලෙ ඉන්න පුංචි ලමයව මරන්න එපා සයාශ් ..කාට කොහොම උනත් මට වෙනස් වෙන්නෙ ඇයි..........

නිරූ ..... දෙයක් ඉල්ලන්නම්......

එයා මොනවා හරි හංගනවා....ඒත්....එයාගෙ ඇස් එයාව පාව දෙනවා.....ඒ ඇස් එයාවම පාවා නොදී තියේවිද.....මං ඒ ඇස් අදුනන්නෙ අදක ඊයෙක නෙවෙ වෙනකොට ....

එය මගෙ ඉදුල් අත උඩිම්ම අත තිබ්බ.....එයාට මොනවද මගෙන් ඕනලු.........

ඉල්ලපන්.....මොනවද ඕනෙ.....

නිරූ...මාව...රෙස්ටුරන්ට් එකකට එක්ක යනවද......මං..අහන්නේ....ඩිනර්...අවුට්...
එකක්

එක්ක යන්නම්.....මං උඹව එක්ක නොයා කාව එක්ක යන්නද..........

නිර්වාන්.......ඔයා දන්නවද....මං මල් වලට ආසයි කියලා ........

..............

මට...මේ වෙනකන්...කාගෙන් වත් මලක් ලැබිලත් නෑ කියලා ....

කියන්න......උඹට මොන මල්ද ඕනෙ........මගෙ සයාශ්ට ....මොන මල්ද ඕනෙ.........

සුදු රෝස......

අරන් දෙන්නම්....උඹට මං...එක මලට මල් පොකුරක්ම අරන් දෙන්නම්........තේරුනාද වස්තුවට.....

නිර්වාන් ........මල් වඩම් වලටත් සුදු රෝස තියනවද.....

මොනාද අයිසෙ මේ අහන්නෙ........???

මට මාරයා නැග්ගා........අමුතුවට කතා කරනවා මදිවට.....මූසල කතාත් කියනකොට මට මාරයා නැග්ගා........

මටම ගොක්කොල පේන වෙලෙ උඹට අහන්න කතා නැතුවද උඹ මගෙන් ඔහොම අහන්නෙ....කියපන්....ආ....මගෙම්ම ඔහොම අහන්නෙ......උඹට මොන යකාද වැහිලා ඉන්නෙ සයාශ් ......ආ....උඹට මොන යකාද වැහිලා ඉන්නෙ.............

තරහා ගන්න එපානෙ නිරූ......නොදන්න දෙයක්නෙ ඇහුවෙ.......

උඹ නොදන්න දේවල් තව කොච්චර තියනවද මේ ලෝකෙ...ඒවා අහපන්කො....ඇයි උඹ ඔය වගේ කතා අහන්නෙ...ඇයි.....උඹට මගෙ අම්මා කිව්වද

නෑනෙ...අනේ...නිරූ......මං කියවපු පොතක තිබ්බෙ...අනේ....ඔහොම තරහා ගන්න එපා මගෙ අයියෙ.........ඔහොම තරහ ගන්න එපා....නිර්වාන් ...මං කවදාවත් නොදැකපු නිසයි ඇහුවෙ.....

එයා මගෙ ඇගේ එල්ලීගන උන්නා......කියන්න හදපු කතාව මගින් නවත්තපු එයා ඒක තිබුනෙ එයා කියපු කතාවක තිබ්බෙ ගගා මැරෙන හදනකොට මං අවසානෙදි එයාගෙ හිස් මුදුනට හාදුවක් තිබ්බා....මොකද..ඒක කතාවක තිබුන දෙයක් කියලා කියනකොට අනේ ගිනි මැද උනත් මං ඒ මැදට වැටුන ඇල් වතුර බින්දුවෙන් සැනසීමක් ලැබුවා....

නිරූ....මං යන්නද......අනිත් අයටත් මං නිසා වෙලා යනවනෙ.......

යන්න වස්තුව.....අයියට පුලුවන් ඔයාව එක්ක යන්න ....


මන් එයාගෙ කොන්ඩෙ හැදුවා...කාටත් හොරාවට හාදුවක් තිබ්බා....ලුනු ලේවායක කෑම ගිල්ලුවට සමාව ඉල්ලපු මං එයාව රෑට එයා ආසම රෙස්ටුරන්ට් එකට එක්ක යන්නම් කියලා පොරොන්දු වෙලා එයාටත් හොරාවට සුදු රෝස මල් එකක් ඕඩර් කෙරුවා..........









Sayash pov.....

සයාශ් .......ඔහොම බෑ...... ඔය හරියෙදි තව චුට්ටක් මූනෙන් හැගීම් පෙන්නන්න...මොකද ඔතනදි ඔයාට ඇහෙනවා ජුලියට් සදලු තලේ ඉදන් මුමුනවා...ඔයා ගැන හිතනවා......ඔයාට එවෙලෙ දැනෙන ඕනෙ සතුටක් වගේම පුදුමයක්...ලාවට බයක්...මොකද.....අමතක කරන්න එපා......මොන්ටේගියුව් කැප්‍යුලිට් කියන්නෙ....ඇයි හොදැයි නැති පෙලපත් දෙකක්........


මං උන්නෙ ජුලියට්ගෙ සදළු තලේ යට ඉදගන..........මගෙ ගුරා කියනවා මගෙ හැගීම් එලියට ගන්න කියලා .......

මොන හැගීමද....මට දැන් හැගීම් මවන්න වෙලා තියෙන්නෙ....මට වචන පැටලෙනවා...දෙබස් අමතක වෙනවා.......ඈත කෙරවලේ ඉදන් මගෙ නිරූ බලාගන ඉන්නවා....

සයාශ්........හැගීම්...හැගීම්.....

සයාශ් අයිකන්ටෑක්ස්........

සයාශ්....ලගට..........

මගෙ ඔලු කටුව පුපුරන්න......අනෝමව හම්බවෙලා ආව මට මගදි උනේ මොනවද කියන්නවත් සිහියක් නෑ....අනෝමගෙ පිස්ටල් එකට තද උන පාරවල් ඇගට වේදනා නොදුන්නත් පපුවට වේදනා දෙනකොට හිටි හැටියෙ අතුරු දන් උන මාව ඇතුලට එන්නත් කලියෙන් සුදු මැලි වෙලා කලන්තෙ උනා....

අන් වැන්දා...නොවදිනා වැදුම් වැන්දා.....මෙ සිද්දිය නිර්වාන්ගෙ කනට යවන්න එපාය කියලා ......මොකද නිර්වාන් කියන්නෙම කේන්තිය පාලනේ කරගන්න බැරි මනුස්සයෙක් වෙනකොට දවල් උන දේවල් කනට ගියෝතින් මොනවයින් මොනවා වෙයිද කියන්න නොදැන මට මහ බයක් දැනුනා.... ..

සුරේන් අංකල්.....අප්පච්චි..........අනෝමා....සංජන.....නිර්වාන්...නිර්වාන්ගෙ අම්මා.......මගෙ ඔලුව නෑ වගෙ.........මං අනෝමගෙන් කීයක් කියල බේරන්නද.......ඇන්‍ට්‍රි එකක් දැම්මත්....ස්තාන මාරුවීම් හම්බෙයි කියලා උන් පැමිනිල්ල ලියාගන්න කලින් හරවනවා.....ඇරත්.....අනෝමගෙ අත උඩ පොලිසිය........

තව දවස් කීයද...මෙච්චර කල් හොදටම කරපු එකක් වත් මට කරගන්න බෑ...මට නිකන් මරන වරෙන්තු ලැබිලා වගේ....එල්ලුම් ගහට නියම වෙලා වගේ.....හත්දවස ඇතුල ගියෙ නැත්තන් කියාපු අනෝමා මාව.....

සයාශ් ........මොන ලෝකෙද ඉන්නෙ.....ලයින් එක කොහෙද.............

මන් ආයම බැනුම් ඇහුවා......එහෙන් මගෙ නිර්වාන් බලන් ඉන්නවා.......පව්.....ලුනුකායම් උයන් ඇවිත් තියෙන්නෙ ...රෑ එලිවෙනකම්ම මට හොරාවට කල්පනා කරනවා...ඒ ඵෝන් එකට කෝල් කීයක් නම් එනවද ......උඹ එන්නෙ නැද්ද... .උඹ එන්නෙ නැද්ද ගගා අර ගෑනි නැහෙන්න හදනවා..........


සයාශ්.. ...

මාස්ටර්....

මෙහාට එන්න.....

හැමෝම මා දිහා බලන් ඉන්නවා...මගෙ නිරූ හොරාවට කියනවා බය වෙන්න එපා එයා ඉන්නවනෙ කියලා ..එයාගෙ හිතන් ඉන්නෙ මගෙ මාස්ටර් මට බනින්න යන්නෙ කියලා ....

මාස්ටර් ......

සයාශ් ට අමාරුද අද .........

මගෙ...ඔලුව අවුල් වෙලා තියෙන්නෙ....මාස්ටර් ....තව...දවස්.....කීයද...මට ලයින්ස් මතක නෑ.......මට...ලරන්න...ඕන..මොනවද...මතක නෑ....ප්ලීස්...එයාට දැනගන්න තියන්න එපා එයාගෙ අම්මා මාව අරන් ගියා කියලා ......

.නෑ..අපි කියන්නෙ නෑ....හැබැයි......තත්වෙ අනුව හංගන එක ලොකු වැරද්දක් සයාශ්.......

මං ඒක එයාගෙ තාත්තට කිව්වා...නිර්වාන් කියන්නෙ......අම්මා එක්ක හොද බැදීමක් නැති කෙනෙක්....




*

*

*


චූටී.......

ම්ම්ම්......

දැන් දවල්ට මොනවද මගෙ නලුවා කන්නෙ.....ම්ම්ම්ම්

වෙලාව හවස....තුනට වගේ ඇති....මං ගාට ගාට කොහොම හරි මගෙ ඔලුවට බල කරලා අනිත් මිනිස්සුන්ට අසාදාරනයක් නොවෙන්න රිහසල් කෙරුවා...අතෙ ඇගිලි ගානට වඩා දවස් ගාන අඩුයි...දර්ශන වාර දෙකක ටිකට් ගහලා පෙන්නන නාට්‍යක්....මගෙ වැරදි හන්දා මන් අනිත් මිනිස්සුන්ගෙ බලාපොරොත්තු නැති කරන්නෙ කොහොමද ..........

අන් උන්නෙ ආයම අමතක වෙන දෙබස් දිහා බලාගන....කැබ් එකට නැගපු මගෙ ශීට් බෙල්ට් එක දැම්මෙත් එයා...... මහන්සියෙන් ඉන්නෙ කියලා දන්න හන්දා හාදුවක් තිබ්බෙත් එයා.....වැඩිපුරම කියෙව්වෙත් එයා.........

චූටියෝ......

ම්ම්ම්ම්ම්.....

මං ඔලුව කැසුවා.........ජුලියට් එනවා.....මං රෝමියෝ මැරුනයි කියලා හිතාගන වහ බොනවා...ඒත්....රෝමියෝ ඉන්නෙ සිහිමුර්ජාව.......මගෙ රෝමියෝ මෙහෙන් චූටියෝ ගානවා....

මොනාද කන්නෙ බන්..........

නිරූ . ... . ....

ම්ම්.....මොනාද ඕනෙ .බයිද.....ලුනු ලේවායක්නෙ මං මගෙ කොල්ලට බැන බැන ගිල්ලෙව්වෙ.......උඹගෙ රැවුල අප්පා.....කපපන්කො.....මුනට ඇනෙනවනෙ..........ඉලන්දාරි පාටයි .....

මන් අතේ තිබුන ස්ක්‍රිප්ට් එක එහෙම්ම මගෙ ක්ලියර් බෑග් එකට දාලා පිටිපස්සෙ ශීට් එකට ශැම්මා විතරයි එයා ඩ්‍රයිව් කරනගමං මගෙ මූනට හාදුවක් තියලා රැවුල් කොට වලට නෝක්කාඩු කියන්න ගත්තා.. ...මං හිනා උනා........

දැන් ඉතින් මං නලුවෙක්නෙ නිරූ...චූචියා අනික රෝමියනෙ.......

ම්ම්..ම්ම්...රෝමියා තමා...රෝමියගෙ කට කඩන්න හිතෙනව වෙලාවකට...කෝ කියපන්කො කොල්ලො මොනවද උඹට කන්න ඕනෙ.......බත් නම් එපානෙ බබා.......මං ටේබල් එකක් බුක් කෙරුවා...හතට......ඒක නිසා......දැන් තුනනෙ වෙලාව......චූටි දෙයක් කමුද......

හතට ....එයා කොහෙද දන්නෙ නෑ බුක් කෙරුවෙ...........මලුත් දෙයිද දන්නෙ නෑ....නෙ...චූචියට ලස්සන සූට් එකකුත් ඇදන් යන්න වෙයි එහෙනම්...අයි...අයි..........!






නිරූ    මට කිඹුලෙක් අරන් දෙන්නකො ... 

මැටි කිඹුලෙක්ද.....??කටු කිඹුලෙක්...ඇලි එකෙක්.........නැත්තන්....හැලයෙක්.......
සීදේවියෙක්........

යෝහ්....මිනිහො.......සිනි දාපු කිඹුලෙක් හැලයො.............

සීදේවිට සීනි දාපු කිඹුලෙක්ද.....හ්ම්...අරන් දෙන්නම්.......








චූටි....ඔය රැවුල නම් හරියන් නෑ ලමයෝ.........මූනත් එක්ක ඇදිලා ගිහින්...........කපාගන්න ආ........

මං උන්නෙ එයාගෙයි මගෙයි ඇද උඩ අපි දෙන්නගෙ ඇද උඩ උඩ බෙලි අතට පෙරලීගන.......සීනි බනිසක් ඉල්ලපු මම නැවතුනෙ බේකරියෙ විකුනන්න තිබුන ගල් මස්කට් බෝතලයකුත් අරගන.......

මං ඉල්ලුවෙ එක කෑල්ලක්....ඒත් එයා අරන් දුන්නෙ මට බෝතලේම.........එක අතකට  එක කැල්ලක් කියන්නෙ කැලනි පාලම යටින් පොල් මට්ටයක් යනවා වගෙ.....ඉස්සර ගල් මස්කට් කෑල්ලක රස...උස...මස.....දැන්...පාන් පිටි වගෙ........මගෙ නිරූ නානවා....මං ගෙම්බා ගැහුවා වගේ ජොකා පිටින් ගල්මස්කට් කනවා....

ඇත්තටම මං හිතන් උන්නෙ......අපි එක ගෙදරට ආවට පස්සෙ.....අර දුරින් ඉන්නකොට තනියෙන් බලන හීන අස්සෙ තිබුනා වගෙ....නානකොට දෙන්නම එකට නාන්න යයි.....හැමදාම රෑට ඇග උඩ නගී.....ෆිල්ම්වල වගේ උයනකොට ඇවිදින් පස්සෙන් බදාගනී වගේ දේවල්.....හැබැයි .......උයනකොට පස්සෙන් ඇවිත් එක තත්පර්‍රෙකට මාව තුරුල් කරන එක විතරයි ඔතනින් ඇත්තක් උනේ...උදේ ඉදන් නැහෙන මිනිස්සුන්ට ඒ තරම් රොමෑන්ටික් වෙන්න රෑට පන නෑ......

තුරුල් කරන් නිදාගන්න දවස් ඉහෙ කෙස් ගානට තිබුනත්.....ඇග උඩ නැගපු දවස් තිබුනෙ අතේ ඇගිලිගානටත් අඩුවෙන්...  ආදරෙ නැති උනාද....අපේ නෑ.....ආදරෙ තිබුනා උතුරන්න.......හීන අතරෙයි ...යතාර්‍ර්තෙ අතරෙයි තිබුන පරතරේ වැඩි වෙනකොට තනි පංගලමෙ ඉන්නකොට බලාපු සමහර රූප රාමු වලට වෙච්ච කෙරිච්ච දෙයක් නැති උනා...ඒත්....ඒ ආදරේ ගාවදි නම්......මට මොන දේ නොලැබුනත් මොකද.........උඹව ලැබුන එකම මදිද කියලා මං හිත හදා ගත්තා....


චූටි..........සයාශ් ........උනුවතුර තියනවා....ගිහින් නාගන්න.......

මං ගල්මස්කට් බෝතලේ බදාගන සිවිලිම දිහා බලන් උන්නා....චූට්ටකට නැති අපෙ ගේ පොඩ්ඩ....කුසියයි...සාලෙයි....නාන කාමරෙයි...පහල කාමරෙයි විතරයි ...උඩ තවම එහෙම්ම....ස්ලැබ් එක විතරයි .............

.බාතෲම් එකෙන් එලියට ආව එයා ටවල් එක පිටින් එහාට යනවා මෙහාට යනවා...යකඩ කදන් උස්සලා පිට මැද මස් ගොබ නිකන් සමනල තටුදෙකක් වගේ තිබුනා............



චූටි.....මොකක්ද අදින්නෙ......

ඔයාහෙ ඇදුමට ගැලපෙන එකක් ගන්න නිරූ

බබා රැව්ල කපන් වරෙන්........නැතුව නම් එන්නත් එපා.........

එයා මට අයම  බනිනවා...ආදරනීයම තරවටු ....අර ගෑනි මාවයි එයාවයි වෙන් කරන්න  කොහොම හිත හදා ගත්තද මන්දා............

අනික...ටානියා.....මං හිතුවෙ නෑ...ඒකි මේ තරම් නපුරු ඇති කියලා .........උන් කාටත් හිතක් පපුවක් නෑනෙ.......හිතක් පපු තියන උන් නම්...අනෝමා එක්ක ඉදීද....

මං ඇදන් උන්න යටකලිසම ගැලෙව්වා ........හෙලුවෙම්ම වතුර මල යට හිට ගත්තා.......උනුවතුර කරාමෙන් චුට්ටයි...ඇල් වතුර කරාමෙන් චුට්ටයි ...දැන් තමයි සනීපම වතුර එන්නෙ...............

තව දවස් හතර පහකින් ලොකුවලා යනවා....හරියටම උන් යන්නෙත් මගෙ ඩ්‍රාමා එක දාමයි....උන්ට බලන්න එන්න වෙන්නෙ නෑ....උන්ගෙ ෆ්ලයිට් එක තියෙන්නෙ උදේ...... .  ...උන් දෙන්නා යන එක මට වේදනාවක් ගෙනාවත්...අනෝමගෙ තර්ජන එක්ක....මට උන් රටින් පිට වෙන  එක සැනසීමයි........අම්මා ඉන්නෙ ගමේ නිසා...ඒකිට දැනගන්න විදිහක් නෑ....ලොකු නැන්දා ගෙදරින් එලි බහින්නෙ නෑ........ඒත්....මට බය...ලොකු මාමයි....චූටියලා ගැනයි...ඒකි දන්නවා...ඒකි වගේ නෙවෙ....මං මගෙ පවිලට කොච්චර බැදිලා ඉන්නවද කියන්න ඒකිදන්නවා....

සුරේන් අංකල්......මං උඹගෙ අත් දෙක විස්වාස කරනවා ඩැඩා.......උඹ මාවත් බාර ගත්තා නම්.....මගෙ විස්වාසෙ රැකපන් ඩැඩා......
නාලා ඉවර වෙනකම්ම කලපනා කරපු... මං  එයා මැරෙන්න හදන හන්දා රැවුලට් කපාගන අවසානෙදි බාත් රොබ් එක ඇදන්  එලියට ආවා...කාමරෙන් එකයි මගෙ නිර්වාන්ගෙ සුවද...........






.වස්තුව ................

ම්ම්.....

මහන්සිද........???


නිර්වාන්ගෙ ඉන වටෙ පැටලිලා තිබුන මගෙ නිරුවත් කලවෙට හද එලිය වැටිලා තිබුනා.......

කාමරෙන් එකයි....රෝස මල් සුවද...නිකන් නෙවෙ.......සුදු රෝස මල්  ගුහාවක් වගේ අපේ කාමරෙ......

.ඒ වේදනා කාරි දවස ගෙවිලා තව දවස් තුනකුත් පහු වෙලා..........ඒත්....ලෝබ කම හන්දා මං ඩිස්ප්‍රින් පෙති දදා රෝසමල් පොකුර තියා ගත්තා........එදා රෑ මං හරි සතුටින් උන්නා....එලියෙන් කන්න ඕන කියපු සැනින් මං ආසම කෑම ගෙන්නවපු එයා.... ජීවිතේ පල වෙනි පාරට මට මල් පොකුරක් දුන්නා...හාදුවක් තිබ්බා........තුරුල් කරගත්තා .....දවල් උන දේට " මට සමාවෙන්න රත්තරන් "    කියලා සමාවත් ඉල්ලුවා.....ඒ දවසින් පස්සෙ ඉරවල් තුනක් පෑව්වා.....

මල් පිපි පිපි  පර උනා......පාට පාට සමනලයො ඇවිදින් සන්තකේටම තිබුන පුංචි සීනියස් මල් වල පැනි අරන් ගියා     ......වෙනදට නම් මගෙ වස්තුවට තවම සනීප මදි කියන  සෘංගාරෙ අඩමානෙට පෙන්නලා බහින මගෙ නිරූට අද මාව මදිවෙලා.....නෑ....ඇත්තටම එයාට අද රෑ මදි වෙලා......

පුංචි පුංචි හාදුවල ඉවරයක් නැති වෙනකොට මුමුන මුමුන ආදරෙයි කියපු වචන කන් පෙති හිරිවට්ටවනකොට වෙව්ලගන පන ඇරපු උන්ට ආය කරන්ට් වැදුනා ......

පහෙ කනිසමත් පහු වෙන්න එනවා ....කීයට පටන් ගත්තු පටන් ගැම්මද මේ ...ඒත්...ආදරේ උතුරන තැන්වල කොහෙද මහන්සියක් කියලා වචන වලින් නොකියපු මං මගෙ දත් පාරවල් වැදුන උර හිසට හාදුවක් තියලා ඇස්වලින් කියනකොට මෙච්චර වෙලාම නිවාඩු ගත්තු ඇද ආයමත් ආලිංගන තොටිල්ල හෙමිහිට පද්දවන්න ගත්තා .....








වස්තුව ........චූටි...........

ම්ම්ම්හ්...නිරූ....

හවස් වෙලා......තුනටත් ලගයි ...තාම ඌරා හෙලුවෙන් ...යන්න ඕනා කිව්වා නේ....

මං උන්නෙ ඇද රෙද්ද අස්සෙ ඇකිලීගන ...මං දන්නෙ නෑ පායපු ඉරත් ජනෙල් තිර අස්සෙන් දකින්න ඇත්තෙ අමු හෙලුවෙන් උන්න එයාව මාව.....කාත් කවුරුත් නැති ගෙදර සීසිකඩ විසි උන ඇදුම් නටපු නාඩගම් වලට උඩ යට හැරවුන ඇද...අවසානෙදි බිම් කරුවල දියවෙලා යන වෙලාවකදි හති වැටුන එයයි මායි නිදියෑවෙ පොරවගන්නෙවත් නැතිව උනත් මට කලින් නැගිටපු නිර්වාන් මගෙ මුන ඉතුරු වෙන්න පෙරෙව්වා ....

අල්ලපු අඩව්වෙ ගණ කම කොච්චරද කියනවා නම් මට හෙට කරන්න වෙන්නෙ රෝමියො ජුලියට් වෙනුවට නොන්ඩි රෝමියො කියලා හිතෙන තරමට මගෙ කකුල් වේදනා දුන්නා .....

නිරූගෙ වස්තුවෙ....

ඇද බර උනා     .......මේ එන්නේ එයාගෙ සුවද     .....මේ එන්නෙ එයාගෙ උනුසුම....නිදාගන උන්න මගෙ හිස කෙස් අස්සෙන් ඇගිලි යවපු නිර්වාන් කම්මුලට හාදුවක් තිබ්බා

බබා....අම්මා එනවා කිව්වා...පව්නෙ....නොකියම ඇවිත් බස්වල ඇවිත් මහන්සි ඇති චූටි මන් අම්මව එක්ක එන්න යනවා ......දොයියෑවා ඇති    .නැගිටලා නාගන්න ....ඔයාට හවස යන්න ඕනා නේද ම්ම්ම්.....අරුන් දෙන්නා මොනවා කරන්ද දන්නෙ නෑ......

.ම්හු....ක් නි...රූ.....

.ම්ම්ම්...ඇයි ඉතින්....චූටි වස්තුවට කම්මැලි හිතුනද.....ම්ම්ම් මගෙ රෝමියගෙ කට කෑවෙ කව්ද ම්ම්ම්ම්...මේ චූචි කට.....ඉදිමිලානෙ ..........

මට ලැජ්ජා හිතුනා......එයාගෙ හපන්කම් වල තරමට කට විතරක් නෙවෙ මගෙ සර්වාංගෙම තිත් තිත් බමුනා වෙලා තිබුනා ......හාදු කෝටියක් තියපු නිරූ අම්මව එක්කන් එන්න යනකොට මං තනි  උනා....හෙට ලොකූලා යනවා .........අම්මා ඒ ඔක්කොටම එක්ක වෙන්න ඇති එන්නෙ.....

තවත් චුට්ටක් ඈලි මෑලි කඩපු මේ දවස් දෙක තුනට මීක් සද්දයක් නැති අනෝමා ගැන හිත හිත බාතෲම් එකට යන්න හදනවත් එක්කම මගෙ ඵෝන් එකට කෝල් එකක් ආවා....

ඩැඩා......



















🙂ආයම කොටසකිම් එන්නාම්.....

🙂පුඥ්ඥෙලා එක්ක එනකම් පයිස්සමින් ඉන්ඩෝ

🙂ආතරෙයි    .....

🙂මම ජොබී...

Nedeesha 😘💐

Continue Reading

You'll Also Like

84.1K 20.4K 62
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥
178K 26.6K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
64K 8.7K 34
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
109K 18.7K 58
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...