Chapter 66

3K 497 106
                                    

පැය 24ක් යන්න කලින් සියළු මාධ්‍ය ආයතන අසත්‍ය තොරතුරු වාර්තා කිරීම ගැන සමාව ගත්තා.ඒක සිද්ධ උනේ ප්‍රතාප්ගේ බලපෑම් නිසා වගේම රටේ අගමැතිතුමා වගේම ප්‍රතාප්ත්  ඒ සම්බන්දව statement එකක් දුන්නා.

" මට කියන්න මහා ලොකු දේවල් නෑ..ඔයාලා රටේ ප්‍රසිද්ධ මාධ්‍යායතන වෙලත් මේ වගේ 2.50 gossips උදේ පාන්දර උඩ පැන පැන හෝදපු එක ගැන නම් ඇත්තටම කණගාටුයි වගේම මං පැහැදිලිවම කියනවා මේ ගැන මං නීතිමය පියවර ගන්නවා කියලා..මොකද අපහස උනේ මගේ දරුවාට..ඒකත් ළමා අපයෝජනයක්..බලාපරාධයක්..මේ රටේ අපරාධකාරයෙක්වත් ඒ මිනිහා අපරාධයක් කරා කියලා ඔප්පු වෙනකල් ඒ මනුස්සයාගේ මූණවත් අනන්‍යතාවයත් හෙළි කරන්නේ නෑ..ඒත් කවුරු හරි පුම්බපු ගොසිප් එකක් මගේ ළමයා ගාවගෙන ඒ ළමයාගේ අනාගතේ විනාස කරන්න මාධ්‍යට පුළුවන්ද..?ඔයාලා මගෙන්නේ ප්‍රශ්න කලේ..මං උත්තරේ දුන්නා..හැබැයි මට අහන්න පුළුවන්ද කෝ මාධ්‍ය සදාචාරය...?මගේ දරුවාගෙයි ඇමතිතුමාගෙයි ආත්මගරුත්වයට ඔයාලා ගෙවන මිල කීයද..?"

මුලදි ප්‍රතාප්ගෙන් ලැබුණු voice cut එකේ තිබුණේ තද ගතියක් උනත් ප්‍රතාප් අහපු අන්තිම ප්‍රශ්න වල තනිකරම තිබුණේ sarcastic ගතියක්..හැබැයි උදේ පත්තර සාකච්ඡා වල අමු අමුවේ නැති දේවලුත් ඇදගෙන පට්ට ගහපු මාධ්‍ය ආයතන ටික නම් උන්නේ කරපු මෝඩකම කියන මතේ..ඒ වෙලේ දුර දිග නොබලා තිබුණු ඉරිසියාව තරහාට උඩ දදා පාර ගැහුවාට දැන් තමයි එයාලාට මතක් වෙන්නේ ප්‍රතාප් එක්ක ලේසි නැති බව.

මනමේන්ද්‍ර අගමැතිතුමා නම් ඕවාට statement දෙන්න ගියේ නෑ.හැබැයි යන්නේ නෑ කියලා හිතාගෙන උන්නු උත්සවයකට අද එතුමා සහභාගි උනේම අනිවාර්යයෙන්ම මාධ්‍යයෙන් එයාගෙන් ප්‍රශ්න කරනවා කියලා දන්න නිසාම.

" අගමැතිතුමනි..අද මුළු රටම උදේ කැලඹුන නිව්ස් එකක් තිබුණා අයුක ඇමතිතුමයි මේ රටේ ප්‍රසිද්ධ ප්‍රභූවරයෙකුගේ පුතෙකුයි  අතර පළහිලව්වක් ගැන.."

"ආහ්..ඒක බොරුවක්..වැරදි වැටහීමක්..ඒ කියන පුද්ගලයාගේ දරුවා කියලා වරදවා වටහාගෙන තියෙන්නේ මගේ පොඩි පුතාව..ඔය කියන දරුවයි මගේ පොඩි පුතයි ඉස්කෝලේ යාළුවෝ..ඉතින් අයුක එක්කත් සමීප සම්බන්දතාවයක් එයාලාට තිබෙනවා.."

යුග් (Just For You - Season 02)Where stories live. Discover now