යුග්ම පුරුදු විදිහටම තාප්පෙන් පැනලා අයුකගේ කාමරේට ආවේ අයුක ඇරලා තිබුණු දොරෙන්.ඒ එනකොට අයුක හිටියේ නෑ කාමරේ.ඒත් බෙදපු බත් පිඟානක් තවත් පිඟානෙකින් වහලා තියා තිබුණා.
ඒ දිහා ඇස් කොනෙන් බලපු යුග්ම කාමරේ එහාට මෙහාට ඇවිද්දේ හරි කලබලෙන් වෙද්දි යුග්මට ඕනි උනේ එයාව පාලනය කර ගන්න.
" Ahhh...oh my god...yugma.."
දොර ඇරගෙන කාමරේට ආව අයුක ගැස්සිලා ගිහින් කෑ ගහන්න ගියත් ඒ ඉන්නේ යුග්ම කියලා තප්පර අරික්කාලකින් තේරුන නිසා ඉක්මන්ට දොර ලොක් කරලා දොරට පිට දීලාම එයාගේ කලබල වුණු හදවත සන්සුන් කරගත්තා.මේ හැමදේම දිහා යුග්ම නිහඬව බලාගෙන හිටියා.
"පිස්සුද මනුස්සයෝ තමුසෙට...ආ...පිස්සුද..?කියලා වරෙන්කෝ එන වෙලාවක්.."
අයුක කියන වචනයක් ගානේ යුග්මගේ උරහිසට ගැහුවා යුග්ම නෙවෙයි හෙලවුණේ..යුග්ම නෙවෙයි වචනයක් කිව්වේ තියා අයුක දිහා බැලුවෙවත්..
" අම්මා ආවානම්..."
" අම්මා නම් තව කමක් නෑ..අප්පච්චි ආවා නම්...මොකද කරන්නේ ආහ්..? මොකද කරන්නේ..?"
" මල්ලි ගෙදර ආපු ගමන් කඩා වදින්නේ මගේ කාමරේට..ඌ ආවා නම්..."
" ඇයි ඕයි..මැසේජ් එකක් හරි දාන්න තිබ්බානේ ඔයා එනවා කියලා...ආහ්..ම්ම්ම්...යුහ්..."
අයුකට කියන්න හම්බ වුණේ එච්චරයි..අයුකගේ බෙල්ලෙන් අල්ල ගත්ත යුග්ම එයාව බිත්තිය දිහාට තල්ලු කරලා අල්ල ගත්තේ අයුක ඒ ග්‍රහණයෙන් මිදෙන්න දගලද්දි..
" මැසේජ් දාන්න..මැසේජ් තෝ සීන් කරනවද කියපංකෝ...කියපං...තෝ සීන් කරනවද...?"
" අහ්හ්..යුග්...මට රිදෙනවා..ර්..රි..."
අයුකගේ ඇස් වලින් කඳුළු බින්දු කඩා වැටෙද්දි යුග්ම අයුකගේ බෙල්ල අතහැරලා අයුකට පිටු පාලා හිට ගනිද්දි අයුක එයාගේ කඳුළු පිහඳ ගත්තා.
" ඇයි තරහින්..."
යුගමගේ ඉස්සරහින් හිට ගත්ත අයුක තරහා ගියේ ඇයිද අහද්දි යුග්ම මොකුත් නොකියා අයුකගෙන් ඇස් අහකට ගත්තා.
" ඇයි...? ඇයි..?ඇයි...? ඇයි ඕයි...ඇයි..?"
යුග්මගේ කොලර් එකෙන් අල්ල ගන්න ගිය අත් දෙක යුග්ම තනි අතින් හිර කරලම අල්ල ගත්තේ ආයෙමත් අයුකට ඒ දැඩි ස්පර්ශය වේදනාවක් ගෙනාවා.යුග්මගේ මේ ස්වරූපෙට අයුකට බය හිතුනා..තරහා ගියාම යුග්මගේ හැටි අයුක දැක්කේ එදා මන්ධීර්ට ගහපු දවසේ.
YOU ARE READING
යුග් (නුඹ වෙනුවෙන් Season 2)
Non-Fictionආවා නම් කියෙව්වා නම් කමෙන්ට් එකක් දාලා පලයං...