Chapter 45

3K 455 131
                                    

පහුවදත් නෙහාරගේ තරහා ඒ විදිහටමයි..ප්‍රතාප්ගේ වැඩ ඉවර වෙද්දි පාන්දර තුනත් පහු වෙලා තියෙද්දි ඒ වෙනකොටත් නෙහාර උන්නේ ඇදේ මුල්ලටම වෙලා සුව නින්දක.එතකොටයි ප්‍රතාප් දැක්කේ එයාගේ කොට්ටේ නෙහාර සෝෆා එකට දාලා කියලා.ඒ කියන්නේ ප්‍රතාප් අද නිදා ගන්න ඕනි සෝෆා එකේ කියන එක වෙද්දි ප්‍රතාප් නිහඩවම ගිහින් සෝෆා එකේ ඇල වුණා.

එයාට මහන්සී..උදේ ඉදන් පැය 20කටත් වඩා වාඩි වෙලා වැඩ කරලා කොන්ද කැක්කුමයි..ඒ මදිවට ඒ දිග අතපය වලට ඒ සෝෆා එක මදි.ඒත් ප්‍රතාප් මොකුත්ම නොකියා මොකුත්ම නොකර ඇදෙ ඇල වුණේ නෙහාරව තවත් කේන්ති ගස්සන්නවත් උදේ පාන්දර ඇහැරුණාම රණ්ඩු වෙන්න ඕනිවත් නැති නිසා..ඇත්තටම එයාට අද මහන්සි.

ප්‍රතාප්ට නිදාගන්න උනේ පැය තුනයි..නෙහාර නැගිට්ට වෙලේ ඉදන් හිතා මතාම එක එක සද්ද දානවා.දොර හයියෙන් වහනවා..මහා හයියෙන් bathroom එකේ ටැප් එක අරිනවා..අසාමාන්‍ය විදිහට මහා සද්දෙන් බඩු වට්‍ටනවා.

ප්‍රතාප් ඇහැරුණත් එයා නෙවෙයි ඇස් ඇරියේ..එයා නෙවෙයි මොකුත්ම කිව්වේ..අන්තිමට කාමරේ සද්ද කරලා ඇති වුණු නෙහාර කුස්සියට ගියේ නින්දේ උන්න ප්‍රතාප්ට ගස්සගෙන.

"බේබී..දැන් තරහා වෙලා උන්නා ඇති නේද..?"

පැයකට විතර පස්සේ ඇහැරුණු ප්‍රතාප් ඔෆිස් යන්න ලෑස්ති වෙලාම කුස්සියට ගියේ නෙහාරව ශේප් කර ගන්න හිතාගෙන.

" ඔයාගේ breakfast එකට පෑන් කේක් තියනවා..ඒකත් මං box එක්කට දාලා කෑම මේසේ උඩ තියෙනවා...දවල් කෑම එකත් එතනම ඇති..ම්ම්..ඔයාගේ coffee එක..."

ප්‍රතාප්ගේ ප්‍රශ්නේ වෙනුවට කෑම ගැන කියපු නෙහාර කෝපී කෝප්පේ ප්‍රතාප් අතට නොදි මේසේ උඩින් තිබ්බේ ප්‍රතාප්ගේ මූණවත් නොබලා.ප්‍රතාප්ගේ අත් මිටිමෙල වුණා.

"That's enough neshu..."

"Aren't you going to be late..go to office now..there is nothing to do between you and me..."

" I'm sorry neshu..forgive me..please..don't upset with me..don't get angry with me.."

" let me go..."

නෙහාරව තමන් ළඟට ඇදලා ගත්ත ප්‍රතාප් ඔහුගෙන් ආයාචනා කරද්දි නෙහාර දගලලා දගලලා ප්‍රතාප්ගෙන් මිදිලා යන්න ගියා.

යුග් (Just For You - Season 02)Waar verhalen tot leven komen. Ontdek het nu