Chapter 17

3K 407 76
                                    

පළවෙනි වතාවට නෙහාරගේ අත ප්‍රතාප්ට ඉස්සුනා.ඒක කවුරුවත් කවමදාකවත් නෙහාරගෙන් බලාපොරොත්තු උන දෙයක් නෙවෙයි.

නෙහාරගේ ඇස් රතු වෙලා..කඳුළු පිරිලා..දුකට නෙවෙයි කේන්තියට.එයාගේ තොල් පවා වෙව්ලනවා..වෙනදාට ආදරෙ උතුරන ඇස් වලින් , බයේ බිම් බලන්න දගලන ඇස් වලින් අද ප්‍රතාප් දිහා බලන් ඉන්නේ මහා අප්‍රසන්න හැඟීම්කින්.

ප්‍රතාප්ගේ කියලත් වෙනසක් නෑ..ඒ ඇස් ගිනි රතු වෙලා,හකුපාඩා පවා එකට තද කරන් දත් මිටි කනවා.මූණේ මස් පිඩු වෙව්ලනවා. එක අතකින් කම්බුල අල්ලගෙන එයා නෙහාර දිහා බලන් ඉන්නේ මරලා දාන්න වගේ බැල්මකින්.

මේ දෙන්නාගේ වලියට මැදි වෙලා බලන් උන්නු යුහාෂිගේ අතින් පොල් පිඟානම හැලිලා.එයා ඉන්නේ එයාගේ අප්පච්චිගේ කටින් පිටවුණු වචනයි අම්මිගේ කම්බුල් පාරයි නිසා ශොක් වෙලා.

" තමුසේ...ජරා වනචර මිනිහා...ලැජ්ජා නැද්ද ඕයි තමුසෙට..ආහ්..මගේ දරුවෝ ඉස්සරහා මාව ලැජ්ජා කරනවා..ඇත්තමයි තමුසේ මහා අප්පිරියා හිතෙන ජාතියේ මිනිහෙක්...මං උන්ගේ අම්මා මිසක් උඹේ වේසියක් නෙවෙයි මිනිහෝ උඹේ ළමයි ඉස්සරහාම උඹෙන් මෙහෙම වනචර කතා අහන්න..."

නෙහාර දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු ප්‍රතාප් යුහාෂි දිහා බැලුවා.

" I am sorry princes...ඔයාව අපහසුතාවයට පත් කරන්න හිතුවේ නෑ..මං ඔයාව දැක්කේ නෑ පුතේ..." 

ප්‍රතාප් අපහසුතාවයෙන් කිව්වේ අහක බලාගෙන.ඊයෙත් යුග්ම ඇහැරන් හිටියට කමක් නෑ කිව්වත් ප්‍රතාප් සෝෆා එක උඩ දුර දිග ගියේ නෑ..අදත් එයා පැත්තකට වෙන්න හිටපු යුහාෂිව දැක්කේ නෑ.දැක්කා නම් එයා නෙහාරට ඔය කතාව කීයටවත් කියන්නේ නෑ..නිතරම නෙහාරගේ ගරුත්වේ ගැන හිතන ප්‍රතාප් හීනෙකින්වත් වෙනදාට සාමාන්‍ය ඔය කතාව අද කියන්නේ නෑ.

නෙහාර තවමත් ප්‍රතාප් දිහා බලාගෙන ඉන්නේ ගිණි පිටවෙන දෑස් වලින්.ප්‍රතාප් වචනයක්වත් නොකියා යන්න යද්දිත් නෙහාර තවමත් හුන් තැනම ගල් වී දෑත් මිටි මොලවාගෙන බලා උන්නේය.

"අම්මේ...ඒ දේ හිතන්න එපා..අප්පච්චි මං ඉන්නවා දැක්කේ නෑ..අනික....අනික...මං...ඒ දේ අමතක කරලා දාන්නම්..its just a normal thing ammi...ඔයාලා husband and wife..ඒක හරි simple දෙයක්..අපි මේ ජීවත් වෙන සමාජේට ඕක හරි normal දෙයක්..."

යුග් (Just For You - Season 02)Where stories live. Discover now