Chapter 67

4.5K 628 140
                                    

මන්ධීර් ඉස්කෝලේ යන්න පිටත් වෙලා..අගමැතිතුමාත් උදේම පිටත් වුණේ මතුගම පැත්තේ උත්සවේකට යන්න තියෙන නිසා වෙද්දි ගෙදර ඉතිරි වුණේ අයුකයි නිතිකයි විතරයි.අයුක නම් ගෙදරින් එළියටවත් බහින්න අකමැති වෙද්දි අද පාර්ලිමේන්තුවත් කට් කරන්නයි කොල්ලාගේ උවමනාව.ඒත් උදේම අප්පච්චි ගෝරනාඩුව කරලා ගිය විදිහ මතක් වෙද්දි හරියටම දවස් දෙකකට පස්සේ කොල්ලා කාමරෙන් එළියට අඩිය  තිබ්බා.

" අයුක..තෝ මගෙන් මැරුම් කන්න එපා..මිනිහෙක් වගේ ප්‍රශ්න වලට මූණ දියං...පිම්පියෙක් නොවි..පිරිමි භාගයක්ද යකෝ මං ලොකු පුතා කියලා හැදුවේ...ගෑණියෙක් වගේ දැන් දවස් දෙකක් තිස්සේ ඕක අස්සට වෙලා අඩන්වනේ මූසලකමට..."

අප්පච්චිගේ ගෝරනාඩුව මතක් කර කර කොල්ලා පඩිපෙළ බහිද්දිම පහළ land line එක ring වෙද්දි අයුක ඒක answer කලා.

" ඔව් ජයසිරි..."

" සර්...යුග්ම සර් ඇවිත් ඉන්නවා.."

අයුක ෆෝන් එක කනේ තියන්ම කල්පනා කලේ එයාට ඇහුනේ හරිදේද කියලා..

" සර්..මං යන්න කියන්නද..?"

" එ...එ...එපා...එන්න දෙන්න..."

අයුක එහෙම කියලා ෆෝන් එක තියලා දුවන්න හැදුවේ උඩට..එයාගේ ඇස් ඉදිමිලා..ඇස් යට කළු වෙලා..කන්න පිරියක් නැතුව කටක් දෙකක් කාලා කොමඩ් එකට දාලා ෆ්ලෂ් කල නිසාම කොල්ලාගේ තොල්පට පවා සුදු මැලි වෙලා.එයාට ඕනි උනේ පොඩ්ඩක් හරි පිළිවෙල වෙන්න.

" කවුද ලොකූ..."

" අම්මා..මේ...අම්මා...මේ...යුග්ම..."

" ඒ දරුවා මොකටද ආයෙම මෙහේ..."

" දන්නේ නෑ අම්මා..ඒත් අම්මා ඔයා පොඩ්ඩක් අයින් වෙලා ඉන්නවද..? එයා යනකල් මේ පැත්තට එන්නේ නැතිව..ප්ලීස් අම්මා..ප්ලීස්.."

" ම්ම්ම්.."

අයුක නිතිකාගේ අතිනුත් අල්ලගෙන බෑගෑපත් වෙද්දි නිතිකා රවලා අතත් ගස්සගෙන කුස්සියට ගියා.සමහරවිට යුග්ම එන්න ඇත්තේ එයාටත් කතා කරන්න ඕනි නිසා වෙන්න ඇති..ඒකයි හරියටම හොයලා බලලා මේ වෙලාවටම ආවේ..ඒ නිසා නිතිකා ඉඩදුන්නා.

CCTV තිරයෙන් අයුක බලන් උන්නා..එයාගේ ඩුකාටි එක ලස්සනට පෝටිකෝවේ නතර කල එයා හෙල්මට් එක ගලවලා ශීට් එක උඩින් රැදෙව්ව විදිහ..අවුල් උන කොණ්ඩේ ලස්සනට ගාණට කණ්ණාඩියෙන් බලන් හදන විදිහ..කළු ජැකට් එක ගලවලා ඒකත් ශීට් එක උඩම තියන විදිහ.නීට් එකට කොණ්ඩේ පීරලා..එක ඉරක් නැති යුනිෆෝම් එක කිරිම කිරි සුදු පාටයි.සපත්තු දෙක පවා මූණ පේන්න තරම් මැදලා..ඒ එයාගේ පිරිසිදුකම පිළිවෙල..අයුක නිකන්ම තමන් දිහා බැලුවා..රෑ ඇඳුම පිටින් තාම..දවස් දෙකකින් නොකපපු ඇපිළිවෙලට හතර අතට වැඩුණු රැව්ල් කොට...පීරලා නැති කොන්ඩේ..නින්ද නොගිය ඇස් වල් අදුරු පාට එක්ක නිදිමත බේරෙනවා..උඩට ගිහින් තප්පරෙන් පිළිවෙලක් වෙන්න හිතුවක් අම්මාගේ ප්‍රශ්න නිසා එයාට බැරි වුණා..දැන් පරක්කු වැඩියි.

යුග් (නුඹ වෙනුවෙන් Season 2)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin