Chapter 50

4.2K 508 130
                                    

යුගාන්ව ඇරගෙන යුග්ම කෙලින්ම ආවේ එයාලාගේ ගෙදර.ඒ වෙද්දිත් ආත්තම්මයි සීයයි එක්ක යුහාෂිත් ඇවිල්ලා හිටිය..නෑදෑයෝ උනත් ලේ බැඳීමක් ඇරෙන්න කාවවත් විශ්වාස නොකරන මට්ටමට යුග්ම පරිණත වෙලා උන්නා..ඔඛිත කියන්නේ මොනා උනත් පිට පිරිමියෙක් කියන හැඟීම යුග්මට දැනෙද්දි තව දුරටත් එයාගේ අයියාවත් නංගිවත් ඒ ගෙදර තියන්න යුග්මට ඕනි උනේ නෑ.

" සීයා අප්පච්චෝ..."

ගමේ ඉදලා කාලෙකට පස්සේ කොළඹ ආපු වික්‍රමසිංහ මහත්තයා දැකපු යුගාන් සේරම අමතක කරලා හාන්සි පුටුවේ දිගා වෙලා උන්න වයසක මනුස්සයාගේ බෙල්ලේ එල්ලුනා.

" අර බලපං..අර බලපං ඉතින්..වයසක මනුස්සයාට පාඩුවේ ඉන්න නොදෙන හැටි.."

" ඒ මෙයා බලන්නකෝ සීයේ..ඔයාට වයසක මිනිහා කියන්නේ මෙයා දහාටේ කෑල්ල කියලා හිතාගෙනද දන්නේ නෑ...? ඒ මේ බලපං බඩුකාරයෝ..දහාටේ කෑල්ලක් ඉන්නවා.."

" එකාතකට ඒකත් ඇත්තනේ රූ..ඔයා මට වයසයි කියන්නේ ඔයත් වයසයිනේ.."

" ඒකනේ රූ..ඔයා හිතන් ඉන්නේ ඔයාට තව කසාඳයක් කරගන්න පුළුවන් කියලද..?"

" හැබැයි නංගී..සිරාවටම තව කසාඳයක් කර ගන්න පුළුවන් මට්ටමේ කෑල්ලක් තමා හැබැයි රූ.."

" වික්‍රමසිංහ මහත්තයෝ..ඔහොම නම් බෑ..යෝ ගැම්ම ගන්න..ගැම්ම ගන්න..."

" සීයලා මුණුබුරාලා මිණිබිරීලා ඕනි එකක් කර ගන්න එකයි ඇත්තේ.."

යුහාෂිත් සීයයි මුණුබුරයි එක්කම එකතු වෙලා රූපාට විහිළු කරද්දි සාරි පොටත් ගසා දාපු රූපා ගියේ කේන්තියෙන්..සේරටම වඩා ඉවසන්න බැරි මොකුත් නොකිව්වත් යුග්මගේ කට කොනේ හිනාව.

" ලහිපිටේ ඇඩ් එකක් දාමුද ආත්තම්මේ.."

" ඇඩ්...මං කිව්වයි කියලා හිතාගනින් යුග්ම උඹටත්..සේරම එකයි..සේරම එකයි..මුන් එකෙක්වත් මගේ චූටි පුතා වගේ නොවී මුන්ගේ මහා එකයි..මහා එකියි වගේ උන එකනේ පුදුමේ..බොහෝම අපූරුයි හැදෙනවා බොහෝම අපූරුයි..මේවා චූටි පුතාගෙත් වැරදි..ඇයි අප්පලා පුතාලා දුවලා සේරම උකුලේ තියන් කිරි පොවනවනේ තාම.."

යුග් (නුඹ වෙනුවෙන් Season 2)Место, где живут истории. Откройте их для себя