Chapter 59

2.7K 476 120
                                    

යුගාන්ව නිදිකරපු නෙහාර එන්න යද්දියි දැක්කේ ඇඳුම් ඩස්පින් එකේ තියෙන පිස්ටල් එක.ආයෙම වතාවක් නින්දේ උන්නු යුගාන් දිහා බලපු නෙහාර ear bud දෙකක් අරගෙන යුගාන්ගේ කනේ රැදෙව්වේ ඒ සද්දෙ නොඇහෙවි කියන විශ්වාසයෙන් වෙද්දි පිස්ටල් එකත් අරගෙන එළියට ඇවිත් කාමරේ දොර වහපු නෙහාර ප්‍රතාප්ගෙයි අරෝෂ්ගෙයි කතාව අහන් හිටියේ කේන්තියෙන් වෙව්ලමින්.පිස්ටල් එක අතට ගද්දි වෙව්ලපු අත බයක් නැතිවම පිස්ටල් එක තදට අල්ල ගත්තේ ඒ කතාව නිසා.

ඉලක්ක ගන්න ඒ කිසිම දෙයක් නෙහාර දන්නේ නෑ.එයාට තේරෙන විදිහට ඉලක්කේ අරන් කොකා ගැස්සුවේ ඒ වෙනකොටත් යුග්ම පිස්ටල් එක ලෝඩ් කරලා තියපු නිසා.

ඉලක්කයක් නැතිව ඔහේ පියාඹන උණ්ඩ විස්සක් ගෙදර හතර අතේ පියෑඹුවා.වාසනාවකට ඔඛිතගේ යටිබඩ පසාරු කරගෙන ගිය උණ්ඩයක් ඇරෙන්න අනිත් උණ්ඩ එකක්වත් කාටවත්ම වැදුණේ නෑ.

නෙහාරට අනිත් අය ගැන හිතන්න සිහියක් තිබුණේ නෑ.අනිත් දේ මේ වෙලාවේ එයාගේ පාලනයත් එයාගෙන් ගිලිහිලා තියෙද්දි එයාව නවත්‍ත ගන්නවත් එයාට තේරුනේ නෑ.

ප්‍රතාප්ගේ තුරුලේ ඉදන් නෙහාර දඟලනවා..විලාප තියෙනවා..වෙලාවකට ප්‍රතාප්ට බනිනවා..ග්‍රහණයෙන් මිදෙන්න නෙහාර ප්‍රතාප්ගේ අත පවා හිල්වෙන්න හැපුවත් ප්‍රතාප් නෙවෙයි නෙහාරව අතහැරියේ.

" ෂ්...ෂ්...මගේ වස්තුව...ම්ම්..කෝ...මාව ඇහෙනවද..?"

නෙහාරට නෙවෙයි ඇහුනේ.නෙහාරට නෙවෙයි අහන්න උවමනාවක් තිබුණේ..නෙහාරට ඕනි උනේම ඔඛිතව අරගෙන දුවපු අරෝෂ්ගෙ පස්සෙන් යන්න වෙද්දි එයාට තිබුණු එකම බාධාව ප්‍රතාප් වෙද්දි නෙහාරට ඕනි උනේම ප්‍රතාප්ගෙන් මිදෙන්න.

" ම්ම්ම්..මගේ මැණික් කැටේ..ඉවසන්නකෝ වස්තුව..ඇයි ප්‍රශ්න වැඩි කරන්නේ තවත්.."

" මරලා දාන්නකෝ මයේ දෙයියෝ...මට මරන්න දීපං අයියේ...ඌ මගේ කොල්ලාව කෑවා..ඌ මගේ කොල්ලාව කෑවා.."

" ෂ්..ෂ්..නේශූ..ම්ම්ම්..උඹේ දෙයියෝ ඉන්නවනේ..ම්ම්..මං ඉන්නවනේ මැණිකේ..මොකුත් උනේ නෑ...මොකුත් උනේ නෑ...මං ඉන්නවානේ...ෂ්...කෝ...දැන් සන්සුන් වෙන්න..කෝ...ෂ්...දැන් ඇති.."

යුග් (Just For You - Season 02)Where stories live. Discover now