Chapter 61

2.9K 533 144
                                    

යුග්ම ‍යුගාන් එක්ක බයික් එක දිහාට ගියේ පන්තියට යන්න.යුහාෂි තාම නිදි.යුහාෂි තනියම දාලා ප්‍රතාප්ට යන්න හිත දුන්නේ නෑ.ප්‍රතාප් ආයෙම නෙහාරට කෝල් ගත්තා.කලින් වගේමයි අන්සර් කලේ නෑ.

[ kella thaniyma dala mn office ynne khmda?]

[Viraja aiya ei duwa ekka..eya awama ynna]

[Mokakda dn thamun natana nadagama ah..me dnma gdra enwa..dnma]

ඒ මැසේජ් එක සීන් විතරයි රිප්ලයි එකක් නැති වෙද්දි ප්‍රතාප් කේන්තියෙන් වෙව්ලුවා.

" යුග්ම.."

" ඔව් අප්පච්චි.."

" පන්ති නම් පන්ති විතරයි හොඳේ..එක එක ගෙවල් අස්සේ රිංගිලි බෑ..අම්මා එපා කිව්වා නම් එපා..එතන ආයේ වචන දෙකක් නෑ.."

" ගියොත්..?"

ප්‍රතාප් මොකුත්ම නොකියා එයාගේ කාර් එකට නැගිලා පිටත් උනේ යුග්ම එයාගේ බයික් එකේ ටයර් එකට පයින් පාරක් ගහද්දි.

" තරහයි නම් හුළං අරින්න වගේ option එහෙමත් තියෙනවා මල්ලි.."

යුග්ම දෙතුන් පාරක්ම මොනවදෝ මුමුණ මුමුණ බයික් එකේ ටයර් එක්ට පයින් ගහද්දි යුගාන් කිව්වේ නෝන්ඩියට හිනා වෙන ගමන්.යුග්ම යුගාන්ට හොඳවයින් රවලා හෙල්මට් එක දාන් බයික් එකට ගොඩ වුණා.

" අම්මි බයටයි කෑ ගහන්නේ..පොඩ්ඩක් මේ දවස් ටිකේ ඉවසලා ඉන්නවා.."

" මට තේරෙන්නේ නෑ අයුක අයියාගේ තියෙන අවුල මොකක්ද කියලා ඕයි..."

" අම්මා හිතන්න නැතුව ඇති උඹ අයියා බබෙක්ට ලව් කරයි කියලා.අනික ඌ ලේසි පහසු බඩ්ඩක් නෙවෙයිනේ..ඇමතිකෙනෙක්..නිකන් නෙවෙයි රටේ ප්‍රධාන ඇමති ධූරයක් අයිතිකෙනෙක්.."

" සතුටු වෙන්න එපැයි..පොඩි පුතා වැඩ්ඩා කියලා හිතලා..ලේසි පහසු එකක්ද මං හැඩ්ල් කරන්නේ..."

" අනේ මේ බූරුවෝ..අම්මි කියන්නේ හචිමක් ගියත් ඕනිවට වඩා කලබල වෙන කෙනෙක්..ඒකයි ඒ.."

" ම්ම්..මං හරි අසරණයි ඕයි..අනික අද  අම්මි උදේම ගෙදරින් ගියේ මං නිසා.."

" හවස කතා කරමු අම්මි එක්ක.."

" වෙලා තියෙනවා නම් දැන් ලොකු නැන්දිලා දිහා ගිහින් එමුද..?"











යුග් (Just For You - Season 02)Where stories live. Discover now