Chapter 65

2.9K 508 231
                                    

" අගමැති ලොකු පුතු අසම්මතයක පැටලීද..?"

" අධ්‍යාපන ඇමතිතුමාට සභාව මැදදී ආ මඟහරින්න බැරිවුණු බබාගේ ඇමතුම..."

" ඇමතිතුමාගේ පෙම්වතාගෙන් ආ ඇමතුම..හඩ පටිද සමඟ.."

" අධ්‍යාපන ඇමති පාසල් සිසුවෙකුට ප්‍රේමය ගැන උගන්වන්නේද..?"

" ඇමති රථ පෙළ සමඟ එක මඟ ගිය ප්‍රභූ ප්‍රතාප්ගේ බාල පුතු.."

" හොරාට ඇමති නිවසේ වැට පනින ප්‍රතාප්ගේ පුතා..ප්‍රතාප්ගේ පුතාගේ දඩුමොනරේ ඊයේ මධ්‍යම රාත්‍රියේත් අගමැති නිවස පිටුපස.."

පත්තර , සමාජමාධ්‍ය වල විතරක් නෙවෙයි උදේ පත්තර වැඩසටහන් වලත් උණුසුම්ම මාතෘකාව උනේ අධ්‍යාපන ඇමතිතුමාගේ ආදර අන්ධරය.

ෆොටෝස් ටිකක් , හඩ පටයක් අල්ලගෙන බලාගෙන උන්නා මෙන් කතා ගොතන පත්තර නිවේදකයා දෙන මනමේන්ද්‍ර බලා උන්නේ කෝපයෙන් වෙව්ලමිනි.

" අම්මා කිරිබත් හැදුවද..?"

මේ මොකුත් නොදන්න අයුක නිදිගැට කඩ කඩා පඬිපෙල බහිද්දි මනමේන්ද්‍ර ඊයක වේගෙන් අයුක ළඟට ගියේ අතේ තිබුණු කෝපි කෝප්පෙත් වැටිලා බිඳිලා යද්දි.හැබැයි මනමේන්ද්‍රට තප්පරයකට කලින් ඉක්මන් වුණු මන්ධීර් අයුකයි මන්මේන්ද්‍රයි අතර හිටගත්තේ අයුකව කවර් කර ගන්න ගමන්.

ඒත් අප්පච්චියෙක් එක්ක පුතෙක් හැරෙන්නෙවත් කොහොමද..?මන්ධීර්ව ඇදලා පැත්තකට තල්ලු කල මනමේන්ද්‍ර අයුකගේ වම් කම්බුලට පාරක් ගැහුවේ උනේ මොකක්දවත් දන්නේ නැතිව අයුක අසරණ වෙද්දි.

" ඇයි අප්පච්චි..."

" ඇයි අප්පච්චි...ඇයි අප්පච්චි අහන් කැත උඹ..ආහ්..ඈ බොල පර බල්ලෝ..."

මනමේන්ද්‍රගේ අත ආයෙම ඉස්සුනා..හැබැයි ඒ අතුල් පහර වැඳුණේ අයුකට නෙවෙයි ආයෙම ඒ දෙන්නා අතරට පැන්න මන්ධීර්ට.

" මන්ධීර් උඹ පැත්තකට වියන්.."

" මට බෑ..අයියාට ගහන්න එපා..අඩුම අද එයාගේ උපන්දිනේ.."

" මල්ලි මොනාද මේ වෙන්නේ.."

" වෙන්නේ..වෙන්නේ..උඹේ හපන්කම් ලෝකෙට එළි උන එක..බලපං...බලපං..මේ පත්තර වල තියෙන දේවල්.."

යුග් (Just For You - Season 02)Where stories live. Discover now