Chapter 46

2.9K 430 127
                                    

උත්සවේ ඉවර උන ගමන් කට්ටිය යන්න ලැහැස්ති වෙද්දි යුග්ම ඉක්මන්‍ට ස්ටේජ් එක පිටිපස්සට ගියේ අක්කා හම්බ වෙන්න.

" ලොකු අක්කේ.."

" පොඩී...තමුසේ ආවද..? ඒක නෙවෙයි මං අහන්න හිටියේ..කවදා ඉදන්ද අපි අර මනමේන්ද්‍රලා එක්ක නෑදෑයෝ උනේ...?"

" මොකක්..?"

" ඇයි...තමුසෙගේ මහා ලොකු ඇමති අයියා කිව්වේ මට තමුසෙයි ඌයි කසින්ස්ලා කියලා..."

" අනේ ඕයි...මේ යකා වැඩක් කරොත් නැට්ටේ ඉදන් ගොම.."

" මට පේනවා අයියලා මල්ලිලා සේරටම සෑහෙන උවමනාව කියලා ඇමති පව්ල එක්ක නෑදෑ කම් ඇති කර ගන්න.."

" හරි හරි ඕයි..කියවන්නේ නැතිව ඉන්නවකෝ රෙද්ද.."

" කරගන්න මඟුලක් පොඩි මාමාට මාට්ටු නොවී කරනවා හරි...?"

" අප්පච්චි දන්නවා ඕයි...ඒවාගෙන් වැඩක් නෑ...තමුසේ කොහොමද ගෙදර යන්නේ..?"

මෙහේ ඉස්කෝලේක ටීචර් කෙනෙක් උන මනීගෙන් යුග්ම ඇහුවේ camping බඩු අස්කරගෙන කොල්ලෝ ගෙදර යවනකල් යුග්මට නිදහස් වෙන්න බැරි නිසා වගේම අක්කාගේ තනි රකින්නත් බැරි නිසා..

" අප්පච්චි එනවා..තමුසේ එනකල් අපි ඉන්නම්.."

" එපා..තමුසෙලා යනවා..මං කොල්ලෝ ටික පිටත් කරනකල් නිදහස් වෙන්න බෑ වෙලා යයි.."

" අහ්..හ..හා..මේ තමුසෙගේ අර ඇමති කසින්ට මොලේ මන්දමද තනියම ස්ටේජ් පිටිපස්සේ ඇවිදින්නේ..හොර ගල් අහුල අහුල.."

එතකොටයි පිටිපස්ස බලපු යුග්ම දැක්කේ වටපිට බල බල යුග්ම ඉන්න දිහාවට එන අයුකව..ඔය අනිවාර්යයෙන්ම එන්නේ ආරක්ෂකයින්ගෙත් ඇස් වහාලා..ඒකයි වටපිට බල බල දුව දුව එන්නේ.

" මල්ලී තමුසේ මේ කෙල්ලව දන්නවද?"

" එයා මාව නොදැන ඉන්න විදිහක් නෑ ඇමතිතුමා..මං එයාගේ අක්කානේ..මං මේ අපේ මල්ලිගෙන් ඇහුවේ මං නොදැන ඇමතිතුමාලා අපේ නෑයෝ උනේ කවද්ද කියලා..?"

" මොකක්ද..?"

" මොකක්ද නෙවෙයි ඕයි..මේ මගේ අක්කා..අපේ අප්පච්චිගේ එකම අක්කාගේ දුව.."

යුග් (Just For You - Season 02)Where stories live. Discover now