Chapter 11

4.8K 514 112
                                    

යුග්ම හිටියේ හරියටම හවස 7 වෙද්දි අගමැති නිවස පිටිපස්සේ තියන පොඩි පාරේ.අයුක එළියට එනකල් බලාගෙන.අයුකගේ කාමරේ ලයිට් දාලා තිබුණත් අයුක තාම එළියට ආවේ නෑ.අයුක එළියට එන්න පරක්කු වෙන්න පරක්කු වෙන්න යුග්ම නොසන්සුන් උනා.අද එයාව දුරටවත් බලන්න බැරිවෙයි කියලා කොල්ලා කලබල උනා.ඒකත් එක්ක කොල්ලාට දැනුනෙවත් නෑ තමන්ගේ පස්සෙන් කවුරු හරි හිටගෙන ඉන්නවා කියලවත්.

ටික ටික මොකක් හරි ලෝහයක සීතලක් කොල්ලාගේ ඉනට දැනෙද්දි යුග්ම ටිකක් ගැස්සුනා.තුවක්කුවක් කියලා තේරුම් ගත්ත එයා යන්තම්වත් හෙල උනේ නෑ.

"කාමරේ දිහා ඔච්චරම අමාරුවෙන් බලන්නේ මොකද..?ඔයා හොයන කෙනා ඔයාගේ පිටිපස්සේ ඉද්දි..."

"තමුසේ...."

"ආව්..."

අයුකටත් නොදැනෙන්න අයුකගේ මැණික් කටුවෙන් තද කරලා අල්ල ගත්තු යුග්ම අල්ලපු නිලය නිසා අයුකගේ අතින් ඉනට තද වෙලා තිබ්බ පිස්ටල් එක අතහැරුණා.

"මොනවද උඹට ඕනි යුග්ම...මුලින් යාළුවා..ඊට පස්සේ තමුසේ..ඔලුව කුඩු වෙන්න වෙඩි කන්නද ඕනි උඹට.."

"ඊයේ ආවෙත් මම...යාළුවා නෙවෙයි.."

"මොකා හරි...තමුසෙට සයිකොද..?මොන හුත්තක්ද මෙතන කරන්නේ ආහ්...මගේ මල්ලිගෙයි තමුසෙගේ ප්‍රශ්නේ විසදුනානේ යුග්ම...ඒක තාත්තලා දෙන්නා විසඳ ගත්තානේ...දැන් තව මොන හුත්තක්ද උඹට වෙන්න ඕනි.."

"ඕන හුත්ත කිව්වොත් මට දෙනවද..?"

" මං මොකටද උඹට ඕනි දේවල් දෙන්නේ..උඹේ අප්පච්චිට කියපං ඕනි දේ...මං අප්පාද පොඩි උන්නට ඕනි දේවල් දෙන්න..?"

"අප්පා වෙන්න ඕනිත් නෑ..හැබැයි අප්පච්චිට කියලා ඕනි දේ ගන්න මෙහේ ආවොත් ඕනි දේ ලැබෙයිද..?"

යුග්ම තාම ඉන්නේ අයුකගේ අතින් අල්ලගෙන.අයුකටත් ඒ අතින් අතමුදව ගන්න ඕනි උනේ නෑ..හෙල්මට් එකත් ගලවලා තමුන් දිහා අමුතු බැල්මක් එක එල්ලේ බලාගෙන මොන මඟුලක්ද  අහන කොල්ලා නිසා අයුකගේ ඇස් ගොඩක් කලබල උනා.

"මොන හුතක්ද මිනිහෝ කියන්නේ..අතහැරපං මාව.."

"තාම මට අවුරුදු 17යි..අප්පච්චිට කියලා ඕනි දේ ඉල්ලගෙන ගෙදරට එන්න තව හුඟක් කල් යයි..එතකල් ඇමතිතුමා available වෙයිද..?"

යුග් (නුඹ වෙනුවෙන් Season 2)Where stories live. Discover now