Chapter 51

4.2K 543 133
                                    

වෙලාව පාන්දර තුනට ළඟයි.නෙහාරගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තේ නෙහාරව නින්දෙන් ඇහැරවමින්.නෙහාර ඉක්මන්ට ෆෝන් එක සයිලන්ට් කරේ ප්‍රතාප් ඇහැරෙයි කියලා බයෙන්.ප්‍රතාප්ගේ අතක් නෙහාරගේ බඳ වටා එතිලා තියෙද්දි නෙහාර හරි පරිස්සමට ඒ අත අයින් කරලා ඇදෙන් බැහැලා ප්‍රතාප් දිහා බැලුවා.ප්‍රතාප් සුව නින්දක.ප්‍රතාප්ගේ නළලට හීන් හාදුවක් තියපු නෙහාර ෆෝන් එකත් අරන් සෝෆා එකට ගියා.

" පැටියෝ..ගෙදර ආවාද මගේ වස්තුව.."

" ඔව් අම්මි...ඔයා නින්දෙද හිටියේ..?"

" නෑ පැට්ටෝ..මං මගේ පැටියා කෝල් කරනකල් බලාගෙන උන්නේ.."

නෙහාර ආපහු නින්දේ උන්නු ප්‍රතාප් දිහා බැලුවත් එතකොටයි නෙහාර දැක්කේ ප්‍රතාප් අවදියෙන් බලන් ඉන්න බව.

" කවුද...?"

" ලොකූ.."

ප්‍රතාප් කවුද කියලා නෙහාරගෙන් ඇහුවේ සංඥා භාෂාවෙන් වගේම නෙහාරත් ඒකට උත්තර දුන්නේ රහසින්.ප්‍රතාප් මොකුත් නොකියම ඇවිත් නෙහාර ළඟින් වාඩි වෙලා කරට අතදා ගනිද්දි නෙහාර ෆෝන් එකේ ලව්ඩ්ස්පීකර් දැම්මා.ප්‍රතාප් ගොඩක් වෙලාවට ඔය වැඩේ කරනවා..ප්‍රතාප් දරුවෝ එක්ක කතා කරන්නේ තනියම උනත් නෙහාර දරුවෝ එක්ක කෝල් එකේ ඉද්දි ළඟට වෙලා හොරෙන් අහන් ඉන්නවා...මොකද එයා ළඟදි නැති හුරතල් කතා ඕපදූප එයාලාගේ සිතුම් පැතුම් ගැන එයාලා කතා කරන්නේ නෙහාර එක්ක නිසා.

" අම්මි..."

" ම්ම්ම්.."

" ආත්තම්මා බැන්නා..මහා නරකයි අනේ..නොසන්ඩාලයා කිව්වා..."

" ඔයා ඉතින් ආත්තාම්මාට තරහා යන මොකක් හරි කියන්න ඇති.."

" අනේ...පැටියාට වෙන වැඩ නෑ කියලා හිතුවද ආත්තාම්මලා කොනිතිගගහා යන්න...අනික ඉතින් එයා මට විතරක් නෙවෙයි ඔයාටත් බැන්නා..අප්පච්චිටත් බැන්නා..ඔයා අප්පච්චිව හුරතල් කරනවලු හරහා දාලා කිරි පොවනවලු...ඔයා තමයිලු සේරටම මුල...ආයේ අප්පච්චිට කිරි දෙන්න එපා කියන්න කිව්වා"

නෙහාරගේ මුළු මූණම රතු පාට වෙලා කන් දෙකත් එක්ක රත් උනේ යුගාන් කිව්ව කතාවට..ඒ අස්සේ ප්‍රතාප් හිනාවෙවි නෙහාරගේ ශර්ට් එක උඩින් නෙහාරගේ පපුව මිරිකනවා හිනාවෙවි..නෙහාර ඔරවලා ප්‍රතාප්ගේ අතට පාරක් ගැහුවත් ඒ වෙනුවට ප්‍රතාප් කලේ නෙහාරගේ නිපල් එකක් පොඩි කල එක..

යුග් (නුඹ වෙනුවෙන් Season 2)Where stories live. Discover now