Chapter 8

3.2K 391 58
                                    

යුග්ම මේ ඉන්නේ  මාදිවෙල පාරේ.අගමැතිතුමාගේ ගෙදරට පොඩ්ඩක් එහායින්.කොල්ලා දන්නේ නෑ මෙතනට වෙලා ඉන්නේ මොකටද කියලාවත්.තාම ස්කූල් යුනිෆෝම් එක පිටින්.බයික් එක එයාගේ නෙවෙයි මිනෝෂ්ගේ.යුගාන්ව ගන්න විනාඩි තිහක්ම ඉතිරිවෙලා තියෙද්දි කොහුවෙලටම යන්න තිබුණා උනත් කොල්ලා මේ කොහේවත් පාරක කුඹුක් ගහක් යට බයික් එක නවත්තගෙන ඉන්නවා.තව ටිකක් මෙතන හිටියොත් අනිවා නාදුනන සැකකරුවෙක් කියලා වෙඩි කන්නම වෙනවා.ඒ දැන දැනත් යුග්ම තව ටිකක් වෙලා බලන් හිටියා.

ටික වෙලාවකින් අගමැති නිවසේ ගේට්ටු ඇරුණා.ඒ ඇතුලේ ඉන්න කෙනෙක්ට එළියට යන්න කියලා හිතුණත් ඊට විනාඩි කීපෙකට පස්සේ ඈතින් ආවේ ඇමතිතුමාගේ ඩිෆෙන්ඩර් එක.තවත් කාර් දෙකකුයි පොලිසියේ බයික් දෙකකුයි එක්ක.

"මුගේ මොනවා මෙච්චර ආරක්ෂා කරනවද..?"  යුග්ම තමන්ටම මුමුණ ගත්තේය.

"බොස් මේ අර කොල්ලාගේ යාළුවෝ දෙන්නාගෙන් එකෙක් නේද..?"

ටිකක් එහායි නවත්තලා තිබ්බ බයික් එක දැක්ක ගමන් අයුකගේ එක ආරක්ෂකයෙක් ඒ බයික් එක අඳුර ගත්තා.

"ඌ මොනාද මෙතන කරන්නේ..?"

"කවුද දන්නේ...තියලා දාමුද..?"

"එහෙම මේ පරෙයියන්ට වෙඩි තියෙනවා වගේ මුන්ට වෙඩි තියන්න පුළුවන් ද අසේල..තමුසෙට පිස්සුද..?"

"මොකද බැරි බොස්...සැකසහිත නිසා ආරක්ෂාවට තිව්වා කියන්න පුළුවන්.."

අයුක මොකුත් නොකියා අහක බලා ගත්තා.කොල්ලාටත් පුදුමයි මේ වගේ තැනක මෙහෙම බයික් එක නතර කරගෙන ඉන්න තරම්  මේ කොල්ලාට තියෙන උවමනාව මොකක්ද කියන එක.

"සර්..එළියෙන් කොල්ලෙක් හිටියා...අපි පොඩ්ඩක් බලලා එන්නම්.."

"ආහ්..ඔව් සර්..ඔය කොල්ලා දැන් විනාඩි පහලොවක් විස්සක් තිස්සේ ඔතන..."

පොලිස් නිළඳාරියෙක් ගේට්ටුව වෙත එන්නට අඩිය තබද්දි මුරකරුද කීවේය.

"එහෙනම් මොන එකකටද මිනිහෝ මෙච්චර වෙලා බලන් හිටියේ..?"

"මං ඇහැ ගහන් හිටියේ සර්..ඒත් ඒ කොල්ලා ඔතන ඉදන් ෆෝන් එක ඔබ ඔබා හිටියා විතරයි.."

යුග් (Just For You - Season 02)Where stories live. Discover now