Chapter 7

2.8K 357 63
                                    

පොද වැස්සේ මන්ධීර් වගේම එයාගේ යාළුවෝ උන සූටෙයි දික්කයි එක්ක ගේට්ටුව දිහාට ඇවිදන් ගියේ තෙමි තෙමි.

"අඩෝ වෙනදට මේ වෙද්දි දම්පාට කුඩයක් මුගේ ඔලුව ඉහළින් ඇල්ලෙන්න ඕනි.."   🌂 🌂🌂

"මොකට හරි හිත රිද්දගෙන ගියේ..අද කීයටවත් ආයේ මාව හොයන් එන්නේ නෑ.." මන්ධීර් කිව්වේ සුසුමක් හෙලමිනි.

ඒත් මන්ධීර් වැරදියි.වෙනදා වැස්ස දවසට වගේම අදත් මන්ධීර්ගෙ ඉහට උඩින් දම්පාට කුඩයක් ඉහලුනා.ඔව්..ඒ යුගාන්..හැමදාමත් වගේ මන්ධීර්ව නොතෙමෙන්න වගබලා ගත්ත කෙනා.

සූටෙයි,දික්කයි තෙමි තෙමීම ඉස්සර වෙද්දි මන්ධීර් යුගාන් තියන අඩියක් ගාණට වේගේ බාල කලා.යුගාන් සැරින් සැරේ මන්ධීර් දිහා බැලුවත් මන්ධීර් කොයි වෙලාවෙවත් යුගාන් දිහා නම් බැලුවේ නෑ..එයා ටිකක් පහත් වෙලා හිමීට කුඩේ යටින් යුගාන් එක්කම අඩිය තිබ්බා..වෙනදාට වචනෙකින් හරි බනිනවා හරි රවනවා හරි..ඒත් ගාථා කියපු වෙලේ මොකක් හරි මඟුලකට කොල්ලා හිත රිදව ගත්තා කියලා දැනන් හිටපු මන්ධීර්ට ආයේ කොල්ලාව රිද්දන්න ඕන උනේ නෑ.

යුගානුත් මොකුත් නොකියම මන්ධීර්ව එයාව ගන්න ආපු කාර් එක ළඟටම එක්කරගෙන ගියා.

අහංකාරකම...මන්ධීර් ආයේ කොල්ලාගේ මූණවත් බැලුවේ නෑ..නොතෙමා එක්කරගෙන ආවට ස්තූතී කරේවත් නෑ.එයා කාර් එකට  නැගලා දොර වහා ගත්තා.යුගාන් තවමත් කාර් එක ළඟ හිටගෙන බලාගෙන.කළු කරපු වීදුරු නිසා එයාට මන්ධීර්ව පෙනුනේ නෑ.ඒත් මන්ධීර්ට හොඳටම පේනවා සුපුරුදු විදිහට ශටර් එක ඉස්සරහා කුඩේ ඉහළගෙන බලාගෙන ඉන්න කොල්ලාව.කොල්ලාගේ උරහිසේ බාගයක් තෙමිලා..මන්ධීර් නිකමට තමන් දිහා බැලුවා.වැහි බින්දු දෙක තුනක පැල්ලම් ශර්ට් එකේ තිබුණා උනාට යුගාන් වගේ කොල්ලා තෙමිලා හිටියේ නෑ.ඒත් තිබුණ අහංකාරකමට මන්ධීර්ට ශටර් එක පහත් කරලා කොල්ලාට ස්තූති කියන්නවත් හිතුණේ නෑ.යුගාන්ට නම් ස්තූතියක් ඕනි උනේ නෑ..ඒත් එයාට මන්ධීර්ගේ නපුරු මූණෙන් එක හිනා රැල්ලක් ඕනි උනා.

"යමු.."

මන්ධීර්ගේ අණත් එක්ක කාර් එක පණ ගැන්වෙද්දි ඉස්සරහාට කැරකෙන රෝද නිසා යුගාන්ට අඩියක් පස්සට ගන්න උනා.ඒත් කොල්ලාට සිහියක් තිබ්බේ නෑ කොල්ලා ඉන්නේ වතුර වලක් ඉස්සරහා කියලා.

යුග් (Just For You - Season 02)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin