තිස් හත් වන සිහිනය 💭

Start from the beginning
                                    

"ම්ම්හ්හ්....තව ටිකයි හුම්..."

ආක්ෂට ඕන උනා සිහිනව නැගිට්ටවන්න. මේ වෙනකොට ලොකු හාමුයි කුමාරිහාමිනේයි තමන්ව සොයාවි යැයි සිතුව ආක්ෂ සිහිනගෙ අතකට ඇගිල්ලෙන් ඇන්නෙ සිහිනව කූද්දන්න හිතාගෙන වෙනකොට කෙදිරිල්ලක් පිට කරපු සිහින එහෙ මෙහෙ ඇඹරෙද්දි මෙච්චර වෙලා බලාගෙන ඉදපු ආදරණීය පෙනුම හංගගෙන ආක්ෂ ඒ මූණට දැඩි පෙනුමක් ආරූඪ කරගත්තා.

"නැගිටින්න නේද කිව්වෙ...!!"

අඩ නින්දෙන්ම කන් වලට ඇසුණ ඒ හඩ වෙනද පුරුදු හඩක් නොවෙද්දි සිහින උන් විදියෙන්ම එක් ඇහැක් ඇරලා බැලුවේ ඒ ගැඹුරු කටහඩේ වෙනද නැති නුපුරුදු බවක් දැනුන නිසා....

"ආආහ්හ්හ්හ්..."

තමන් ඉන්නෙ ගෙදර නොවන බවත් වලව්වේ පොඩි බේබිගේ ඔඩොක්කුවේ බවත් තේරුණ සැනින්ම සිහින ඉද්ද ගැහුවා වගේ කෙලින් උනේ වලව්වේ කවුරුන් හෝ දැක්කොත් බැනුම් අහන එකටත් වඩා ඒ තමන් මෙච්චර වෙලාවක් නිදාගෙන ඉදලා තියෙන්නෙ ඒ දෑස් මෙපමණ කලක් බලාගෙන හිටපු පිරිමි පරාණෙ ලග කියලා දැනුන පුංචි ලැජ්ජාවයි හිතේ තිගැස්මයි එක්ක වෙනකොට ආක්ෂගෙන් ඈත් වෙලා හිටගත්ත සිහින කලබලෙන් ආක්ෂගෙ දෑස් මගාරින්න හරි හරියට වෙහෙසුණා....

අතපය ගසාදාලා නැගිටපු ආක්ෂ ඇදුමෙ රැදුණු තණ කොළ පිඩලි, දූවිලි පිහදමන අතරෙ එහෙ මෙහෙ දුවපු සිහිනගෙ ඇස් ආයෙම ආක්ෂ ලග නතර වෙද්දි සිහින දෑස් දල්වගෙන ආක්ෂ දිහාම බලන් හිටියේ ඒ කදුලු ආයෙ ආයෙත් අලුත් වෙනකොට....

ආක්ෂ දැන් තරුණයෙක්....අවුරුදු හතකට පෙර සිහින එක්ක ගම පුරා දුව පැනපු පුංචි කොල්ලා නෙමෙයි තවදුරටත් සිහිනගෙ ඇස් මායිමට ඇවිත් උන්නේ...කඩවසම් රුව...උසට සරිලන පිරිපුන් ශරීරය එක්ක ආක්ෂ ඉස්සරහ තමන් හරි පුංචියි කියන හැගීම සිහිනට ආයෙ ආයෙත් දැනුනා...ඉතින් ඒ වෙනස් වී තිබුණ රුව දිහා බලාගෙනම සිහිනගෙ ඇස්වලින් කදුලු කැටයක් බිමට වැටුණේ දරාගන්න බැරි සතුටට....

හිටපු ඉරියව්ව නිසා යන්තම් හිතේ බයක් උපන්නත් මොකද සිහිනගෙ මූණ කදුලු පිරීගෙන එද්දිත් ලස්සන හිනාවකින් ඔප වැටුණෙ අවුරුදු ගාණකින් දැකගන්න මගබලා උන්න ඒ රුව තමන්ගෙ ඇස් ඉස්සරහ ඉන්නවා දැකලා....ඇස් බෝල කරගෙන ආක්ෂ දිහා බලාගෙන ඉන්න සිහින දිහා නොබලම වෙල්‍ යාය දෙසට හැරුණ ආක්ෂ දිහා තොල් හපන් මොහොතක් බලා හිටිය සිහිනගෙ කටින් පැනපු ඉකිය ආක්ෂගෙ දඩබ්බර හිත ආයෙමත් සිහින දිහාවට අරගෙන ආවා.....

සංසාර සිහින | TK | Nonfiction | Ongoing Where stories live. Discover now