" තව බෝංචි ටිකක් වැඩිපුර ගනින්..පොඩි පුතා ආසයි බෝංචි කිරි හොද්දට..ටිකක් අරන් යන්න..."

" යක් පැටව් කිකියා බැන බැන බෝංචිත් අරන් යනවා..."

" මයේ කොල්ලාගේ දරු පැටව් උන්..."

" කෙල්ලගේ දරුවෝ ගැන මොකද..?"

" ඇයි ඇයි..උඹ එල්ලෙන්න හදන්නේ..උඹේ දරුවෝ තුන් දෙනා මම නෙවෙයිද මන්දනෝ හැඳුවේ..මම නෙවෙයිද හැදුවේ.."

" හරි හරි අම්මා..ඔයා විහිළු වලට ඔච්චරම ෆයර් වෙන්න එපා අනේ...ඒක නෙවෙයි අම්මා..යුග්මයි යුගානුයි දැන් ටිකක් වෙනස් නේද..?"

" මාත් ඕක කල්පනා කලා බං...මං මේ බඩේ ගින්දර ඇවිලි ඇවිලි ඉන්නේ අරුන් දෙන්නා ගිය මඟුලකින් එනකල්..මේ නාකි අපි දෙන්නා කොහොමද කියපංකෝ උන්ව අම්බාන් කරන්නේ..උන් දෙන්නාම හිලෑ ප්‍රතාප්ගේ වචනෙට නේ.."

" දෙන්නාම නෙවෙයි අම්මා..යුග්ම විතරයි..ඒකා මොන මුරන්ඩුවා අයියාර්සි කාරයා උනත් මල්ලිගේ බැල්මක් ඇති..යුගාන් නම් මල්ලිගේ කනෙනුත් රිංගලා යයි අම්මා..ඌ හුරතලෙන් සේරම කර ගන්නවා..කට්ට වෙට්ට පිත්තල බඩුව..නෙහාර වගේ නෙහාර වගේ කිව්වාට මුගේ දහන්ගැට නෙහාරට තේරෙන්නෙත් නෑ.."

" ඌව තමා බං කෙලීට වඩා පරිස්සම් කරන්න අමාරුම.."

" ම්ම්..දැන් බයවෙන්න දෙයක් නෑ අම්මා...නෙහාර මට මැසේජ් එකක් දාලා තිබ්බා ඊයේ රෑ..එයාලා එන්න එයාපෝට් යනවා කියලා.."

" අම්මෝ ලොකු දෙයක් බං.."

" මං නම් බයේ ඉන්නේ..නෙහාර හොරෙන් මැසේජ් කලේ..ප්‍රතාප් මොකක් හරි දේකට පුපුර පුපුරලු ඉන්නේ..කොල්ලා මගෙන් මැසේජ් කරලා ඇහුවේ ඒකයි ප්‍රශ්නයක්ද කියලා..අද නෙවෙයිලු එන්න උන්නේ..ප්‍රතාප් හදිස්සියේ පිස්සු හැදිලා වගේලු එන්න ආවේ..."

" අනේ මන්දා බං..කොහොමින් කොහොම හරි එනවා නම් ලොකු දෙයක්.."

" එනවා නම් ලොකු දෙයක්..හැබැයි නෙහාර කිව්ව විදිහට පුපුරනවා කියන්නේ නම් ආවාට පස්සේ මොන නාඩගමක් නටයිද දන්නේ නෑ..අනේ මන්දා මට හොදක් දැනෙන්නේ නෑ..මං මේ නොකියා නොකියා ඉන්න හදලා අම්මාට කිව්වෙත් ඒකයි.."

යුග් (Just For You - Season 02)Where stories live. Discover now