තිස් පස්වැනි සිහිනය 💭

Start from the beginning
                                    

"අද පියුම් මාමා එන එකක් නැද්ද....??"

ඉහළට එසවුණ බෝල ඇස් වලින් මල්ලිකා දිහා බලාගෙන ඉදපු සිහිනගෙ ඒ තොල් පුංචි කාලෙ වගේම නොපිට පෙරළුනා....

"මේ වරුසාවෙ කොහෙද ළමයො ලියුම් ගේන්නෙ... ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන්න."

අදත් සිකුරාද දවසක්....ඊයෙ දවසෙම තීනු එක්ක නටලා පාන්දර ඉදන් සිහින බලාගෙන ඉන්නෙ පියුම් මාමා එනකන්......ආක්ෂගෙන් ලියුමක් ලැබිලා දැනට අවුරුදු එකහමාරක් වෙද්දි, උදේ උනා රෑ උනා දවස් කෙමින් කෙමින් ගෙවිලා ගියා...නමුත් නැවතත් ආක්ෂගෙන් ලියුමක් එනකන් සිහින තවමත් එක තැනම නතර වෙලා උන්නා....ඉතින් හැමදාමත් සිකුරාදා ට තමන්ගෙ නමට ලියුමක් ලැබෙනකන් සිහින බලන් හිටියා...

ආක්ෂ එනකන් බලාගෙන ඉදලා ඒ ඇස් වලට කොතරම් මහන්සි උනත් ගෙවී යන දින ගැනවත් නිනව්වක් නැතුව මහන්සිය නොතකා සිහින හැම දවසකම ආක්ෂ වෙනුවෙන් බලන් හිටියා...ඒත් ඒ වෙනුවට ලියුම් කඩදහියක් ආවේ වලව්වට වෙනකොට මේ කිසිවක් නොදන්න සිහින අදත් ලියුම් ඒවි යැයි සිතා මග බලාගෙන හිටියා...

"ඉතින් පියුම් මාමට ලියුම් ගේන්න බැරිනම් මන් කොහොමද මේ වැස්සෙ ඉස්කෝලෙ යන්නෙ?"

බොරු තරහක් මවාගෙන තොල් උරුක් කරමින් මල්ලිකාට උත්තර බැදපු සිහින අත් දෙකත් බැදගෙන බලාගෙන ඉද්දි මල්ලිකා සිහිනගෙ පණ්ඩිත කතාවට කට උත්තර නැතුව මොහොතක් බලාගෙන හිටියා....

"උඹ ඉස්සර වගේම පණ්ඩිතයි සිහින!"

"ඔය හදන්නෙ අද ඉස්කෝලේ නොයා ඉන්න නම් ඒවා බෑ ඔන්න...ඇදුම් තියලා ඇත්තේ ලේස්ති වෙලා ඉන්න වැස්ස පායපුවහම යන්න බැරිය...."

"හ්ම්ම්....ඒක නෙමෙයි අම්මේ...රෑ අභී අයියා හීනෙන් ඇවිත් එයා ඉක්මනින් එනවා කියලා කිව්වානෙ.."

"ඉලන්දාරියෙක් කියලා නොබලා මන් දැන් ගහනවා සිහින...!!"

"අම්මේඒඒඒ...."

උදෑසන හතට කිට්ටු වෙද්දි යන්තම් වැස්ස පායලා තිබුණා...හීනියට පොදයක් ගහන එළියට බැහැලා ඉහළගත්ත කුඩෙත් අතැතිව සිහින වතුරෙන් මඩ උන මැටි පාරේ අයින දිගේ ඇවිදගෙන ආවා......

සංසාර සිහින | TK | Nonfiction | Ongoing Where stories live. Discover now