" Boy friend කියනවා..වර්ජින් නෑ කියනවා..ආදරෙයි කියනවා..ඒත් මේ මූණ නෙවෙයි යුගාන් මං ළඟ ඉද්දි තියෙන්නේ..මෙතන එයා කේන්තියෙන් ඉන්නේ..කේන්තියට වඩා...ඒක..ඒක් නිකන්...අනේ මන්දා..ඌට ආදරෙයිලු..ඒත් මං විසිකල කේක් කෑල්ලත් අහුලන් කනවා.."

" පොඩ්ඩක් ඉන්න..පොඩ්ඩක් ඉන්න...මගේ දේවල් ගන්න පරක්කු වෙන්න එපා කිව්වා..මගේ දේවල්...මගේ දේවල්...මගේ දේවල්..."

තවත් ටික වේලාවක් කල්පනා කරමින් උන් මන්ධීර් ඇඳට වැටුනේ පසුදා උදෑසන නැවත පන්ති යෑමට අවැසි බැවිනි.







" ඕයි..."

" ඕයි...මල්ලි..."

" ඕයි...මන්ධීර්...නැගිටපාං..."

" නැගිටපං යකෝ...."

" ඒයි...නැගිටපං මල්ලී...මන්ධීර්..."

අයුක මන්ධීර්ගේ උරහිසට ඇන ඇන කතා කරත් මන්ධීර් නෙවෙයි ඇහැරුණේ.

" නැගිටපිය පොඩි පගයා...මහා පාන්දර දුම් ඇදලා ඇදලා පුක උඩ දාන් බුදි දවල් වෙනකල්..."

" ආව්...හුත්තෝ..."

මන්ධීර්ගේ පස්ස හරහා රත් වෙන්න අතුල් පාරක් වදිනකොට මන්ධීර් උඩ ගිහින් ඇහැරුණේ කුණුහරපෙකුත් කියාගෙනම.

"නැගිටපිය...නැගිටපිය...මට තියනවා ප්‍රශ්න වගයක් විසදන්න..."

" නැගිටලානේ ඕයි ඉන්නේ තව මොනාද ගහන්නේ.."

මන්ධීර් අවදි උනත් අයුක කරේ අත වදින වදින පැත්තට මන්ධීර්ට ගහපු එක වෙද්දි මන්ධීර් කේන්තියෙන් ඇදේ ඉදගත්තේ මාරයා ආවේස වෙලා..දෙවෙනි වතාවට හතරපස් වතාවක් මහා පාන්දර ඩන්හිල් දුම් ඇදපු මන්ධීර් උන්නේ තද ඔලුව කැක්කුමක වෙද්දි අයුකගේ හැසිරීම එක්ක ඔලුවේ කැක්කුමයි මානසික පීඩනෙයි නිසා මන්ධීර් උන්නේ පුපුරන්න ඔන්න මෙන්න පිම්බුණු බැලුමක් වගේ.

" ගහන්නේ..ගහන්න නෙවෙයි..හිටපං අම්මයි අප්පච්චි එනකල්.."

" මොකක්ද ප්‍රශ්නේ...?"

"ඊයේ පන්දර ඇහැරගෙන බැල්කනි එකට වෙලා සිකරට් බිව්වාද තමුසේ...?"

" ඔව්..."

" ඔව්...ඔව්...ඔව් කියන කැත බලකෝ මේකා...තාම අවුරුදු 17යි...කොහෙන්ද තමුසෙට සිකරට්..ආහ්...කොහෙන්ද..?"

යුග් (Just For You - Season 02)Where stories live. Discover now