තිස් තුන්වෙනි සිහිනය 💭

Start from the beginning
                                    

මන් ඉන්නෙ බය වෙලා කියලා තේරුණ හින්දාමද මන්දා එයා නිවුණ කටහඬකින් මෙවාන් අයියා මොකද කිව්වෙ ඇහුවත් මොකද එයාගෙ හිත ඇතුළෙ මෙවාන් අයියා එක්ක ලොකු කේන්තියක් තියෙන හැටි මන් ඒ ඇස් වලින් දැක්කා...මට කරදරයක් වෙන කෙනෙක් ගැන ඔච්චර තරහක් ඇති වෙන්න තරම් අයියා මන් ගැන හිතනවා වෙනකොට තප්පරෙන් තප්පරේ එයා වෙනුවෙන් මගෙ පපුව ගැහෙන හඬ වැඩි උනා....මන් හනිකට පපුව හරියෙන් ෂර්ට් එක මිරිකලා අල්ලගත්තා...අපි දෙන්නගෙම ඇස් තිබුණෙ එකට යාවෙලා වෙද්දි මොහොතකට මට මුළු ලෝකෙම අමතක වෙලා ගියා.

මගෙ අනික් අත තවමත් තිබුණෙ ඒ අත් අතර රැදිලා....එයාගෙ අත ගින්දර වගේ රස්නෙයි....ඒත් මගෙ අත සීතලට හුරුයි....මගේ අතින් අල්ලගෙන හිටපු ඒ අතේ නහරත් ඉලිප්පිලා පේන තරමට තදින් එයා මගේ අත අල්ලන් හිටියා උනත් මෙවාන් අයියා මගේ අත අල්ලනකොට දැනුන විදියෙ අප්‍රසන්න හැගීමක්....වේදනාවක්...මට නොදැනුනේ ඇයි කියලා මන් හිතුවා....එයා පේන මානෙ මට දැනුනෙ පුදුම ආරක්ෂාවක්....ඉතින් මගෙ පපුව එයාගෙ ආරක්ෂාවම හොයනවා වගේ දැනුනා....නුහුරු උනත් පපුව ගැහෙන මේ රිද්මෙට මම ආස කරා...ඒ වෙනස මට හොඳටම දැනුනා...

"අභී..අයියේ..."

"ඔව් ඔව් අයියා තමයි....ඌ මොකද කිව්වෙ?!!!"

එයා ටිකක් තදින් එහෙම කිව්වම මන් ලොකු හුස්මක් ගත්තා... ඔන්න දැන් මගෙ හදවත යකාගෙ කම්මල වගේ....මොකද මේ වෙන්නෙ....ඒ අස්සෙ මගෙ හීනෙ හිටපු අයියව මට මතක් උනා....මන් හොයපු ඒ රූපේ ලග මගේ හදවත ගැහෙන වේගෙටම ඇයි ආක්ෂ අයියා ලගදි මගෙ හදවත ගැහෙන්නෙ?? තාමත් මන් ඒ ගැන හිතනවා.

එයා අයියා තමයි කියද්දි මන් එයාට රැව්වත් මොකද මෙවාන් අයියා මොනවද ඇහුවේ අහනකොටම තවත් එහෙම බලන් ඉන්න බැරුව මන් අහක බලාගත්තා. මේ කුකුළ් කේන්ති කාරයට මන් මොනවද කියන්නෙ....මන් උත්තර හෙව්වා....ඇත්ත කිව්වොත් අයියා මෙතන යකා නටනවා...බොරු කිව්වොත්, ඒත් අන්තිමට ප්‍රශ්නයක්...මට එයාව නැති කරගන්න බැරි බයක් හිතට ආවා. ඉතින් මන් ඇත්තම කියන්න හිතුවා.

"එ...එදා කියපු දේ ගැන මොකද කියන්නෙ ඇහුවා...එයා මට...."

අන්තිම වචන ටික කටට නොඑනකොට මන් ඇස් උස්සලා හොරෙන් එයා දිහා බැලුවා....එයා තවමත් මගේ ඇස් දිහාම බලාගෙන වෙනකොට කියන්න ආපු දේත් මට අමතක උනා...

සංසාර සිහින | TK | Nonfiction | Ongoing Where stories live. Discover now