" අහ්..ඔඛිත අයියේ..තමුසෙත් මෙහෙද..?"
" ඔව් බං..මට කැම්පස් යන්න ලේසිනේ මෙහේ ඉදන්.."
ඔඛිත දැක්කම යුග්ම කතා කලත් යුගාන් නම් උන්නේ යුග්ම පිටිපස්සේ හැංගිලා.
" මොකෝ ලොකූ මෑන් හැංගිලා..."
ඔඛිත යුග්ම පිටි පස්සේ හැංගිලා උන්නු යුගාන්ගේ අතින් අල්ලලා ඇදලා ගන්න ගියේ යුගාන් තද කරලා යුග්මගේ ශර්ට් එකෙන් අල්ල ගනිද්දි.
" සොරි..එයා කැමති නෑ.."
යුගාන්ගේ අතින් අල්ලන් උන්න ඔඛිතගේ අත අයින් කරපු යුග්ම කිව්වේ යුගාන්ගේ අපහසුතාවය තේරුම් අරගෙන.
" මොකෝ අද අම්මාගේ පැටියා සයිලන්ට්..."
එහාට මෙහාට දුවන ගමන් කෑම බෙදන මන්දනා ඇහුවේ යුගාන් පාන් කෑල්ලක් අතේ තියන් කල්පනා කරනව දැකලා.
" මොකුත් නෑ නැන්දේ..උදේම කන්න බෑ..."
යුග්ම කාලා ඉවර වෙනකල්ම කෑම එක අත ගගා උන්නු යුගාන් නෙවෙයි ඔලුව ඉස්සුවේවත්..ඒ අතර ඔඛිතගේ නම් ඇස් තිබුණෙම යුගාන් ළඟ.
" ලොකු ඉක්මනින් කනවකෝ..අත ගානවනේ තමුසේ.."
" කාලා ඉවර නම් යමු..."
"ම්ම්..කන්න බැරි නම් මං මඟින් මිල්ක්ශේක් එකක් අරන් දෙන්නම් තමුසෙට.."
මෙච්චර වෙලා මැලවෙලා තිබුණු යුගාන්ගේ මූණේ හිනාවක් ඇදුනා.යුග්ම දිහා ටික වෙලාවක් බලාගෙන උන්නු යුගාන් යුග්මගේ කම්බුලක් මිරිකුවේ හිනාවෙවි.
" මැන්ගෝ එකක්...උම්ම්මාහ්..."
මැන්ගෝ මිල්ක්ශේක් එකක් ඉල්ලපු යුගාන් යුග්මගේ කොපුලකුත් සිප ගත්තේ හිනා වෙවි.ඒ පුංචි වෙලාවට යුගාන්ට අමතක උනා එතන ඔඛිතත් ඉන්නවා කියලා..එයා ලස්සනට හිනා වුණා.යුග්ම කට ඇද කරලා නොරිදෙන්න ඔලුවට පාරක් ගැහුවත් හිනාවුණු යුගාන් ආයෙම වතාවක් යුග්මගේ කම්බුලකට හාදුවක් තිබ්බා.
" දෙන්නාටම එකම තැනද ක්ලාස්..."
ඒ කටහඩ ඇහුණු ගමන් යුගාන්ගේ මූණේ තිබුණු හිනාව මැලවෙලා යද්දි ඔඛිත නම් උන්නේ යුගාන්ගේ මූණ දිහාම බලාගෙන.
YOU ARE READING
යුග් (Just For You - Season 02)
Non-Fiction21+ අසබ්ය වචන හා mature content අඩංගුය.
Chapter 47
Start from the beginning