03 කොටස ( bonus )

Začať od začiatku
                                    

"ඈත්තටම ගියාට කමක් නැද්ද සුදු බෙබි......"

"කමක් නැ......."

සුදු බෙබි කමක් නැ කිව්වම උඩ පැන පැන දුවලා මම සුදු බෙබි ලගට ගිහින් එයාගෙ අතෙ එල්ලුනා.

"ඇත්තටම කමක් නෑද......"

"ම්ම්ම්......"

"හි හි මගෙ හොද සුදු බෙබි....... ම්ම්ම්ම්මා......!

සුදු බෙබිගෙ අතින් ඇදලා පහත් කරන් කම්මුලට හාදුවක් දුන්න මන් දුවලා වත්ත පහලට යන්න ගියා

"හැබැයි මාත් එනවා....."

ආයෙත් මග නැවතුන මම කටත් ඇරන් සුදු බෙබි දිහා හැරිලා බැලුවේ එයා ඇත්තටම යන්න එනවා කිව්වද කියලා හිතා ගන්න බැරුව. මොකද සුදු බෙබි කවදාවත් මන් වගෙ ගමෙ අනිත් අයත් එක්ක ආශ්‍රයක් තිබ්බ කෙනෙක් නෙවෙයි වගෙම වලව්වෙන් පිට ගමෙ කොහෙවත් ගිහින් නැ. මම කට ඇරන් බලන් ඉද්දි මන් ලගට ආව සුදු බෙබි මගෙ නිකටට අත තියලා මගෙ කටත් වහලා ඉස්සර වෙලා යන්න ගියා. ඇත්තටම එයා එනවා කියලා තෙරුන නිසා මම දුවලා ගිහින් සුදු බෙබිගෙ අතෙ එල්ලිලා එයා එක්ක යන්න ගත්තා.

"ඇත්තටම සුදු බෙබි මේ මන් එක්ක අඹ කන්නද යන්න එන්නේ......"

"ම්ම්ම්ම්ම්....."

"අඩෙ මරු අප්පා...... ඔයාට කියන්න සුදු බෙබි මගෙ යාලුවොන්ගෙ අයියලත් වෙලාවකට ඇවිත් අපිට අඹ කඩලා දෙනවා...."

"ම්ම්ම්ම්...."

"අද මගෙ සුදු බෙබිත් මට අඹ කඩලා දෙන්න මන් එක්ක යන්න එනවා...... මට හරි සතුටුයි......"

මම එහෙම කිව්වම මන් දිහා බලුව සුදු බෙබි  මගෙ කොන්ඩෙ අව්ල් කරලා මාත් එක්ක හින උනා. සුදු බෙබිගෙ අතෙ එල්ලිලා මම ගොඩක් දෙවල් එයා එක්ක කියව කියව වලව් වත්තෙන් පාටර ඇවිත් කුඹුර දිහාවට යන්න ගත්තා.

"සුදු බෙබි අර.... එ පෙර ගහේ ගෙඩි පිරිලා....."

"සපුට පේර ඔනිද....."

"ඔව්නේ..... ඔහොම ඉන්නකෝ මම සුදු බෙබිටත් එක්ක කඩන් එන්නම්......."

පාර අයිනේ තිබ්බ ලොකු පෙර ගහක් පෙන්නුවම සුදු බෙබිත් එක දිහා බැලුවා. එකෙ ගෙඩි පිරිලා ඉදිලා තිබ්බ නිසා මම සුදු බෙබිටත් එක්ක කඩන්න ගහට නගින්න හැදුවම මාව නැවැත්තුව සුදු බෙබි සරම කැහැපොට ගහ ගහන් ගහට නැගලා ගෙඩි කඩාගෙන මගෙ අතට දාන්න කිව්වම බිමට නොදා සරම් ගැටෙ අස්සෙ ඔතාගෙන ගහෙන් බැස්සා. බැහැලා මන් ලගට ඇවිත් සරම් ගැටෙ අස්සෙන් ලොකු පෙර ගෙඩියක් අරන්  එකෙ කුඹි ඉන්නවද බලලා රොඩු අයින් කරලා සරමෙන් ගෙඩිය හොදට පිහ දලා මගෙ අතට දුන්නා. හිනා වෙලා පෙර ගෙඩිය අතට ගත්ත මන් සුදු බෙබිගෙ අතින් අල්ලන් එක කන ගමන් යන්න ගත්තා.

සපූ 🌼   Yizhan | Nonfiction Where stories live. Discover now