14 කොටස

391 65 20
                                    


ගස් වැල් වලින් වට උන ගමේ ඉදලා අහස උසට බිල්ඩින් නැගුණ ගෙන්දගම් පොලවට පය ගහන්න යන්න මම ලැස්ති උනා. සටර් එකට ඔලුවත් හෙත්තු කරන් පහු වෙලා යන වාහන, ගෙවල්, මිනිස්සු දිහා මම ඔහෙ බලන් හිටියේ මගෙ හිත නොසන්සුන් නිසා. එ ගැන තෙරුම් ගත්තා වගෙ ලොකු හාමුවත් සුදු බෙබිවත් මට වචනයක් නොකියා ඉස්සරහට වෙලා ඉදගෙන එ දෙන්නා තනියම කතා කරන්න ගත්තේ මම මගෙ හිත එක්ක ඔහේ තනි වෙද්දි. කොලඹට ලන් වෙන්න ඔන්න මෙන්න තියලා මම බලන් හිටියේ පරෙ එහා මෙහා යන මිනිස්සු නිසා. පාන්දර වලව්වෙන් පිටත් උනත් දැන් වෙලාව හතට අටට වගෙ ඇති. මිනිස්සු කලබලයෙන් එහා මෙහා යන්නෙ තමන්ගෙ රස්සවල් වලට යන්න පිටත් වෙන්න හිතන් වෙන්න ඇති. බස් හොල්ට් වල බස් නතර කරාම බස් එකට ගොඩ වෙන්න පොරකන මිනිස්සුයි, සැප පහසුවට තමන්ගෙ වාහන වල යන මිනිස්සුයි දිහා මම ඔහේ බලන් ආවා. ට්‍රැෆික් ලයින් එකකට අපි අහු වෙද්දි එලිය බලන් හිටිය මම දැක්කෙ නවත්තලා තියෙන වාහන ලගට ගිහින් අත දික් කර කර මොන මොනවද කියන පුංචි ළමයි දෙන්නෙක්. අනේ දෙයියනේ. මගෙ පපුව නතර වෙන්න වගෙ ආවා. කුණු දුවිලි වැදිලා පරණ වෙලා ගිය ඇදුම් ඇදගෙන කොන්ඩෙත් අව්ල් කරන් පොඩි කෙල්ලෙක් එයාට වඩා ටිකක් බාල පොඩි එක්කෙනෙක්ගෙ අතින් අල්ලන් කාර් එකට අත් දික් කරලා මොනවාද කියනවා කර් එකෙ ශටර් එක ලාවට ඇරිලා එ ළයමයගෙ අත උඩට රුපියල් විස්සක් ඇතුලෙ ඉන්න කෙනෙක් අත් ඇරලා ආයෙත් ශටර් එක වහ ගත්තේ හිතට දැනෙන මහා බර හැගීමකින් මම එ දිහා බලන් ඉද්දි. හදිස්සියෙවත් අම්මා මාව හොස්පිටල් එකෙ දලා ගිය දවසේ මාව ලොකු හාමු අරන් හදා ගන්න නොගත්තනම් මමත් මෙහෙම ඉන්න තිබුනා නෙද මොහොතට මට කියලා හිතුනා. වාහන බ්ලොක් එක අයින් වෙලා කාර් එක යන්න ගද්දි මම පිටි පස්ස විදුරුවෙනුත් අර ළමයි දෙන්නා දිහා බැලුවා. පාරෙන් පෙමන්ට් එක උඩට දුවන් ගිය එ ලමයි දෙන්නා හොල්ට් එකට වෙලා හිටිය ගැනු කෙනෙක් අතට අර එකතු කර ගත්ත සල්ලි දුන්නේ, හොල්ට් එකට වෙලා විටක්ද කොහෙද කන ගමන් හිටිය එ ගැනු කෙනා පැත්තකට කෙල ගහලා එ සල්ලි ටික අතට ගද්දි. එ දේ දැක්ක මගෙ හිතට ආපු ලොකුම ප්‍රශ්නෙ උනේ එ හිටියේ ඒ ළමයින්ගේ අම්මද නැත්තම් වෙන කෙනෙක්ද කියන එක. අම්මා කෙනෙක්ට පුලුවන්ද තමන්ගෙ ළමයින්ව මෙහෙම පාරෙ තව කෙනෙක් ලග පිංසෙන්ඩු වෙනවා බලන් ඉන්න. එත් ඒ හිටියේ ඒ ළමයින්ගේ අම්මානම් මන් මගෙ අම්මට පිං දෙනවා මාව ඔය තැනට පත් නොකර කෙනෙක්ට හදා ගන්න හරි මාව අත ඇරලා ගියාට. බර හුස්මක් පිට කරලා ආයෙත් ශටර් එකට ඔලුව හෙත්තු කර ගත්ත මම ජනෙලෙන් එළිය බලන් යන්න ගියේ ඉස්සරහට මගෙ ජිවිතේට මොන මොනවා වෙයිද කියලා හිතන ගමන්.

සපූ 🌼   Yizhan | Nonfiction Where stories live. Discover now