42 කොටස

405 59 22
                                    

අම්මගෙ කැමැත්ත මටයි සුදු බෙබිටයි ලැබුනට පස්සෙ අපි දෙන්නම හිටියේ මාරම සතුටින්. මොකද අපේ සම්බන්ධයට අකමැති වෙයි කියලා හිතන්න පුලුවන් කෙනෙක්ට හිටියේ අම්මා විතරයි.

ඉතින් දැන් ඒ ප්‍රශ්නෙත් විසදුන නිසා මම හිතනවා අපේ සම්බන්ධයට දැන් කිසිම බධාවක් නැ කියලා. ඉන්නවනම් එත් ඒ ලොකු මැනිකේ විතරයි.

ඉතින් හැම ප්‍රශ්නයක් විසදුනාට පස්සෙ අම්මගෙත් කැමැත්ත ඇතුව මම සුදු බෙබි එක්ක ආපහු ලංකාවට එන්න පිටත් උනා.

මම එද්දි අම්මා මාව බදාගෙන ඇඩුවත් එයත් ඉක්මනට ආපහු ලංකාවට එන්නම් කියලා කියන ගමන් අපිට සමු දුන්නා.

"අනේ රශි බලන්නකෝ..... දැන් අපි මොකද කරන්නේ.... මටනම් බැ මෙකත් එක්ක එකට ඉදගෙන යන්න....."

"මටත් උබ එක්ක ඉදගෙන යන්න ඔනි කමක් නැ සහස්න....."

ෆ්ලයිට් එකට නැන්ගත් මොකද සිට් වෙන් වෙලා තිබ්බ විදිහට සහස්න මුන එල්ල ගන්න ගත්තේ මමයි සුදු බෙබිනම් අපි දෙන්නට වෙන් උන සිට් වල එක ලග ඉද ගද්දි.

සහස්න එක්ක හසිත් බෙබි එක සිට් එක්කට වැටිලා ඉද්දි. සයුල් මල්ලි රශෙන් අයියා එක්ක වැටිලා තිබ්බා. ඒ නිසාම හසිත් බෙබි එක්ක යන්න බැ කියලා සහස්න කියවන්න ගත්තේ ඇතුලේ හිටිය අනිත් අයත් සහස්න දිහා හැරි හැරි බලද්දි.

වයස ගියත් මොකද මේ යකා එන්න එන්න දොන්තයා වෙනවා. මේ හැමදේටම මුල ඉතින් වෙන කවුරුත් නෙවෙයි රශෙන් අයියම තමා.

"සහස්න අයියා ඔයා මගෙ හිට් එක ගන්න.... මම හසිත් අයියා එක්ක යන්නම්....."

"අනේ ඇත්තටමද පැටියෝ...."

"ඔව් ඔයා මගෙ සිට් එකට යන්න...."

"අනේ තැන්‍යු බට්ටෝ.... ඔයාට අව්ලක් නැ කියලා ශුවර් නෙද....."

"ඔව් ඔව් ඔයා යන්න....."

සයුල් මල්ලි එයාගෙ ශිට් එක සහස්නට දිලා හිනා වෙලා ගිහින් හසිත් බෙබි ලග ඉද ගත්තා. එත් හසිත් බෙබි සයුල් මල්ලිව දැක්කෙ නැ වගෙ උගුර පාදලා අහක බලා ගත්තේ මම මේ හැම දේම මම ඉදන් හිටිය ශිට් එකට දනහිස තියන් පිටිපස්ස හැරිලා බලන් ඉද්දි.

සපූ 🌼   Yizhan | Nonfiction Where stories live. Discover now